ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..

July 15, 2017 at 1:20 pm | lanka C news
ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ.

එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.

ඒ සමගම එමර්සන් මහතා විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඊට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

තමා කතා කරන්නේ එමර්සන් මෙන් එක එක්කෙනාගෙන් අසාගත් තොරතුරු මත නොවන වාර්තා, සංඛ්‍යාෙල්ඛණ මත පමණක් බව පවසා ඇති අධිකරණ ඇමතිවරයා, බන්ධනාගාරගතව සිටින දරුණු ගනයේ කොටි සැකකරුවන් කිසිසේත්ම නිදහස් නොකරන බවද ප්‍රකාශ කර ඇත.

යුධ අපරාධ පිළිබදව ගන්නා පියවර කුමක්දැන් බෙන් එමර්සන් මහතා විමසූ අවස්ථාවේ “අපි යුධ අපරාධ කරල නෑ.. ඉස්සෙල්ලා බ්‍රිතාන්‍ය අගමැතිණී තෙරේසා මේ ට කියන්න යුද අපරාධ හොයන්න කියලා. තෙරේසා මේ කීවා වගේ අපිත් කියනවා, අපි අපේ හමුදාවට එරෙහිව වැඩ කරන්නේ නෑ කියල“ යැයි අධිකරණ ඇමති විජේදාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

“මම මාධ්‍ය හමුවක් තියල කියනව ඔබ යූ.එන්. එකට සහය දෙන්නේ නෑ කියලා“ බෙන් එමර්සන් එසේ ප්‍රකාශ කරද්දී “මාධ්‍ය හමු එකක් නෙවෙයි සීයක් තියල කියනවා“ යැයි අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර, ඉන් පසුව බෙන් එමර්සන් සාකච්ඡාවෙන් නැගිට ගොස් ඇත.

– lankadeepa/colombotoday

112 views

20 Comments to “ලංකාවට බොරු චෝදනා කල UN ලොක්කාට ඇමති විජේදාස මහ රැජිනත් මතක් කර බැණ පන්නා දමයි..”

  1. SAD TRUTH says:

    සුද්දට දන නැමුවොත් ඌ හිතන්නේ වහලෙක් කියලා. තවත් තලනවා.
    සුද්දත් එක්ක කෙලින් කතා කලොත් ඌ හිතන්නේ සම තත්වයේ එකෙක් කියලා.
    එතකොට ඌ රෙස්පෙක්ට් කරනවා.

  2. CHANDA says:

    පසුගිය ආණ්ඩු පෙරළියත් සමග රට ට සිදු වී ඇති බරපතල අර්බුදවලින් ගොඩ එන්න පුලුවන්නම් කොච්චර වටිනවද? ජනතාව අවදි වෙනවානම් කොච්චර වටිනවද? නමුත් තාම රටේ විවිධ ස්තර වලට අයත් බහුතර පිරිස අන්ත කුහක ගුණමකු අඳ බාලයන් , ඇඟ පුරා මොලේ. එබැවින් නට්ටන් වෙන්න හරින එක හැර කුමක් කරමුද !. මෙවැනි සංවාද මණ්ඩපවලදී වුව ප්‍රගතිගාමී අදහසකට උනත් අකුල් හෙලමින් ඇතැම් කොමෙට් කාරයොත් බරපතල අගති ගාමි පහත් මට්ටක ඉන්නවා දකින්න ලැබීමත් හරිම විෂ්ම ජනකයි. යහපාලෙනට කැමැත්ත දී වැඩි ඡන්දෙන් බලයට පත්කරගත්තනම් තාමත් එහි බරපතල කම නොතෙරේනම් විදවපියව්.

  3. Dayani says:

    Hats off to you Hon. Minister Wijedasa, as the bogus war crimes and UN getting involved without studying the true factors of the reason, why a war had to be fought.!!! It looks like the UN is highly prejudiced as they are blind to see the horrible atrocities hapenning all over the world.!!!
    I wonder why the UN is making a mountain out of a mole and accusing our country, when there are plenty of war crimes occurring around the world, and it’s their job to look into those atrocities.!!!

  4. Nimal R says:

    Please don’t be deceived by acting of Wijedasa who is like Rathana and Pa Cha Ranawaka

  5. Aravinda says:

    Respect to you

  6. Liston says:

    Monarawila kappetipola disawsth 1815 givisumata athsankara.

    Eath passe 1818 wenakota thamungen veccha varaddha nivaradhikaranna idiripathwela jathika veerayek vage miyagiya.

    Vijedasa mahaththayath 2015 maha jathika pawadeemata hawul wuna.

    Ethumatath thamungen veccha varaddha

  7. ExUNPer says:

    Excellent !

  8. Gotaimbara says:

    Well said Mr Wijedasa. The entire cabinet should talk like this. Emmeson resigned from a child abuse inquiry due to suspected abuse charges.

    When they come to our countries they expect us to hero worship them. Get lost Emerson.

Main News