ලංකාවේ කොරෝනා ආසාදිතයන්ට ගාණක්වත් නෑ.. රෝහලට ඇතුළු කරන්නවත් සුදුසු 16යි.. – BBC ලොව පුදුම කරමින් කියයි..

May 7, 2020 at 12:02 am | lanka C news
ලංකාවේ කොරෝනා ආසාදිතයන්ට ගාණක්වත් නෑ.. රෝහලට ඇතුළු කරන්නවත් සුදුසු 16යි.. – BBC ලොව පුදුම කරමින් කියයි..

නව කොරෝනාවෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ දියත් වූයේ සුවිශේෂී ක්‍රියාදාමයක් බවත් එය ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී කැපී පෙනුණු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

චීනය, ජපානය, හොංකොං, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් සහ බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය ඇතුළුව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ රටවල් ගණන 42කි.

අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණයට එම රටවල් නියෝජනය කරමින් විද්වතුන්, වෘත්තිකයන් සහ බලධාරීන් 800ක් පමණ සහභාගි වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසීය.

ආසියා ශාන්තිකර කලාපීය ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සංසදය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එකාබද්ධව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

මෙම සම්මන්ත්‍රණයට සම්පත් දායකයෙකු ලෙස හොංකොං රාජ්‍යය නියෝජනය කරමින් සහභාගි වී තිබුණේ ශ්‍රී ලාංකික සම්භවය සහිත විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස්ය.

හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායතනයේ වෛරස් අධ්‍යයන විද්‍යා අංශයේ කටයුතු කරන ඔහු නව කොරෝනාවෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටින්නෙකි.

‘මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි’

කොරෝනාවෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා විවිධ රටවල් දියත් කළ ක්‍රියාදාමයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් එහිදී ලත් අත්දැකීම් එකිනෙකා අතර බෙදා හදා ගැනීමටත් මින් අවස්ථාව උදා වූ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසීය.

“මේක ඉක්මනින් ඉවරයක් වන දෙයක් නෙවෙයි. මේ කොරෝනාවෛරසය සමග තවත් සැලකිය යුතු කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මීට වඩා හොඳින් සිදු කරන්න ඕන. ඒ නිසා රජය ඒ ගැන මීට වඩා උනන්දු විය යුතුයි,” මහාචාර්ය ඉන්දික කරුණාතිලක අවධාරණය කළේය.

පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙන්කර තැබීම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ පැහැදිලි කළ ආකාරයට, කලාපයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව කොරෝනාවෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල විශේෂත්වය මෙසේය.

කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා බොහෝ රටවල ක්‍රියාත්මක කර ඇත්තේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙන්කර තැබීමේ ක්‍රමයයි. (Test and Isolate) නමුත් ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන උපාය මාර්ගය ලෙස දියත් වී ඇත්තේ රෝගියෙකු වාර්තා වූ වහාම එම ප්‍රදේශය වසා දමා ඉන් අනතුරුව සියලු දෙනා පරීක්ෂාවට ලක් කිරීමය. (Isolate and Test)

එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවධියේ දී පවා ආසාදිතයා නිවසෙන් වෙන් කොට රෝහල්ගත කර තැබීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් විශේෂිත උපක්‍රමයකි.
මීට අමතරව ආසාදිතයා ආගිය තැන් සහ ඇසුරු කළ පිරිස සොයා මෙහෙයුම් දියත් කිරීම ද බොහෝ රටවල සිදුවී නොමැත. කලාපයේ අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී එහි විශේෂත්වය නම් ශ්‍රී ලංකාව මේ සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදා ගැනීමය.

“ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වන හා ව්‍යාකූලතා ඇති කරන රෝගී තත්ත්වයක් මෙසේ පාලනය කිරීමට හැකිවූ ප්‍රධානම සාධකය වන්නේ කල් තියා ම රෝගීන් හා ගැටුණු අයවලුන් හඳුනා ගැනීම හා ඔවුන් වෙන්කර තැබීම. මේ අයුරින් සමාජ දුරස්තතාව පවත්වා ගැනීම සඳහා ලංකාව තුළ දියත් වුණ ක්‍රියාදාමය සුවිශේෂී එකක්,” මහාචාර්ය මුදියන්සේ ප්‍රකාශ කළේය.

මරණ සංඛ්‍යාව

ඉහත කී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී එක් එක් රටවල් ලබා දුන් සංඛ්‍යා ලේඛන අනුව බලන කළ ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව කෝවිඩ්-19 රෝගීන් ගණන සහ සිදුවන මරණ සංඛ්‍යාව පහළ මට්ටමක පවතින බව මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

එමෙන් ම ආසාදිතයන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව සිදුවන මරණ සංඛ්‍යාව, අන් රටවල් හා සංසන්දනය කරන විට අඩු මට්ටමක පවතින බව ඔහු කියා සිටියේය.

