ලංකාවේ අලුත් වාහන අවසන් තොගයේ… දැනට ඇති වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

August 28, 2020 at 12:40 pm | lanka C news
ලංකාවේ අලුත් වාහන අවසන් තොගයේ… දැනට ඇති වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..

මෙරට තුල ලියාපදිංචි කල හා නොකල වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.

ලියාපදිංචි නොකල මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දහයක පමණ ඉහළ ගොස් තිබේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ රජය විසින් වාහන ආනයනය අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

දැනට මෙරට තුල ඇත්තේ ලියාපදිංචි නොකල වාහන දස දහසක් පහලොස් දහසක් අතර ප්‍රමාණයක් බවත් එය ප්‍රමාණවත් වන්නේ ඉදිරි මාස 6ක කාලසීමාව පමණක් බවත් සංගමයේ සභාපති ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කළේය.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි මාස හයක පමණ කාලයෙන් පසුව මෙරට වෙළඳ පොළේ වාහන නොමැති වීමට ඉඩ ඇතැයි ද ඔහු කියා සිටියේය.

139,245 views

31 Comments to “ලංකාවේ අලුත් වාහන අවසන් තොගයේ… දැනට ඇති වාහන මිල සීඝ‍්‍රයෙන් ඉහලට..”

  1. Asanka says:

    ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වඩා වාහාන වැඩියි. එක වාහානයක් වත් ගෙන්නන්න එපා 👌

  2. දුටුගැමුණු says:

    2025 වන තුරු වාහන ආනයනය නවත්වනු

Main News