ලංකාවට විලිලැජ්ජා වාර්තාගත දරුණු පරාජයක්.. ඉන්දියාවේ එක ඉනිමක ලකුණු ගහන්නට ලංකාවට ඉනිම තුනකුත් මදි වෙයි..

November 27, 2017 at 1:20 pm | lanka C news
ලංකාවට විලිලැජ්ජා වාර්තාගත දරුණු පරාජයක්.. ඉන්දියාවේ එක ඉනිමක ලකුණු ගහන්නට ලංකාවට ඉනිම තුනකුත් මදි වෙයි..

ඉන්දීය කණ්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ඉන්දියවේ නාග්පූර් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 239කින් පරාජයට පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සිය මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 205ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 610ක් ලබා ගත්තේය.

ඉනිමක පරාජයෙන් බේරීම සදහා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 405ක් ලබා ගත යුතු වුවත් ශ‍්‍රී ලංකා පිල සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.

ඒ අනුව තරගයේ තවත් එක් දිනයක් ඉතිරිව තිබියදී ඉන්දීය කණ්ඩායම තරගය ජයගත් අතර තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ඉන්දීය පිල ඉදිරියෙන් සිටී.

ලකුණු පුවරුව මෙතනින්

7 views

7 Comments to “ලංකාවට විලිලැජ්ජා වාර්තාගත දරුණු පරාජයක්.. ඉන්දියාවේ එක ඉනිමක ලකුණු ගහන්නට ලංකාවට ඉනිම තුනකුත් මදි වෙයි..”

  1. Gunaruwan says:

    Oya Kandayamata Lankawa kiyala nama dammata Dan gahanne bahutarayak Kolomba pasal wala aya, wisheshenma pithikaruwo. me match eke bat karapu palamu 4 denagen thun denek ekama pasale cricket gahapu aya (Dimuth, Sadeera, Mathews). Ithin api hitha narak kara ganne narakayi, owa gana wadiya hithala. Mokada anith kandayama koti 100 janathawak inna Iniyawa niyojanaya karanne. Godak welawata eka pranthekin ekkenek thamayi jathika inne kandayame.

  2. Ks says:

    Obata sathutuida Dan………….

  3. Ruwan says:

    This is the reality of the GAME! Please, note that Indian’s are World Number 1 and we are at Number 7.

  4. Lanka says:

    All these happened when they play with India any where in the world.Do you feel something?

  5. Moosalaya says:

    “Mathews” sambandayen kata karana wanam ekawa team eken ain karanna one. Kiyanne nam “allrounder” kiyala. Ball daannet ne. Lakunu 100k gahagannawat beri Mathews wage namata vitarak “allrounders” wedak ne team ekata.

  6. Ga says:

    Rllasirita Jayapita Jaya.

  7. Saradiel says:

    එන තරග ජය පතමු

Main News