ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ නොතකමින්.. ඵලදායීතාව අඩුවෙයි..

June 6, 2021 at 3:00 pm | lanka C news
ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ නොතකමින්.. ඵලදායීතාව අඩුවෙයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා එන්නත් කරනුයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ නොසලකා හරිමින් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම, මරණ අඩු කර ගැනීම, රෝහල්ගත වීම අඩු කරගැනීම සඳහා වන උපායමාර්ගයන් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් පෙන්වා දී ඇතත් ඒවා ක්‍රියාත්මක නොවීම වසංගතය මර්දනය කිරීමට බලවත් තර්ජනයක් වී ඇතැයි සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එම සංගමය පැවති සාකච්ඡාවකදීය.

මෙරට එන්නත් කරණයේ දී වෛරසය මතුව ස්ථානවලට මුල්තැනක් නොදීම, දේශපාලන මැදිහත්වීම සිදු වීම, බෝ නොවන රෝග ඇති අයට ප්‍රමුඛතාව ලබා නොදීම වැනි හේතු මත එන්නත් ලබාදීමේ ඵලදායීතාවය අඩුවිය එහිදී ඔහු පෙන්වාදී තිබේ.

මෙරට ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතු ඇති බවද පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේය.

42,668 views

16 Comments to “ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ නොතකමින්.. ඵලදායීතාව අඩුවෙයි..”

  1. ධර්මපාල තුමා says:

    සිංහලේ සටන හා මම
    මම දන්නවා සිංහලේ සටන
    ඔවුන් පරාජය කරගත් බව
    ඉංග්‍රිසිය ජයගත් බව
    ඔව් උන් දන්නවා කලු සුද්දෝ
    විසි තිස් දහසක් පාලනයට හදන්න
    එතකොට උන් කියාවි සිංහල කියන්නෙ මළ භාෂාවක් කියා
    දැනුම පරිවර්තනය කරපු සිංහල විරවරයෝ
    හදුන්වයි පිස්සො විදියට
    උන් ඉංග්‍රිසියම රජ කරයි
    ගෝඨාබය උඹ පරාදයි
    මුලත් මැදත් අගත් පරාදයි
    නමුත් ඒ් සිංහල සටනට මම තනියම
    නායකත්වය දෙනවා
    මහත්වරු වෙනුවට වැඩිය හොදයි මට
    සිංහලයේ අහිංසකව සිටියානම්

    • Isuru says:

      ධර්මපාලතුමා කලු සුද්දො කියල තියෙන්නේ බුදු දහම ඉදිරියට දාගෙන දේශපාලනේට ඇවිත් දැන් සුළු පක්ෂ සහ විජාතිකයන්ට ඕන විදියට නටන, MCC එක ගෙනත් අපේ රට සුද්දන්ට විකුණන්න හදපු පාඨලී වගේ උන්ට.

      • Loku Putha says:

        ඒ කාලේ අපේ රට වනසන අන්තවාදි නරි විදියට පාටලී විසින් විවේචනය කරපු උන් එක්කම දැන් ලැජ්ජ නැතුව පාටලී ලැගල ඉන්නවා නරියෙක් වගේ. යහපාලනේ කාලෙ පාටලී කීවෙ MCC ගිවිසුම බොහොම හොඳයි ඒකෙන් අපේ රටට කිසි හානියක් නැහැ වාසියක් පමණයි තිබෙන්නෙ කියලා. MCC ගිවිසුමේ තිබෙන්නෙ වස විතරයි කියල අනුරකුමාර කියනවා. දැන් මුන් දෙන්නම එකතු වෙලා කොරෝනා මර්ධන වැඩ පිලිවෙල කඩාකප්පල් කරන්න හදනවා අමු බොරු කිය කිය

    • Sujith says:

      සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය සේවකයන්, ආයුර්වේදය සහ අයුර්වේද සෙවකයන්, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය පමණක් කොරොනා මර්ධන ව්‍යාපාරය කරගෙනයන්න. මෙම කණ්ඩායම්වලට අදාල නැති එවුන්ට පැත්තපාලාතෙ එන්නදෙන්න එපා. සුදර්ශනීට හෝ ජයසුමනට සෞඛ්‍ය ඇමතිකම දීලා බලන්න.

