ලංකාවෙන්ම පළමුවැනියා වූ දමිල සිසුවාට යාපනයට තිබෙන එකම විමුක්තිය රෙජිනෝල්ඞ් කියා දෙයි..
December 29, 2017 at 5:30 pm | lanka C news
භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යාපනය හාර්ඞ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාකරන්ට් ශිෂ්‍යාවට සුභ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පේදුරුතුඩුවේ පිහිටි ඔහුගේ නිවසට අද උදෑසන පැමිණි අතර එම ශිෂ්‍යාටත් ඔහුගේ පවුලේ අයටත් සුභ පැතුම් එකතු කළේය.
ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් විසින් මූල්‍යාධාර චෙක්පතක් ලබාදුන් අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් එයද ලබාදෙන බවට ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරතුමා,
උතුරු පළාත, ලංකාවේ අධ්‍යාපනය ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියා. වසර ගණනාවක් මේ රටේ බිහිවෙච්ච බුද්ධිමතුන්, ඉංජිනේරුවරුන්, විශේෂඥයින්, කළමණාකරන ප්‍රධානීන් බිහිවුනේ, දකුණට ගෙනිච්චේ උතුරු පළාතෙන්, දැනුත් විශාල ප්‍රමාණයක් හොඳ වෛද්‍යවරුන් දකුණු පළාතේ රෝහල්වල ඉන්නේ උතුරු පළාතෙන් ගිහිල්ලා. නමුත් යාපනය ප්‍රදේශයේ හා අවට ¥පත්වල ඇති රෝහල්වල වෛද්‍යවරුන් නැහැ. ඒක බොහෝම ඛේදනීය කාරණයක්.
ඒවගේම යුද්ධයෙන් පසු සමාදානය ලැබුණාට පසු අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහිමක් දක්නට ලැබෙනවා. මෙය මා දකින්නේ පරිපාලන නිලධාරීන්ගේ වරදක් හැටියටයි. සුදුසු ගුරුවරුන් පත්කරන්න ඕන. නියමිත විදියට ස්ථානගත කරන්න ඕන. ඒ අයගේ සේවය ලබා ගැනීමට යම් සුපරීක්ෂක ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕන.
යාපනයේ හාර්ඩිලි විද්‍යාලය ඉතා ප්‍රසිද්ධ විද්‍යාලයක්. කේ.බී. රත්නායක මහතා පවා ඉගෙන ගත්තේ මේ විද්‍යාලයෙන්. සිංහල අයත් ඇවිල්ලා මේ විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. හොඳ ප්‍රථිපලත් ලබා ගත්තා. ඉදිරියේදී හාර්ඞ්ලි විද්‍යාලයේ විතරක් නෙමෙයි මුලූ යාපනයේම නැවත වතාවක් අධ්‍යාපනය ඉදිරියට ගෙනයන්න කටයුතු කල යුතුයි. යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි. ඒ නිසා එයට අපි බරක් දිය යුතුයි.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, ආණ්ඩුකාරවර අතිරේක ලේකම් ඒ. සෙල්වනායගම් මහතා සහ රජයේ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වී සිටියහ.
– වජිර කොඩිතුවක්කු
Honda deyak…
Salute You Attempt Sir.
I had many BATCH MATES as well as REAL FRIENDS from this JAFFNA PENINSULA.
CONGRATULATIONS ! to all. I am saluting to you MR. Reginold.