“දැනට ලංකාවේ වාර්තා වී ඇති 700 ට (මේ වන විට 770 ඉක්මවා තිබේ) ආසන්න රෝගීන්ගෙන් 2/3 ක් ම කිසි ම රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් ඇසුරු කළ අය අතරින් හඳුනාගත් රෝග වාහකයින්. රෝග ලක්ෂණ ඇති රෝගීන් අතරින් පවා වාට්ටුවකට ඇතුල් කිරීමට තරම් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් සිටියේ 16 දෙනයි. ඔවුන්ගෙන් 7 දෙනෙකු මිය ගියා,” පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ ප්‍රකාශ කළේය. (මේ වනවිට 9 දෙනෙකු මියගොස් තිබේ)

සෑම ආසියාතික රටක් ම පාහේ දියත් කර ඇති ක්‍රියාදාමය තුළ දක්නට ඇති විශේෂත්වය නම් රෝගය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම වෙනුවෙන් රෝගියාට වඩා වැඩි අවධානයක් දක්වා තිබීමය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ හොඳින් ස්ථාපිතව ඇති ප්‍රජා සෞඛ්‍ය සේවාව ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත් බව ඉහත කී සම්මන්ත්‍රණය අමතමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

වර්තමානයේ බොහෝ රටවල ප්‍රජා සෞඛ්‍ය සේවාව පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන තත්ත්වයක් පෙනෙන්නට තිබියදී එම ක්‍රියාවලිය ද විශේෂිත වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අදහසය.

“මෑතකදී කෝවිඩ්-19 රෝගය වැළඳුණ, මත් කුඩුවලට ඇබ්බැහි වූ කණ්ඩායමකට සේවාවන් සැපයීමේදී නිරාවරණය වූ නාවික සෙබල පිරිසකටත් එම භටයන්ගේ ඇසුරට ලක්වූ තවත් භට කණ්ඩායමටත් රෝගය ව්‍යාප්තවීම සැලකිය යුතු පසු බෑමක් වුණා. මේ නාවික හමුදා කණ්ඩායමට අදාළව රෝගීන් 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා වාර්තා කරන ආකාරයට රට තුළ හඳුනාගත් පොකුරු 32 ක් අතරින් තවමත් ක්‍රියාත්මක වශයෙන් රෝගය පැතිරවීමේ ප්‍රවණතාව ඇත්තේ පොකුරු හතරක් පමණයි,” මහාචාර්ය රස්නායක මුදියන්සේ පැවසීය.

අප්‍රේල් මාසය අවසානය වන විට ‘වර්ඩොමීටර්’ සැපයූ දත්ත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෙම වගුව පිළියෙල කර තිබේ. එම දත්තයන්ට අනුව ඔවුන් කලාපීය රටවල් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව මෙසේ සංසන්දනය කර තිබිණි.

වගුව නිරීක්ෂණය කළ විට ලංකාවේ ජනගහනයට සාපේක්ෂ රෝගීන් සංඛ්‍යාව මිලියනයකට 30 ක් වැනි ඉතා අඩු අගයක් ගනී. (හොං කොං 138 , මැලේසියාව 184, ඉන්දියාව 24, සිංගපූරුව 2672, ඔස්ට්‍රේලියාව 265, චීනය 58)

සම්මන්ත්‍රනයට සහභාගි වූ රටවල ‘ජනගහනයට සාපේක්ෂව මරණ සංඛ්‍යාව’ ද අඩු අගයක් ගනී. ශ්‍රී ලංකාව මිලියනයකට 0.3 කි. (හොංකොං 0.5, ඉන්දියාව 0.8, සිංගපූරුව 2, ඔස්ට්‍රේලියාව 3, චීනය 3)

හඳුනා ගත් රෝගීන් ගණනට සාපේක්ෂව ගත් කළ දක්නට ලැබෙන මරණ සංඛ්‍යාව ((total death/total cases)x1000) ඉතා පහළ මට්ටමක පවතී. ලංකාව රෝගීන් දහසකට 11 කි. (හොංකොං 4, ඉන්දියාව 33, සිංගප්පූරුව 1, ඔස්ට්‍රේලියාව -13, චීනය 56)

කෙසේ වෙතත් “දේශපාලන වාසි සඳහා ඉදිරිපත් කරන මති මතාන්තර හේතුවෙන් කෝවිඩ් වසංගතය වැලැක්වීමේ ප්‍රජාදායක්වය හා බල ගැන්වීම අඩාල නොවන සේ වග බලා ගැනීම ඉතා ම වැදගත්” බව මහාචාර්ය රස්නායක මුදියන්සේ අවධාරණය කළේය.

වියට්නාමය
කෝවිඩ්-19 ලොව පුරා පැතිර යමින් තිබෙන අතරේ ඉන් බලපෑම් ඉතා අඩුවෙන් එල්ල වූ තවත් රටක් ගැන පසුගිය දිනවල කතා බහට ලක්විය. ඒ වියට්නාමයයි.

