ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට.. කොරෝනා ආසාදිතයන් නිවසේ රදවන්න සූදානම්..

February 13, 2021 at 12:00 pm | lanka C news
ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට.. කොරෝනා ආසාදිතයන් නිවසේ රදවන්න සූදානම්..

කොරෝනා ආසාදිතයන් හේතුවෙන් රෝහල්වල ඇතිවන තදබදය වළක්වාලීම සඳහා ආසාදිතයන් නිවසේ සිට හුදෙකලා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන ආසාදිතයන් මෙසේ නිවෙස් වල හුදෙකලා කිරීමට අවධානය යොමුව ඇති බවය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බෝවන වලින් පෙළෙන්නන් නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කිරීම නොකළ යුත්තක් බවයි.

කොරෝනා ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම කළ නොහැකි නිසා ඒ සඳහා අදාළ පනත් කඩිනමින් සංශෝධනය වීමට අවශ්‍ය බවද සංගමය පෙන්වා දෙයි.

17,815 views

10 Comments to “ලංකාවත් ඇමරිකා ක‍්‍රමයට.. කොරෝනා ආසාදිතයන් නිවසේ රදවන්න සූදානම්..”

  1. ad says:

    එදා ඇමරිකාව, ඉතාලිය අභිවවා ලෝකෙටම ආදර්ශයක් වූ ලංකාවේ කොරෝනා පාලනය ගිලිහි යන්නේ නම් වගකියන්නේ කවුද

    • Bangoyya says:

      වගකියන්න ඕනේ ජහමනයා

    • ae says:

      අපේ සමහර කළු සුද්දන්ට ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියට වැඩ කරලා කොරෝන ව්‍යාප්ත කරලා හරි සුද්දාගෙන් චරිත සහතිකයක් ගන්න

  2. බයියා says:

    සෑහෙන කාලෙකට කලින් ගන්න තිබුණ තීරණයක්.

  3. sana says:

    pita ratin ena sri lankikayo airport ekedi Rapid Antigen karala ,dawas 6 gedara quarantine karanna bari ae

  4. Theeraka says:

    If Corona doesn’t open the Srilankans to see things and do things correctly, what will?

  5. Anits says:

    I to ask when we had chicken pox . Measles
    All infectious disease and we managed well at home and isolation concepts practiced well . Here corona treated as a terrorist and completely forgotten the public health principle of managing a infectious disease. Ultimately spending all money and even disease not hot controlled. At least kindly look in to this, This is so sad of affairs about my country

  6. ණෙත් says:

    මම පොසිටිව් උනෙ සදුදා පෙබරවාරි 8, තාම ගෙදර, කැස්ස උන තිබුනට ගෙනියන්නෙ නෑ

  7. Neth says:

    මම පොසිටිව් උනෙ සදුදා පෙබරවාරි 8, තාම ගෙදර, කැස්ස උන තිබුනට ගෙනියන්නෙ නෑ

    • මෝ says:

      Neth,ඉස්පිරිතාලෙ නොයා ගෙදරම නිරෝදායනර වෙන්න.වෙනම කාමරයක් තියාගන්න අනිත් අයගෙන් ඈත්වෙලා.වෙනම නාන කාමරයක් තිබේනම් හොදයි.ඔබ අත පත ගාන දේ විශබීජහරනය කරන්න එවෙලේම.උනට කැස්සට බෙහෙත් පෙති හෝ කැස්ස,සිරප් එකක් ගන්න.හුස්ම ගන්න අමාරුවක් දැනුනොත් වහාම ඇම්බිලන්ස් එකකට කතාකර රෝහලකට යන්න.
      ඇමරිකාවේ කලාට ලංකාවෙ දුප්පත් ගෙදරක නිරෝදායනය වෙන්න ලේසි නෑ.වැසිකිලි සහ බාත් රූම් පහසු කම් සහ ඉඩකඩ නොමැතිවීම නිසා පව්ලේ අනිකුත් අයට බෝවීම වලක්වාගැනීම අසීරුයි.
      ඇමරිකාවෙ නිවෙස්වල අමතර කාමර ඇටෑච් බාත් රූම් ඒසී තමන්ගෙම වාහන තියෙන නිසා එච්චර අවුලක් නෑ.

Main News