ලංකාවේ ඉන්න බෑ කියා බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්න හැදු තව පිරිසක් අත්අඩංගුවට..
April 25, 2022 at 12:40 pm | lanka C news
මන්නාරම පේසාලෙයි පොලිස් වසමේ මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඉන්දියාවට ගමන් ගිරීමට උත්සහ ගත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.
පේසාලෙයි ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සහ ගන්නා බවට පේසාලෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව අදාල පරිස මුහුදු මාර්ගයෙන් යාත්‍රාවක් උපයෝගි කොටගෙන ගමන් කිරීම මඳහා යමින් සිටියදී මෙලෙස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එකම පවුලේ වැඩිහිටියන් තිදෙනෙකු සහ ළමුන් සිව්දෙනෙකු අයත් වූ මෙම පිරිස අත්අඩංගුවට ගෙන මන්නාරම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි
එහිදී මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.එච්.හයිපතුල්ලා මහතා විසින් අදාල පිරිසෙන් වැඩිහිටියන් තිදෙනාට රුපියල් 50,000 ක ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කරන ලදි.
පසුගිය මාසයක පමණ කාලය තුලදී උතුරු මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවට පුද්ගලයින් 60 කට අධික ප්‍රමාණයක් පලා ගොස් ඇති අතර පලා ගිය පිරිස් විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙතට භාර වීමෙන් අනතුරුව එම පිරිස් විසින් ආරක්ෂක අංශ වෙතට ශ්‍රීලංකාවේ පවතින ආර්ථික ගැටලු හේතුවෙන් තමන්ට ජීවත්වීමට අපහසු වීම නිසා මෙලෙස ඉන්දියාවට පැමිණි බවට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කොට තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඇයි එහෙම කරන්නේ. යන්න දුන්නම හොද නැතිද?
පර දෙමෙල්ලු උන්ට යන්න දෙන්න. නැත්නම් මෙකෙ ඉඳගෙන රට කනව.