ලංකාවට විශාල වට්ටමක් සහිතව ඉන්ධන දෙන්න රුසියාව සූදානම්.. මසකට ඩොලර් මිලියන 300ක..

July 27, 2022 at 10:02 pm | lanka C news
ලංකාවට විශාල වට්ටමක් සහිතව ඉන්ධන දෙන්න රුසියාව සූදානම්.. මසකට ඩොලර් මිලියන 300ක..

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් මෙරට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් තිබේ.

එම රුසියානු සමාගම විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර ඒවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් ණයට දීමට එම සමාගම සූදානම් බව දන්වා එවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම ඉන්ධන සදහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා අඩු මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් රුසියානු යෝජනාවට තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ නීත්‍යානුකූලභාවය නොසලකා අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද පැවැති විවාදය අමතමිනි.

127,888 views

27 Comments to “ලංකාවට විශාල වට්ටමක් සහිතව ඉන්ධන දෙන්න රුසියාව සූදානම්.. මසකට ඩොලර් මිලියන 300ක..”

  1. Lalla says:

    If the story is true, Ceypetco should be abolished and sold out to private sector or all the decision makers should be punished and run under new panel of superiors under the supervision of Parliament. Authorities of Ceypetco may be looking for huge commissions.

  2. haris says:

    COUNTRY CAN NOT DEVELOP BY UNIONS. THESE BASTARD ARE CULPRIT.

Main News