ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්ථානයට සමාන වෙයි..

June 12, 2019 at 8:40 am | lanka C news
ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්ථානයට සමාන වෙයි..

‘වියත්මග’ සංවිධානය විසින් ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බරයක් තිබෙනවා. බොහෝ දෙනෙක් මේ ගැන වටහාගෙන නැහැ. අපි හැමදාමත් ස්වාධීනව ජීවත් වූ පෞඬජාතියක්. අපේ රටේ තිබෙන භූගෝලීය වැදගත්කම නිසා නිරන්තරයෙන්ම විදේශ ආක‍්‍රමණවලට ලක්වීමට එදා සිදු වුණා. ශ්‍රේෂ්ඨ රජවරු අපේ රට විදේශ ආක‍්‍රමණවලින් බේරා ගත්තා. අවාසනාවකට වගේ එදා තිබූ ඉතිහාසය, පෞඬත්වය බොහෝ දෙනෙක්ට අද අමතක වෙලා. නිහීන නින්දිත ජාතියක් බවට පත් වෙලා. අද අපේ නායකයන්ට එවැනි හැඟීමක් නැහැ.

ජනාධිපතිවරයා අපි දැක්කා ඉන්දීය අගමැතිවරයාට කුඬේ ඉහළන් ඉන්නවා. මං හිතන්නේ නැහැ ඒක නිහතමානීකම කියලා. ඔහුට එහෙම කරන්න බැහැ. ජනාධිපතිවරයා අපේ රටේ රාජ්‍ය නායකයා. ඔහු නියෝජනය කරන්නේ අපේ රට, ජනතාව. අපි කවදාවත් ඉන්දියාවට කුඬේ ඉහළන් ඉදපු ජාතියක් නෙමෙයි. ඉන්දියාවත් එක්ක කරටකර හිටියේ. ඉන්දීය අගමැතිවරයා ලංකාවට එනවිට රාජ්‍ය නායකයන් හරියට හැසිරුණේ අපේ රටේ රාජ්‍ය නායකයා ආ විදිහටයි. රාජ්‍ය නායකයන් හොඳින් පිළිගත යුතුයි. එහෙම කළ යුත්තේ සම තත්ත්වයෙන්. අපේ රට අද ඉන්නේ එවැනි මානසිකත්වයක නෙමෙයි.

නරේන්ද්‍ර මෝදි විශිෂ්ට නායකයෙක්. ඇයි ඉන්දීය ජනතාව ඔහුව දෙවැනි වතාවටත් වැඩි බලයක් දීලා අගමැති ධූරයට තෝරා ගත්තේ? ඉන්දියාවේ මහ ජාතිය වෙනුවෙන් පෙනී හිටියා. ආඩම්බකාර, ආරක්‍ෂිත රටක් බවට පත් කළා. ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛතාව දී තිබුණා. අද නරේන්ද්‍ර මෝදි පිටුපස යන අපේ රාජ්‍ය නායකයන්ට ජාතික ආරක්‍ෂාව ගැන හැඟීමක් තිබුණේ නැහැ.

ලෝකයේ අනික් හැමතැනම ත‍්‍රස්තවාදීන් ඉන්නවා. නමුත් ලංකාවෙන් ත‍්‍රස්තවාදය තුරන් කළ රටක් 2015 දී මේ රජයට භාර දුන්නේ. 2015 වන විට සුරක්‍ෂිත රටක්, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශවලින් දියුණු රටක් භාර දුන්නේ. එහෙම රටක පල්ලි තුනක, හෝටල් තුනක බෝම්බ පිපිරුණා. අපේ රටේ රාජ්‍ය නායකයන්ට තවමත් කියන්න බැහැ ඒක කොහොමද වුණේ කියලා.

එදා ප‍්‍රභාකරන්ව පරාජය කරන්න ඇමරිකානු බුද්ධි අංශවල සහාය අවශ්‍ය වුණේ නැහැ. අද ඉන්න රාජ්‍ය නායකයන් කතා කරන්නේ විදේශ රටවලින් සහාය ගන්නයි. අධිරාජ්‍යවාදය මේක පිටුපස ඉන්නවා. ඔවුන් මාන බලන්නේ අපේ රටට එන්නයි. ඇමරිකාවට මීට කලින් උන්නදුවක් තිබුණේ මැද පෙරදිග රටවල් ගැනයි. අද මොකක්ද ඇමරිකාවට තිබෙන අමාරුව අපට උදව් කරන්න. අපට තිබෙන ආදරය කුමක්ද? ලෝකයේ ආර්ථික පාලනය ඇමරිකාවෙන් වෙනස් වෙමින් යනවා. ඒක වෙනස් කර ගන්නයි ඇමරිකාවට වුවමනා. ලංකාවේ ත‍්‍රිකුණාමලය ඔවුන්ට අවශ්‍යයි. දුර්වල නිවට පාලකයන් පත් කර ගත්තේ ඒ නිසයි. නිවට පාලකයන් ඉන්න විට නියෝග දෙන්න ඔවුන්ට පුළුවන්. මේ න්‍යාය පත‍්‍රය අද ඊයේ පටන් ගත් දෙයක් නෙමෙයි.

