මැතිවරණය ආසන්නයි.. ‘එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා’ හරහා ජනතාව රවටයි..

August 1, 2019 at 12:40 pm | lanka C news
මැතිවරණය ආසන්නයි.. ‘එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා’ හරහා ජනතාව රවටයි..

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් 31 විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්වීය.

වර්තමානයේ ඔවුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් විපක්ෂනායකතුමා දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන රාශියක් ලබා දුන් බව පැවසීය.

එමෙන්ම තමන්ගේ වී මෝල් නවීකරණය කිරීම සඳහා අඩු පොළියට ණය ලබා දුන් බවද, මෙම රජය බලයට පත් වීමත් සමඟ තමන් ලබා ගත් ණය මුදල් සඳහා විශාල පොළියක් අය කිරීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකිව තම වී මෝල් වැසී ගොස් ඇති බව පැවසීය.

මහ බැංකුව විසින් දැඩි නීති පද්ධතියක් බැංකු වලට පැනවීම නිසා වී මෝල් හිමියන් තම දේපල ඇපයට තබා ණය ගෙන ඇති බැවින් බැංකු විසින් එම දේපල වෙන්දේසි කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ වන විටද වී මෝල් කීපයක්ම බැංකු විසින් වෙන්දේසි කර ඇති බවද පැවසීය.  වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී ඉදිරිපත් කරන ප්‍රමිතීන් නිසා ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇති බවට පෙන්වා දෙන ලදී.

මෙහි දී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගොවියා මෙන්ම නිශ්පාදකයාද රැක ගැනීම සඳහා තම රජය සැමවිටම කටයුතු කළ බව පැවසීය. 2006 වර්ෂයේ කෘෂි නිශ්පාදන අලෙවි අධිකාරිය ඒ සඳහා ආරම්භ කල බව පැවසූ අතර එයින් නොනැවති 2008 වසර අවසානයේ වී අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කල බව පෙන්වා දුන්නේය.

පසුගිය දා පැවැත්වූ දින 52 ආණ්ඩුවෙන් සුළු හා මධ්‍ය පාරිමානයේ  සහල් මෝල් හිමියන් ලබාගත් ණය වල පොලියෙන් 50% ක් අයින් කිරීමට කටයුතු කලා පමණක් නොව සියලුම ව්‍යාපාරිකයින්ගේ ණය ගෙවීමට සහන කාලයක් දීමටද මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබා දුන් බවද පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ 40% පමණ මහා පරිමාණ මෝල් හිමියන් නිශ්පාදනය කරන අතර 60% ක් පමණ වෙළඳ පොළට ලබා දෙන්නේ තම සංගමයේ වී මෝල් හිමියන් බවය. නමුත් මේ වන විට වී අලෙවි මණ්ඩලය කුඩා මෝල් හිමියන් වී ලබා නොදී මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක්ම වී ලබා දීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් පැවසූ අතර ඉදිරි රජයකින් ගොවියා, පාරිභෝගිකයා මෙන්ම ව්‍යාපාරිකයා රැකෙන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණයක් ආසන්නව ඇති මෙවැනි අවස්ථාවක එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් මිනිසුන් රැවටීමට හැකි බව පැවසූ මහින්ද රාජපක්ෂ මැතිතුමා සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ එස්.එම්.චන්ද්‍රසේන ශෙහාන් සේමසිංහ, ඉන්දික අනුරුද්ධ, ප්‍රියංකර ජයරත්න, තේනුක විදානගමගේ, දුලිප් විජේසේකර, අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද එක් විය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

55 views

2 Comments to “මැතිවරණය ආසන්නයි.. ‘එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා’ හරහා ජනතාව රවටයි..”

  1. gadol says:

    දෙන එක අරගෙන චන්දෙ නොදෙන්න හොදම රැවටීම මුන්ට

  2. Gone gota says:

    From the day I know all this politicians mislead the citizens.

    Now is a habit and our people vote for them again and again……

    So can’t complain.

Main News