ලංකාවට පලස්තීනයෙන් ඖෂධ ආනයනයට සාකච්චා..

April 23, 2017 at 2:05 am | lanka C news
ලංකාවට පලස්තීනයෙන් ඖෂධ ආනයනයට සාකච්චා..

පලස්තීන රජයේ ආසියා, අප්‍රිකා සහ ඔස්ට්‍රෙිලියා කළාපීය සහාය අමාත්‍ය වෛද්‍ය Mazen M.A Shamayah මහතා ඇතුලු පලස්තීන රජයේ නියෝජිත පිරිසක් ඊයේ (22) පස්වරුවෙි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සාකචිඡාවක් පැවැත්වීය.

මෙහිදී පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සහෝදරත්වය පිළිබදව දිර්ඝ ලෙස සාකචිඡා කෙරුනි.

පලස්තීන රජයේ ඖෂධ කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන ඖෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබදව මෙහිදී සාකචිඡා විය. එම ඖෂධ ඇමරිකා එක්සත් ජනපදය පවා පිළිගෙන ඇති බව පලස්තීන නියෝජිත කණ්ඩායම මෙහිදී පෙන්වා දූන්හ. මෙම කර්මාන්ත ශාලා වෙනත් රටවල ස්ථාපිත කර ඇති බව ද මෙහිදී අනාවරණ විය. ඖෂධ ගෙන්වීම පිළිබදව එකඟතා ගිවිසුමක් ලබන ඔක්තෝබර් මාසයේ දී අත්සන් කිරීමට ද මෙහිදී අවදානය යොමු කෙරිනි. මෙි පිළිබද සොයාබැලීම සදහා පලස්තීනයේ සංචාරයක නිරත වන ලෙස එම නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. පලස්තීනය පිළිබදව ලක් රජය දරන ස්ථාවරය ඇගයීමට ලක් කළ මෙම නියෝජිත පිරිස ඊට ස්තූතිය ද පුද කළහ.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

6 views
Main News