2010 දී ෆොන්සේකා දාලා මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න උත්සාහ කළා. සිරිසේන මහතාව දාලා මහින්ද මහතාව ගෙදර යවලා ඔවුන්ගේ ඊළඟ න්‍යාය පත‍්‍රය සාර්ථක කර ගත්තා. ඇමරිකාව මේ විජයග‍්‍රහණයේ කොටස්කරුවන් වුණා. ඇමරිකානු ඩොලර් කෝටි ගණන් වියදම් කරලා තිබෙනවා රජය වෙනස් කරන්න. මහින්ද රජය වෙනස් කරන්න මුදල්, උපක‍්‍රම, සැලසුම් දුන්නා. එදා මුස්ලිම් ප‍්‍රශ්නය ඇති කළේ ඔවුන්. බෞද්ධ ජාතිවාදයක් ඇති කරලා සුළු ජාතීන්ව එකතැනකට ගොනු කළා. එහෙම කරලා තමයි ඔවුන් බලය ගත්තේ. එහෙම කරලා බලය ගත් යහපාලන රජය අවුරුදු හතරක් තිස්සේ රටට කුමක්ද කරලා තිබෙන්නේ කියා කවුරුත් දන්නවා. රට සහ ආර්ථිකය මුළුමණින්ම විනාශ කරලා දැම්මා.

එදා ආර්ථික වර්ධන වේගය සියයට 7 ක්ව තිබුණා. අද රටේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්තානයට සමානයි.   ඕනෑම රටක ආර්ථිකයක කැඩපත කොටස් වෙළෙඳ පොළයි. අද ආර්ථිකය කඩාවැටිලා. රුපියල අවප‍්‍රමාණය වෙලා.  රුපියල අවප‍්‍රමාණය වීමෙන් රුපියල් බිලියන 1400 ක පාඩුවක් වෙලා තිබෙනවා. එදා මහින්ද රාජපක්‍ෂ රජය සියලූ ව්‍යාපෘති සඳහා වැය කළේ රුපියල් මිලියන 580 යි. රට එදා ස්ථාවරව පවත්වාගෙන ආවා. දුප්පත්කම, රැුකියා වියුක්තිය අවම මට්ටමක තිබුණේ.

අද විදේශ සංචිත රුපියල් බිලියන 6ක් දක්වා අඩු වෙලා. මහින්ද රාජපක්‍ෂ ණය ගන්නවා කිව්වා. ඔහු රට භාරදෙන විට මේ රටේ සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 7400 යි. නමුත් 2018 අවසන් වන විට සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 12000 යි. වසර හතරක් තුළ සියයට 60 කින් වැඩි වෙලා. මේ වසර අවසන් වන විට ඒ ණය මුදල 14000 ට යනවා. මේ අය ණය අරන් මොනවාද කළේ? පාරක්, වරායක් හැදුවද? රැුකියා ලක්‍ෂ දහයක් දෙනවා කිව්වා. රැුකියා දෙනවා කිව්වට රැකියා ලක්‍ෂ හතරකට වැඩි ප‍්‍රමාණයක් අද අහිමි වෙලා තිබෙනවා. අද තිබෙන තත්ත්වය අනුව මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා. රටේ සම්පත් විකුණමින් සිටිනවා. වරායවල් අනාගතයේදී අපේ රටේ ආර්ථිකයට වැදගත් සම්පත්. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂ වරාය ඇති කළේ. වරායවල් පදනම් කරගෙන තමයි එදා ආර්ථිකය, ආයෝජන දියුණු කරන්න උත්සාහ කළේ. ආයෝජන තුළින් කර්මාන්තපුර හරහා රට ප‍්‍රබල රටක් බවට පත් කරන්න සැලසුම් කර තිබුණා. හෙක්ටයාර් ගණනින් ඉඩම් නිකම් දුන්නා. හම්බන්තොට චීනයට, කන්කසන්තුරය ඉන්දියාවට. ත‍්‍රිකුණාමලය ඇමරිකාවට. අපේ රටේ අනාගතය ගොඩනඟන්න තිබූ සම්පත් විදේශිකයන්ට දුන්නා. හැම පැත්තෙන්ම අපිව වහල්ලූ බවට පත් කරලා කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය දියුණු කළා. මත්තල මේ අය වී ගබඩා කළා. අද බඩඉරිඟු ආනයනය කරනවා. එළවළු ගණන් ගිහින්. කුඹුරු ගොඩ කරනවා.

