ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…

July 3, 2019 at 2:10 pm | lanka C news
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග මහතා සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගියහ.

අද උදෑසන 10ට පමණ මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ මහතා හමුවන අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පැමිණ සිටියේය.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව කියා ඇති රාජපක්ෂ මහතා සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද සිය සුවදුක් විමසීමට පැමිණි බව කියා ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගේඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී පැහැදිලි කර තිබේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත් ඔවුන්ගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් රාජපක්ෂ මහතා මෙහිදී  අවධාරණය කර ඇත.

– ප‍්‍රදීප් අනුර කුමාර

98 views

50 Comments to “ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…”

  1. Puravasiya says:

    The problem is most of the guys who visited you at the hospital are thieves and criminals. How can you run a government with this type of characters?

    • The Criminal says:

      I thought that the greatest robbers on SL soil are Ranna Ponil, Malika, Raviya, Kiriallaya,
      Aalaapaaluwa and Banana Sujiya.

  2. Nim says:

    JAYAWEWA
    THERUWAN SARANA WEWA
    SRI LANKA WE
    PINATA PAHALA WU
    OBA THUMATA.
    JAYAWEWA.

  3. SLW says:

    මේ මන්ත්‍රීවරු සුව දුක් බලන්න සිංගප්පුරු ගියේ තමන්ගේ වියදමින්ද නැත්නම් ජනතාවගේ වියදමින්ද?

    • Kamal says:

      ඒක අහල දැනගනින් කතානායක කරු මයාගෙන්!

    • damian says:

      විපක්ෂ මන්ත්‍රීවරයකුට විදෙස් ගමන් සදහා මුදල් දෙනු නොලැබේ . ආණ්ඩුවේ සමහර අය නම් පුද්ගලික ගමන් ගොස් බොරු ක්ලේම් කර ප්‍රොජෙක්ට් වලින් සල්ලි ගන්නවා .

  4. නිළමේ says:

    රට ජාතිය ආගම ගලවාගැනීමේ සිංහලයින් ගේ එකම විශවාසය ගෝටාබය මැතිතුමයි!

  5. Patriotism says:

    Definitely People need Naga… Not Gota…

    • Gayantha says:

      Custom එකේ වැඩ කරද්දි වංචාවකට අහුවෙලා ඒකෙන් පන්නපු පට්ට හොරෙකුට ඡන්දෙ දෙන්ඩ මේ රටේ මිනිස්සු
      ගොන්නු කියල උඹ හිතුවද?

  6. Buddika says:

    Well done 😊 Gota

  7. Kara says:

    Dan janatgawata one brand new leadership ekak. Nagananda 2020 janadipathi. . Apiata one Naga.Gota epa…

  8. Saradiel says:

    බුදු සරණයි ඉක්මන් සුවය පතමු

  9. Buddika says:

    👌 well done Gota

  10. Lionel Dholapihilla says:

    Get well soon and come back to save our motherland from the bane of Yahapalana regime.

Main News