ලංකාවට පැනවූ සංචාරක තහනම චීනය ඉවත් කරයි.. නමුත් ප‍්‍රවේශම් වන්නැයි කියයි..

May 26, 2019 at 8:02 am | lanka C news
ලංකාවට පැනවූ සංචාරක තහනම චීනය ඉවත් කරයි.. නමුත් ප‍්‍රවේශම් වන්නැයි කියයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු චීන ජාතිකයන්ට මෙරටට පැමිණීමට සම්බන්ධයෙන් සංචාරක තහනමක් පනවා තිබිණ.

එම තහනම චීනය විසින් ඊයේ දිනයේ ඉවත් කරනු ලැබ තිබේ.

සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා සහ මෙරට සිටින චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තහනම ඉවත්කර ඇත.

නමුත් එම සංචාරය සංචාරක තහනම ඉවත් කර ඇත්තේ මෙරට සංචාරය කිරීමේදී චීන ජාතිකයන්ට ප්‍රවේශම් වන ලෙස දන්වමිනි.

කෙසේ නමුත් තවත් රටවල් ගණනාවක් විසින් පනවන ලද සංචාරක තහනම තව දුරටත් ක‍්‍රියාත්මකය.

16 views

One Comment to “ලංකාවට පැනවූ සංචාරක තහනම චීනය ඉවත් කරයි.. නමුත් ප‍්‍රවේශම් වන්නැයි කියයි..”

  1. LION says:

    අපේ ආදී මිතුරු බෞද්ද චීනයට අපේ ප්‍රණාමය

Main News