ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක්….

July 27, 2021 at 6:48 pm | lanka C news
ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක්….

ශ්‍රි ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සැකසෙයි.සංචාරක සංවර්ධන අධිකාරිය,සංචාරක ප්‍රවර්ධන කාර්යංශය,සංචාරක සංවිධායකයින්,ගුවන් සමාගම් එක්ව එය ක්‍රියාත්මක කරයි.

මෙම වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරී සැලැස්ම පිළිබද විශේෂ සාකජ්ජාවක් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණ.එහිදී ඇමතිවරයා කියා සිටියේ අගොස්තු මස 01 වෙනි දින සිට මෙම විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කල යුතු බවයි.මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයනට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබදවද  මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් එන්නත්කරණය අවසන් කිරිමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ජනගහනයෙන් 60% කට කොවිඩ් එන්නත ලබා දීම රජයේ අපේක්ෂාව බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් නිසා බිඳ වැටී ඇති මෙරට ආර්ථිකය නැවත ගොඩ ගත හැක්කේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත වලින් බවද කීවේය.ඒ නිසා නැවත සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ක්‍රමවත් වැඩ පිළවෙලක් හදුන්වා දිය යුතුව තිබේ.ඒ සදහා අවශ්‍ය වන්නේ ප්‍රායෝගික  වැඩ පිළිවෙලක් මිස න්‍යයාත්මක වැඩ පිළිවෙලක් නොවේ. මේ නිසා “තියරි නොවෙයි රිසල්ට් ගන්න කටයුතු කරනනායි” ඇමතිවරයා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයින්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

කොවිඩ් තත්වය හේතුවෙන් රටවල් 21 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබේ. එම් රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා කීවේය.

කුවේට්,එක්සත් අරාබී එමීර් රාජ්‍යය , ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානීය, පෘතුගාලය,ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය වැනි රටවල් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

මීට අමතරව මෙරටට සංචාරකයින් ආකර්ෂනය කර ගැනිම සදහා ලොව පුරා ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට මෙහිදී උපදෙස් දුන්නේය.ඒ අනුව රුසියානු හා නැගෙනහිර  යුරෝපා කලාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන් ලබන මාසයේ සිට ආරම්භ කිරිමට තීරණය කෙරිණ.

මෙම සාකච්ජාව සඳහා සංචාරක අමාත්‍යාශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීමාලි ප්‍රනාන්දු ,අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,ගුවන් සමාගම් නියෝජිතයන්,සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගම් නියෝජිතයන් හා සංචාරක සංවිධාන ආයතන නියෝජිතයන්ද සහභාගී වුහ.

– ප්‍රදීප් අනුර කුමාර

12,027 views

7 Comments to “ලංකාවට සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක්….”

  1. අනිත්‍ය නිසා දුක says:

    හැමදාම කියන එක තමයි ආයෙත් කියන්න වෙන්නේ. කොරෝනා අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව කොරෝනා අනිත්‍ය වෙන්න දෙන්නෙ නෑ. ජනතාවට දුක් නොදෙන හොද ආණ්ඩුවක් මේක.

  2. LalithM says:

    කන්න බොන්න දෙයක් නැති රටක මොන කෙන්ගෙඩියක් කරන්නද සංචාරකයන්ට විවෘත කරන්නේ.හැම සංචාරකයම එන්නේ තරු හෝටලේ ලැගලා කාල යන්න නොවේ.රටක ඇවිදල සාමාන්‍ය මිනිසුන් අතර ගැවසී එරට ආහාර, සංස්කෘතිය පරිසරය බලලා විවේක ගන්න.

  3. චන්ද දායක says:

    කෙරෙනවා නම් හොඳයි.

  4. හර්ෂ ධනංජය අපත සක්කිලියා says:

    අනේ බඩ තඩි ඌරු තඩියෝ ….කොට අබමල් රේණුවක තරම්වත් මොළයක් නෑ හැමදාම කතා කරන්නේ සන්චාරකයෝ ගෙන්න ගන්න …ලංකාවට කොරොන බෝ කළෙත් තොපි තමයි …අර යුක්රේන් කබ්බෝ ටිකක් ගෙනල්ල..ලක්ෂ තුනක් දැනටම කොරෝන හැදිලා ලංකාවේ …ඒ මිනිස්සුන්ව හොඳ කරගන්න කම නෙවි කල්පනා කරන්නේ ..මුන් හදන්නේ කොරොන තියෙද්දිත් පුළුවන් තරම් හම්බ කරගන්න …මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු ගියානේ ඇත්තටම

  5. හර්ෂ ධනංජය අපත සක්කිලියා says:

    අනේ බඩ තඩි ඌරු තඩියෝ ….තොට අබමල් රේණුවක තරම්වත් මොළයක් නෑ හැමදාම කතා කරන්නේ සන්චාරකයෝ ගෙන්න ගන්න …ලංකාවට කොරොන බෝ කළෙත් තොපි තමයි …අර යුක්රේන් කබ්බෝ ටිකක් ගෙනල්ල..ලක්ෂ තුනක් දැනටම කොරෝන හැදිලා ලංකාවේ …ඒ මිනිස්සුන්ව හොඳ කරගන්න කම නෙවි කල්පනා කරන්නේ ..මුන් හදන්නේ කොරොන තියෙද්දිත් පුළුවන් තරම් හම්බ කරගන්න …මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු ගියානේ ඇත්තටම

  6. soy says:

    None of those 21 countries recognize the Chineese soya source vaccines. Govt goons got the good vaccines & others are rotting in the Wok

  7. Luxman says:

    None of the tourist acttraction are not up to std in srilanka ,toilet facility etc how to devlope tourism ,cheating the customer big time from the airport and the star class hotels

Main News