ජනතාව පිටරටින් මත යැපෙන වහල්ලූ බවට පත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව තමයි වත්මන් රජය ක‍්‍රියාත්මක කරන්නේ. මේ අයට රට හා අනාගත පරපුර ගැන හැඟීමක් නැහැ. හිටියත් ඔවුන් පරම්පරා ගණනකට සල්ලි හොරකම් කරලා ඉවරයි.

මහින්ද රජය ¥ෂිතයි කියලා චෝදනා කළා. එක මහා පරිමාණ එක ¥ෂණයක්වත් ඔප්පු කළාද? මේ අය හොරකම් කළේ බිලියන ගණනින්. හම්බන්තොට වරාය චීනයට දුන්නත් මුදල් දුන්නේ චීනයෙන් නෙමෙයි. මහ බැංකු බැඳුම්කර හොරකම රුපියල් කෝටි ලක්‍ෂයක්. නමුත් හොරු අල්ලනවාට වඩා දේශපාලන කොමිසම් භාවිතා කරලා විපක්‍ෂය මර්දනය කිරීමයි මේ අය කළේ. දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ නිහඬ කරන්න උත්සාහ ගත්තා. රාජ්‍ය සේවකයන් දහසකට අධික පිරිසකගෙන් ප‍්‍රශ්න කළා. ඔවුන් වැඩක් කරන්නේ නැහැ. ආයෝජන රටින් ගියා. මොවුන් සිව්බියක් රටට ඇති කළා. හොරකම, මැරකම, ගැතිකම සහ බැරිකම තමයි යහපාලනයෙන් අපට ලැබුණේ. වෙන කිසිම දෙයක් ලැබුණේ නැහැ. මේ තත්ත්වයෙන් අපි වෙනස් විය යුතුයි. මේ වෙනස්කම කිරීමට විශාල ජනරැුල්ලක් සමාජයෙන් ඇති වෙමින් තිබෙනවා. දුර්දාන්ත පාලනයට එරෙහිව ඒකරාශී වන ජනබලය අපි එකතු කරගත යුතුයි.

අපිට ලැබෙන පළමු මැතිවරණයෙන්ම මේ රජය ගෙදර යැවිය යුතුයි. අපේ රජයක් යටතේ වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට සැලසුම් සකස් කළේ මීට වසර තුනකට පෙරයි. ඒ සඳහා වියත්මග ඇති කළේ ඒ නිසයි. මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ඇතුළු අනිකුත් සියලූ දෙනාගේ උපදෙස් මත සියලූ සැලසුම් කරමින් සිටිනවා. අපි දන්නවා කුමක්ද කළ යුත්තේ කියලා. වැදගත්ම සම්පත මානව සම්පතයි. මානව සම්පත තාක්‍ෂණයෙන් සන්නද්ධ කරමින් රට දියුණු කිරීමට දායක කරගත යුතුයි. කෘෂිකර්මාන්තය යළි ගොඩනඟනන්න අවශ්‍යයි. සේවා ආර්ථිකයක් අපට තිබෙනවා. කෘෂිකර්මාන්තය අපට අමතක කරන්න බැහැ. උපරිම ඵලදායීතාවයෙන් රට දියුණු කිරීමට අප සූදානම්. අපට අවස්ථාවක් ලද විගස ඒ සැලසුම් ක‍්‍රියාත්මක කරන්න අපි ලෑස්තියි. මේ රජය කුමන්ත‍්‍රණයකින් බලය ගත්තාට වැඩක් කරන්න සැලසුම් තිබුණේ නැහැ. මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්, දින සියයකින් අලූත් රටක් වැනි සුරංගනා කතා නමයක් කිව්වා. තව අවුරුදු පහකින් ලී මෝල් තහනම් කරනවා කිව්වා. ඒක කරන්න බැහැ. ඊට කලින් මේ රජය ගෙදර යවනවා. මේ රජයට තව මාස කිහිපයයි ඉතුරු වෙලා තිබෙන්නේ. රටේ සමස්ත ජනතාව මේ රජය ගෙදර යවනවා. රටේ සමස්ත ජනතාව එකතු වෙලා මේ රට ගොඩනඟමින් පිරිපුන් දේශයක් බවට පත් කිරීමට කටයුතු කරනවා.

