ලංකාවට නිදහස දිනා දුන්නේ අපයි..- එජාපය කියයි..

January 8, 2018 at 5:30 pm | lanka C news
ලංකාවට නිදහස දිනා දුන්නේ අපයි..- එජාපය කියයි..

මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවට නිදහස ලබාගත්තේ එරටින් කොටසක් අහිමි කරගෙන නමුත්, එජාපයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් සියලුම ජාතීන් එක්සත් කරමින් නොබෙදුනු ශී‍්‍ර ලංකාවකට නිදහස උරුම කරදුන් බව ඇමති දයා ගමගේ පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා එජාපයෙන් තරග වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඊයේ නුගේලන්ද, රජගලතැන්න, ගොනාගොල්ල, ප‍්‍රදේශවල පැවති ප‍්‍රචාරක රැලි අමතමින් ඔහු ඒ බව කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ බලය පවත්වා ගැනීමට සියළුදෙනා බේද කරමින්, එජාපය පවා දෙකඩ කිරීමට උත්සාහ කළ බව කී ගමගේ මහතා, ඔහුගේ දැන් ප‍්‍රයත්නය වන්නේ ද කෙසේ හෝ පොහොට්ටුව (ශී‍්‍රලපොපෙ) දිනවීමට බව පෙන්වා දුන්නේය.

නමුත්, එය කිසිදා නොපිපෙන පොහොට්ටුවක් වන බව හෙතෙම කීය.

වත්මන් පාලනය රට වෙනුවෙන් අත්පත් කරගත් දේ විස්තර කරමින් ඇමතිවරයා පැවසූයේ, පසුගිය රජය වෙන් කළ මුදල මෙන් දෙගුණයක් දැන් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, මෙරට හොඳම බස් නැවතුම්පොල අම්පාර නගරයේ ඉදි කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත් වන බව කීය.

එම කටයුත්ත සඳහා යැයි පවසමින් පසුගිය ආණ්ඩුව සමයේ දැයට කිරුළ ප‍්‍රදර්ශනයෙන් වෙන් කළ බව කියන රු. මිලියන 250ක මුදලකට වූ දෙයක් නැතැයි ද ගමගේ මහතා පැවසීය.

අම්පාර දිස්ති‍්‍රක්කයේ ඉතිහාසය පෙන්වා දෙන කෞතුකාගාරයක් සහ නවීන පහසුකම්වලින් යුත් ශ‍්‍රවණාගාරයක් සහිත නගර ශාලාවක් රු. මිලියන 1,000ක වියදමකින් ඉදි කිරීමට සැලසුම් සකස් කර ඇති බව ද හෙතෙම කීය.

එමෙන්ම, උහන වීරගොඩ ප‍්‍රදේශයේ අක්කර 250ක භූමිභාගයක කර්මාන්තපුරයක් පිහිටුවීමට ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කීය.

– ජෝර්ජ් ද සිල්වා

28 views

6 Comments to “ලංකාවට නිදහස දිනා දුන්නේ අපයි..- එජාපය කියයි..”

  1. PISSU pusa says:

    He is looking contracts and governments money not the country

    • Puravasi says:

      Ujaaruven ehema kivvata a nidahasa nathnam UNP eke ada inna mati gobilanta avurudu 70 pirenakota mulu ratama vikunagena kanna labenne naha ne.Nidahas gattha vagema rate jaathiya aagama loka kaapaaluvanta vikineeme nambuvath me gobilo UNP ekata himi karala ivarai.

  2. NARAYANA says:

    Is it by robbing the central bank ?

  3. sinha le says:

    මෙය කොතරම් අද දිනටත් අදාල නොවන්නේද?:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.…..”

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි”

    අනගාරික ධර්මපාල තුමා

  4. ඇත්ත says:

    1948 සුද්දන්ගෙන් කලු සුද්දන්ට නිදහස ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. සිංහලයන් නිදහස ලබා ගන්නේ කවදාද?

  5. parakum says:

    Yes, a son of a BOOK LICKKER spoilt it for all of us in 1956.

Main News