ලංකාවේ ආහාර උද්දමනය 21.5%යි.. මහ බැංකුවේ නිවේදනය මෙන්න…
January 23, 2022 at 9:20 am | lanka C news
2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය 7% දක්වා ඉහළ ගිය අතරල වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 14.0% දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
එම මාසය වන විට ආහාර උද්දමනය 21.5% දක්වා ඉහල ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.
සම්පූර්ණ නිවේදනය මෙසේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 11.1හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 14.0 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.0 දක්වා ඉහළ ගියේය.
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී පැවති සියයට 16.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 7.6 දක්වා ඉහළ ගියේය.
2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 3.68ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 3.0කින් සහ සියයට 0.68කින් ඉහළ යෑම මේ සදහා හේතු විය. . ඒ අනුව, 2021 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. තවද, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල්, සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (මත්පැන්, බුලත්) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් 2021 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේය.
තවද, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 8.8හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 10.8 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.0හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 5.5 දක්වා ඉහළ ගියේය.
So …What’s the issue ? We did not surrender to IMF…
ඕව වහල්ලුන්ට තේරෙන්නෙ නෑ. උන්ට ඕනෙ V8 වලට අත වනන්න.
මේ රජය ඇවිල්ලා තිබෙන්නේ රටේ හිගන්නෝ බෝකරන්න.
මේ රජය පත්කලේ හිඟන මානසිකත්වය තිබුන 69 ලක්ෂයක් විසින් තමා. පින්පඩි කන රජයේ සේවකයෝ, සමෘද්ධිය හිමියන්, නිකමුන්, ශ්‍රම වෙලඳපොලට නොගැලපෙන උපාධි ලබාගත් අයවලුන් වගේ ජන්ද පොරොන්දුවලට රැවටෙන්නන්. මේ කථා ඒ වගේ බයියන්ට තේරෙන්නේ නෑ. ඕව අනිත් අයට කොහොමත් තේරිලා. ඒත් අපට ඕන විසඳුම්. විස්තර නොවේ.