ලංකාවේ අද වාර්තා වන්නේ මසකට පෙර ආසාදිත වූවන්ගේ මරණයි.. අද ආසාදිතයන්ගේ මරණ මාසයකින්.. එම සංඛ්‍යා ඉතා බියකරුයි..

May 12, 2021 at 12:08 am | lanka C news
ලංකාවේ අද වාර්තා වන්නේ මසකට පෙර ආසාදිත වූවන්ගේ මරණයි.. අද ආසාදිතයන්ගේ මරණ මාසයකින්.. එම සංඛ්‍යා ඉතා බියකරුයි..

පවතින තත්වය හමුවේ රට වහාම දැඩි සංචරන සීමා පැනවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සමග පැවති සාකච්ඡාවේ දී පෙන්වා දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට ශ්‍රි ලංකාව තුල ව්‍යාප්ත වෙමින් ඇති බි‍්‍රතාන්‍ය වෛරස් ප්‍රභේදය ඉතාම වේගවත් බවත් ආසාදිතයකු හඳුනා ගන්නා විට ඔහු තව බොහෝ අයට එය බෝ කිරීමක් සිදුකර ඇති බවත්ය.

අද දවසේ වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව හරියටම මීට මාසයකට කලින් වෛරසය ආසාදිත වූවන්ගේ බවද පවසන ඇය ඒ අනුව අද දවසේ ආසාදනය වන පුද්ගලයන් සහ මරණ සංඛ්‍යාව දැනගත හැකිවනු ඇත්තේ තවත් මාසයකින් බවද කියා සිටියාය.

එම සංඛ්‍යාවන් මීට වඩා බොහෝ ඉහල යනු ඇතැයි ද ඇය අනතුරු හැගවූවාය.

කොතරම් වේගයෙන් එන්නත් කරණය කළ ද එමගින් ‍ප‍්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් තරමට උපදවා ගැනීමට තවත් මාස තුනක පමණ කාලයක් වත් ගතවනු ඇතැයි පැවසූ ඇය පවතින මූලික ගැටළුවට විසඳුම එන්නත්කරණය නොවන බවද පැවසීය.

එනිසා පවතින තත්වය යටතේ ඉතාම දැඩි සංචරන සීමා පැනවිය පැනවීම අත්‍යවශ්‍ය බවද තම සංගමයෙන් ජනාධිපතිතුමන්ට පෙන්වා දුන් බවද ඇය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

108,641 views

19 Comments to “ලංකාවේ අද වාර්තා වන්නේ මසකට පෙර ආසාදිත වූවන්ගේ මරණයි.. අද ආසාදිතයන්ගේ මරණ මාසයකින්.. එම සංඛ්‍යා ඉතා බියකරුයි..”

  1. A Sri Lankan says:

    Whaaaattttt…… A back log of one month ?????

  2. Nimal says:

    Udda karata ratak palanaya karanta mole na niyapoththen kadanta thibuna de porowenuth newri itath wada dekinuth kapanta bariwenakan thamai inne

    • රටවැසියා says:

      ලංකාවේ සාමාන්‍ය මරණ අනුපාතය 1000කට

      2017 6.6
      2018 6.7
      2019 6.8 2018 වඩා වැඩි වීම 1.530%
      2020 6,6
      2021 6.9 2020 වඩා වැඩි වීම 1.500%

      කෝ බොලවූ කොරෝනාවෙන් මරුන උන්? මුන් ගහන අමූලික පච වලට මුන්ට වැහි නැති හෙන ගහනවා!

  3. බූරු පුතාණෝ සජියා says:

    මාසෙකට ඉස්සර දවසේ කොරෝනා ආසාධිත සංඛ්‍යාව 350 විතර අද මරණ සංඛ්‍යාව 23 යි. අද ආසාධිත සංඛ්‍යාව 2500 යි. මෙයා කියන විදිහට ගණන් බැලුවොත් ජූනි 11 මරණ සංඛ්‍යාව 180 ක් විතර වියයුතුයි.

    • පොඩි එකා says:

      ආසාධිත නෙවෙයි උට්ටො,
      ආසාදිත.

      තෝ ඉක්කෝලෙ කට්ටි පැන්න නේ?

      • podi ekage ayya says:

        තෝ සිංහල පීරියඩ් එකේ විතරයි නේද ඉස්කෝලේ හිටියේ ..අනිත් ඒවා තේරුනේ නෑ නේද

  4. Haramanis says:

    What is the economy that the country has to fall. We have only debts. What is the so called economy development in the past 72 years. Nothing just imagination. Countries like Malaysia are locking down. Sri Lanka’s economy is so strong we must further strengthen it sacrificing lives of the citizens to Corona.

  5. gunaya says:

    ⁣⁣ෙලාක් ඩවුන් ⁣ කොපමන කලක් කරන්නද මාස දෙකක පමන කාලයකින් වයිරස සම්පූර්නයෙන් නැති කලත් නැවත කුමන හෝ ආකාරයෙන් ආවොත් නැවතත් ලොක් ඩවුන් කරන්නද. අදත්් චීනයේ රෝගින් හමුවෙනවා නේද . ඇයි ඉන්දියාව පවා ලොක්පඩවුන් නොකරන්නේ. මේවාටද උගතුන් ලෙස උත්තර දිය යුතුය

Main News