ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..

July 15, 2017 at 1:20 pm | lanka C news
ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ.

එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.

ඒ සමගම එමර්සන් මහතා විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඊට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

තමා කතා කරන්නේ එමර්සන් මෙන් එක එක්කෙනාගෙන් අසාගත් තොරතුරු මත නොවන වාර්තා, සංඛ්‍යාෙල්ඛණ මත පමණක් බව පවසා ඇති අධිකරණ ඇමතිවරයා, බන්ධනාගාරගතව සිටින දරුණු ගනයේ කොටි සැකකරුවන් කිසිසේත්ම නිදහස් නොකරන බවද ප්‍රකාශ කර ඇත.

යුධ අපරාධ පිළිබදව ගන්නා පියවර කුමක්දැන් බෙන් එමර්සන් මහතා විමසූ අවස්ථාවේ “අපි යුධ අපරාධ කරල නෑ.. ඉස්සෙල්ලා බ්‍රිතාන්‍ය අගමැතිණී තෙරේසා මේ ට කියන්න යුද අපරාධ හොයන්න කියලා. තෙරේසා මේ කීවා වගේ අපිත් කියනවා, අපි අපේ හමුදාවට එරෙහිව වැඩ කරන්නේ නෑ කියල“ යැයි අධිකරණ ඇමති විජේදාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

“මම මාධ්‍ය හමුවක් තියල කියනව ඔබ යූ.එන්. එකට සහය දෙන්නේ නෑ කියලා“ බෙන් එමර්සන් එසේ ප්‍රකාශ කරද්දී “මාධ්‍ය හමු එකක් නෙවෙයි සීයක් තියල කියනවා“ යැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, ඉන් පසුව බෙන් එමර්සන් සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇත.

– lankadeepa/colombotoday

112 views

20 Comments to “ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..”

  1. සම්පත් says:

    තවත් යහපාලනයේ නාඩ ගමක් ..විජේදාස කියන සතාව නම් සත පහකට විශ්වාස කරන්න බැහැ..ඌ දැන් ඔය නටන්නේ මේ ආන්ඩුවේ එක් නැට්‍යකට පමනයි සල්ලි දෙනව නම් අසුචිත් කයි

    • kamalsiri kuruwita says:

      Hats off to the Hon. Minister. That white donkey thinks still we are under their rule. We are very happy because at least there was one person in the whole government , who had the back bone and guts to teach this tamil diaspora puppets a good lesson .

  2. Deshapremiya says:

    He would have learned a good lesson this time. Others also should follow. Hats off to the Hon. Minister.

  3. Dumindu says:

    well done lions…

  4. somapala says:

    ආන්න කොන්ද ඇති රටට ආදරය කරන ඇමති කෙනෙක් බව මෙතුමා පෙන්නුවා

  5. No name says:

    මට ටිකක් පරණ කථාවක් මතක් උනා..
    ඒ කාලෙ කෝස් එකක් කරන්න අපි සෙට් එකක් බෝඩිමක හිටියා මාලඹේ.. ඔහොම ඉන්නකොට එක දවසක් ඒරියා එකටම වතුර කැපුවා.. තිබුන රස්නෙ හැටියට ඉන්න අමාරුයි.. කට්ටිය කථා වෙලා අවසාන තීරණේකට ආවා තලංගම වැවට නාන්න යන්න හිටං.. ඉතින් ඔහොම නාන්න යන ගමන් මගින් ඩිස්කේ අමටඩිස්කේ කියලා බෝතලේකුයි අඩුම කුඩුම ටිකකුයි දාගත්තා…
    කොහොම හරි වැව ලඟට ගිහින් විනාඩි 5ක් ගියේ නෑ එතැන්ට පහත් උනා සිවිල් පොලිස් මහත්තුරු දෙන්නෙක්.. විනාඩි දහයක් යන කොට සෙට් එකම තලංගම පොලිසියේ කූඩුවේ.. චෝදනාව ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම..
    කට්ටියම වෙච්ච වැඩෙන් අන්දමන්ද වෙලා ඔහොම කූරු ගණං කර කර ඉන්න කොට එක පාරට පොලිසිය ඇතුලට ආවා රටේ ප්‍රසිද්ධ එස්එස්පී මහත්තයෙක්… එතකොට එයා තමයි නුගේගොඩ කොට්ඨාශෙ පොලිස් කෙරුමා.. මෑන් එන ගමන් කූඩුව දිහාත් ඕනැකමින් බලලා තමයි ඕඅයිසීගෙ කාමරේට ගියේ..
    ටික වෙලාවකින් මෑන් ආපහු ගියා.. පස්සෙ තමයි කාරණාව එළියට ආවෙ..
    එස්එස්පී මහත්තයා හදිසියේම පොලිස් විසිට් එකක් දාගෙන.. ඕඅයිසී මහත්තයා පොලිසියට එනකොට කූඩුව හිස්ලු.. මෑන්ට යක්ෂාරූඩ උනාලු.. හිටපු සෙට් එකටම බැනලා කිව්වලු පැය භාගයක් යන කොට කූඩුව පුරවපිය නැත්නම් එස්එස්පී මහත්තයාට මළ පනියි කියලා හිටං… ඒකට බිලි බෝයිලා උනේ අපි.. ලොකු සෙට් එකකුත් හිටපු නිසා එක ගලෙන් කූඩුවත් පිරුනා.. ඕඅයිසී මහත්තයත් සතුටුයි.. එස්එස්පී මහත්තයාත් සතුටුයි..
    මට මේ සීන් එක මතක් උනේ.. ඊයෙ පෙරේදා මෙහේ කන්ට්‍රි විසිට් එකක් දාලා යන්න ආපු යූඑන් සුද්දගෙ මාධ්‍ය සාකච්ඡාවයි.. අවසාන යුද්ධයේ නාවික විශේෂ බලගණයේ මෙහෙයුම්කරු කමාන්ඩර් ඩී කේ පී දසනායක හදිසියේ හිරේ යැවීමේ පුවතයි බැලුවම..
    යූඑන් සුද්දා මෑන්ගෙ මාධ්‍ය සාකච්ඡාවෙදි කියනවා තාම ඕනැම ඈයො දඬුවම් නොදී එළියෙලු.. එයැයිලට දඩුවම් දෙනවා කියලා පොරොන්දු උනාලු.. එක්කෙනෙක්ව ඊයෙ දැම්මයි කියලා හිටං…

  6. lanka says:

    Wije is the 2020 presidential common candidate….Excellent selection by KALUSUDDO…

  7. Notthischange says:

    Well, you are still Rajapakse even though you play for a different side. Come to the right side…

  8. Toma says:

    Well done minister.

Main News