– වියත්මග මාධ්‍ය ඒකකය

13,244 Viewers

7 Comments to “ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්ථානයට සමාන වෙයි..”

  1. සීගිරි says:

    මේ රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය විසින් පාලකයා ජෝකරයෙක් ,හොරෙක්,දූෂිතයෙක් හෝ ජනතා ද්‍රෝහියෙක් බවට පත් කර අවසානයේ හැමදාම රටට failed state සහතිකය හිමි කර දේ.
    අවුරැදු 71 කාලය තුල විවිධ අගමැතිවරැ,ජනාධිපතිවරැ හා විවිධ රජයන්, ආණ්ඩු හා සන්ධාන අවසානයේ අසාර්කථ වීමත් හා එහෙම වන්නට හේතුවත් තේරැම් කර දිය හැකි එකම විදිය මේ නවයටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය අපට නොගැලපෙන එමෙන්ම ජාතියට විනාශය ගෙන දෙන දෙයක් බව තේරැම් කර දීමෙන් පමණි.මේ මොහොතේ රටේ එකම යථාර්තවාදී දේශපාලන අවශ්‍යතාව මේ වෙනස අරඹයා පැන නගින ව්‍යාපාරයක් පමණි…
    මේ රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිතවයම යොදාගෙන දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෙකි.

  2. Bodu Helaya says:

    Not “aarthika wardana vegaya ” but should correctly read as “aarthika pasubaame vegaya “.

  3. danuskha says:

    ඔහොම යං ඔහොම යං ලංකාව ඉතියෝපියාවක් වෙන එක වයිමටවත් නවත්වන්න බැරි වෙයි ඔය ජාතිවදි අවුලට හරි පිලිතුරක් ලැබුනේ නැත්නම්

  4. බන්ඩා says:

    පොහොට්ටු ලොක්කො ඇත්ත අරති සැටියෙන් තේරැම් ගත යුතුය්.

    • බන්ඩා says:

      පොහොට්ටු ලොක්කො ඇත්ත ඇති සැටියෙන් තේරැම් ගත යුතුය්. පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා අද රටේ සිංහල දෙමළ මිනිස්සු යහපාලනයට වඩා මුස්ලිම් අන්තවාදයට විරැද්ධය්. පොහොට්ටුවට වඩා ජාතිකත්වය ගැන සිංහලයන්ගෙ පිබිදීමක් ඇතිවෙලා. බෞද්ධ ක්‍රිස්තියානි බේදයක් නැතුව සිංහලයා එක්සත් වෙලා.

      පාස්කු බෝම්බ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදයට විරැද්ධ රැල්ල පොහොට්ටුව පැත්තට හමාගන යනවා.

      ඇමරිකාව බැසිල් ගෙ කරෙන් economic hit man ලා පොහොට්ටුවට රිංගවලද දන්නෙ නැහැ. හැබැය් මහින්දව උඩින් පෙනුනට රැල්ල පුරාම ඉන්නෙ ගෝටා බව ඔවුන් නොදන්න විදිහක් නැහැ. ඥාණසාර හිමිට නිදහස ලැබුනෙත් අර රැල්ලෙ බල මහිමටය්. ඥාණසාර හිමි නිසා සුළඟක් පටන් ගත්තෙ නැහැ.

      අපි කවුරැ මොනව කිව්වත් රතන හිමිගෙ උපවාසය මුස්ලිම් විරෝධී සුළගට ආශීර්වාදයක් උනා. දඹර මොහමඩ් සහ අලි පාලිත හිමිල හැර 90% ක් අනෙක් හාමුදුරුවරැ එක් වී ජාතිකත්ව මංත්‍රීන් පත් කර ගෙන ගෝටා බලවත් කර “එක රටක් එක නීතියක්” යන තේමාව පොහොට්ටුවට ගෙන යන එක දැන් බැසිල් ලාට නවත්වන්න බැහැ.

  5. Sun says:

    We can see the downward flow of the economy from the last ten years. What we did. We stopped our local farming and started on imported food for high price. What do we have in the country. We have fertile lands but it is full of chemicals now. All the worms are dead the supply of soil fertilizer due to chemicals. Now we have to import food from outside. We are got caught in western trap. We have lost the economy other than the foreign earners supply. Otherwise we have no way to go. We are almost dead at this point. Thank you friends, think again.

  6. Saradiel says:

    ලක්ෂ 62 කේ වෙනස

Leave a Comment

Main News