ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි…

December 2, 2021 at 12:40 pm | lanka C news
ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි…

ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

මෙම හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ආරාධනාව අනුවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැමිණි සිටි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විය.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්විය.

ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහි දී අදහස් පළ කළහ.

වසංගත තත්ත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරණ     වෙහෙස පිළිබඳව මෙහි දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව  අපේක්ෂා කරන බව මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.

ඕමානය, පලස්තීනය, කුවේට් රාජ්‍ය, සෞදි ආරාබිය,මලයාසියාව,කටාර්,තුර්කිය,ඉරානය, ලිබියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දුනීසියාව සහ ඊජීප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්ථානය රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට එක්වූහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

28,199 views

20 Comments to “ලංකාවේ ආර්ථිකය ගොඩදාගන්න අගමැති ඉස්ලාමීය රටවල සහයෝගය ඉල්ලයි…”

  1. Saleem says:

    වෙනද වගේම උඹලට මේ දවස්වලත් හිගමන් දෙන්න අපෙ මුස්ලිම් රටවල් හැරෙන්න වෙන කවුරුත් නෑ මෝඩයො. බෞද්ධ චීනෙ හොද අසූචි නැව් නවත්තගෙන මුදල් දෙන්න කියල බල කරන්න විතරයි.

    • ECT says:

      දැන් මේ තක්කඩියට වඳ කොත්තු, වඳ ජංගි, වඳ සැත්කම් හලාල් වෙලා.
      අර තාප්ප පාප්ප කොල්ලො කෙල්ලො රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද?

  2. Susantha says:

    තව මිනී ටිකක් පුච්චලා හොර ගනයොන්ට කියලා කුරානයටත් අල්ලාටත් නබිතුමාටත් බැන්නෙව්වනම් ඉඳා කියලා දෙයි. සිංහලයන්ව කූල් කරන්ඩ ජාතිවාදය වපුරනවා අනිත් පැත්තෙන් අසාද්සාලි, රිෂාඩ් එක්ක එකතුවෙලා උන්ගෙන් හිඟා කනවා

    • හෙළයා says:

      මහින්ද මුළු ලෝකෙන්ම ණය අරන් හත්මුතු පරම්පරාවටම ධනය තමන්ගේ ගිණුම් වලට බැර කරන්න ගන්න හදනවා වගෙයි ..මේ සදහා රටේ කුමන පළාතේ ඉඩම්ද සිනක්කර විකුනන්නේ ..කොයි පළාතේද ඉස්ලාම් කොළණි ගොඩනගන්නේ ? කුරානෙට වැද වැද ණය අරන් මුළු රටේම අන්තවාදී ඉස්ලාමයට පාර කපනවා වගෙයි විල්පතු වන රක්ෂිතය විනාශකර බදියුදීන් ඉස්ලාම් කොළණි හැදුවා වගේ …තාමත් බදියුදින් ගේ දඩුවම් පල සිටුවීම ආරම්භ නොකළේ මන්ද ? කැකිරිල්ලේ රජුගේ නඩු තීන්දුව වගේ …පැන්ඩෝරා නිරුපමා රටෙන් සොරාගත් බදු මුදල් නැවත ලබා ගත්තා නම් , ණය ප්‍රශ්නය විසදා ගත හැකියි ..ඉස්ලාම් රටවල් වලින් හිගා කන්න ලජ්ජා නැද්ද?
      කුරහන් සාටකේ මුළු රටම විනාශ කරනවා ප්‍රථමයෙන් ගත්ත ණය බහිරවයා ගිල්ලද ?කුරහන් සාටකේ පවුලේ ගිණුම්,පිරිසගේ පවුලේ ගිණුම් රාජ සන්තක කරන්න

      • Saleem says:

        කුරහන් සාටකේ ක්‍රමක්‍රමයෙන් කුරාන් සාටකය වු වගයි

  3. අමිල says:

    මුස්ලිම් ජනතාව ට බැන බැන මුස්ලිම් රටවල් පස්සේ වැද වැටෙනවා
    මොඩ හරක්

  4. කකුට්ටා says:

    අසාද් සාලි වැනි චුදිතයන් පවා නිදොස් කොට නිදහස් කරද්දී අපිත් උඩ ගිහින් බිම වැටුනා. සිහිය ආවාම තමා තේරුම් ගියේ ගොනා හැරුණේ පොල් පැලය කන්න තමයි කියලා. තනි සිංහල ආන්ඩුවක් නේ.

  5. LalithM says:

    මට මහලු වයසේ බැරිය ගසාකෑම පෙරසේ…

  6. Gamarala says:

    කිසිම රජයක් අපේ රට මෙතරම් බාල්දුවට පත් කලේ නැහැ කනගාටුයි.

  7. D.Nimal says:

    Right way of thinking by MR line of administration to be face ongoing crisis in world.
    Yes we needed assistance from nation having sound Economy and Financial stability of Western Asian countries .
    That is I view south-south cooperation of policy of Non-aligned we advocate since 1961 of Ceylon under SLFP range of policies at that time. It quite apply now in under the crisis situation in Island nation.

Main News