  2. Charith says:

    මුන්ගේ කුහකකම. රජය, සෞඛ්ය අංශ, ආරක්ශක අංශ නිදි නොලබා මේ තරම් යුද්ධයක් කරනවා කොරෝනා වලින් ජනතාව බේර ගන්න. විපක්ශෙ උන් ආතල් එකේ ඉඳන් මොකක් හෝ මෝඩ මාතෘකාවක් අල්ලගෙන ඒ වැඩ පිළිවෙල කඩා කප්පල් කරන්න හදනවා

    • ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියපු විදියටම ගොමා ලගෙ පවුල් වල හැමෝටමටයි, වැඩට ඉන්න අයටයි, බල්ලො පූසන්ටයි සේරටම එන්නත ගැහුවනෙ… අනිවාර්‍යයෙන් කොරෝනා අඩු වෙයි..
      මූ කලිසම ඔලුවෙද දන්නෑ ඇදන් ඉන්නෙ..

      • වීරයා says:

        සැලසුම් කරපු විදියට චීන එන්නත ලබාදෙන්න ඉඩ දුන්න නම් මේ වෙද්දිත් අපේ රටේ 70% කට එන්නත ගහලා ඉවරයි. උඹගෙ නායකයො තමයි ඒ වැඩ පිලිවෙල කඩාකප්පල් කලේ

  3. Damian says:

    ගෙවල් වලට වෙලා ඉන්න 60 ට වැඩි පෙන්ෂන් කාරයන්ට මුලින් ගහන්න යන දොස්තරලා කල්ලිය සමාජයේ වැඩට යන අයට ගහන්න දෙන්නේ නෑ.
    උන්ට පිස්සු.

    • නිහාල් says:

      WHO සහ සෞඛ්‍ය ප්‍රවීනයන් කියන්නෙ වයස 60ට වැඩි අය සහ බෝ නොවෙන රෝග ඇති අයට අවදානම වැඩියි කියලයි.ඒ අය එන්නත් කරන්නෙ ඒ නිසායි .නොදන්න දේ ගැන කතා නොකර ඉන්න.

  4. ජිමි බේබි says:

    අපි පෞද්ගලික වෙදය ශ්වවිද්‍යාලයක් ආරම්භ කරමුද?
    අදට ගැලපෙන නියම ලාභ ලැබිය හැකි 100% හොඳම බිස්නස් එක.
    අනික රටේ පුශ්න වෙන මගකට හැරවිය හැකි හොඳම විෂය. ජෙප්පෝ ටික කුලප්පු කරන්න හොඳම ක්‍රමය. රට ආතල් එකට දුවත හැකි.

  5. Jaya says:

    බොලාලනේ ඛන් පිලිවෙලකට නැතුව බොලාලගේ අමිමලා,අප්පලා,නැන්දලා,මාමලා,නැන්දම්මාලා,මාමන්ඩිලා ඔක්කෝටම ඵන්නත ගස්සා ගත්තේ.

  6. Jaya says:

    බොලාලනේ ඛන් පිලිවෙලකට නැතුව බොලාලගේ අමිමලා,අප්පලා,නැන්දලා,මාමලා,නැන්දම්මාලා,මාමන්ඩිලා,සීයලා ඔක්කෝටම ඵන්නත ගස්සා ගත්තේ.

  7. Nihal says:

    මේකට වග කියන්න ඕන ඕක කියන GMOA එකේ උන් මයි.උන් තමයි ගෙදර උනුයි යාලුවොයි හැම එකාටම තමන් දේපලක් වගෙ එන්නත හැහුවෙ.

  8. Udrich says:

    Moda puthage adeekshanaya yatathe vena vada pilivela avulda?

  9. Anura kumara says:

    Whether WHO has recommended to vaccinate all relatives of Doctors . By vaccinating relatives of the doctors how can reduce the death

    GMOA is a mad union really disgrace to the doctors of this country

Main News