වියට්නාමය, කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ චීනයෙන් වෙන්ව පවතින්නේ ගොඩබිම් දේශ සීමාවකිනි. අග්නිදිග ආසියාවට අයත් වියට්නාමය පුද්ගලයින් නව කෝටි හැත්තෑ ලක්ෂයකට (මිලියන 97) නිවහන වෙයි. නමුත් මේ දක්වා වියට්නාමයෙන් වාර්තා වී ඇත්තේ කොරෝනාවෛරස් ආසාදිතයින් 271 දෙනෙකු පමණක් වන අතර එකදු මරණයක් හෝ එරටින් වාර්තා වී නොමැත.

සිය ජනයා බලමුළු ගන්වමින් “කොරෝනාවෛරසයට එරෙහිව යුද්ධයක්” ප්‍රකාශයට පත් කළ වියට්නාමය මේ වන විට සීමා ලිහිල් කිරීම ආරම්භ කර තිබේ. පාසල් යළි විවෘත කිරීමට අවසර ලබා දී ඇත.

ජනවාරි අග භාගයේ කොරෝනාවෛරසය ආසාදිතයන් පළමුව වාර්තා වූ මොහොතේදී ම වියට්නාමය වහා ක්‍රියාත්මක විය. චීනය අතර වන දේශ සීමා වසා දැමීමට එරට බලධාරීහු උත්සුක වූහ. එමෙන් ම ඕනෑ ම ප්‍රධාන ගුවන් තොටුපොළකින් රට තුළට පැමිණෙන මගීන් ශරීර උෂ්ණත්ව පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගත්හ.

එවක වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනා ම පාහේ විදෙස් රටවල සිට පැමිණි අය බව වටහාගත් වියට්නාම් ආණ්ඩුව එලෙස පැමිණෙන සියලු දෙනා ම දින 14 ක නිරෝධායනයකට යොමු කළේය.

මාර්තු අග වන විට වියට්නාම් ආණ්ඩුව තවත් ඔබ්බට යමින් සියලු ම විදේශිකයන්ට රට තුළට පැමිණීම තහනම් කළේය.

කොරෝනාවෛරසය ආසාදිත යයි තහවුරු වූ පුද්ගලයන් ඇසුරු කළ පිරිස සොයා යාම ශ්‍රී ලංකාවේ මෙන් ම වියට්නාමයේ ද වේගයෙන් ක්‍රියාත්මක විය.

එසේ ම අඩු පිරිවැයකින් කෝවිඩ්-19 පරීක්ෂණ උපකරණ කට්ටල නිර්මාණය කිරීමටත් එය රට තුළ ම නිෂ්පාදනය කිරීමටත් වියට්නාමයට හැකි වූ බවක් පෙනෙන්නට තිබේ.

නවසීලන්තය

කොරෝනාවෛරසය පැතිරීම ආරම්භ වූ සැණින් ඉතා දැඩි පියවර ගැනීමට පෙළඹුණු රටක් ලෙස නවසීලන්තය ද වාර්තා විය.

ඔවුහු දේශසීමා වසා දැමූහ. වෙනත් රටවලින් පැමිණ සිටි සියලු දෙනා නිරෝධායනයට ලක් කළහ. රට වසා දමමින් ආසාදිතයන් ඇසුරු කළවුන් සොයා යාමට ඔවුහු ද පියවර ගත්හ.

අප්‍රේල් 04 වන දා වන විට එරටින් වාර්තා වී තිබුණේ මරණ 20ක් පමණි. ජනතාව දැනුවත් කිරීම ද ඉතා හොඳින් කර තිබුණු බවට නවසීලන්ත රජය පැසසුමට ලක් විය.

– BBC sinhala

175,043 Viewers

33 Comments to “ලංකාවේ කොරෝනා ආසාදිතයන්ට ගාණක්වත් නෑ.. රෝහලට ඇතුළු කරන්නවත් සුදුසු 16යි.. – BBC ලොව පුදුම කරමින් කියයි..”

  1. GU-VP API says:

    Me conference eka hora cofarance ekak Ammapa!
    Me-kata wiruddawa api GU-LALKANTAYA wesa balla kiyana widiya ta yatata adinnatiwa Picat karanawa
    Widi Satan karanawa.

    Ape GU-NP-PAD-Saji professor witaramai solution eka danne.

    GU-VP Hukassssssssssssssssss

    • සිංහලය says:

      සිංහලෙන් ලියන්න ඉගෙන ගනින් මෝඩයා. උබ දාන විකාර කාටවත් තෙරෙන්නෙ නෑ.

      • Parakum says:

        SINHALA KAALA HULUNG BEEPIYAW. Thank that SON OF A BOOTLICKER for introducing in 1956?

    • Amda says:

      මෙතෙක් කල් අපේ පුද්ගලික අන්ශය ඉදිරියෙන් හිටියත් මේ වෙලාවෙ රාජ්‍ය අන්ශයේ නිලධාරීන් උපරිම සේවයක් කරනවා.

      අපේ ත්‍රිවිධ හමුදාව කවදත් මහජනතාවගෙ පැසසුම් ලැබුවා..ඒත් මේ වෙලාවෙ අපේ පොලිසිය, PHI මහත්වරු, දොස්තර මහත්වරු, හෙද හෙදියන් ඇතුලු සියලුම සෞඛ්ය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, පරිපාලන නිලධාරීන්, ග්‍රාමසේවක නිලධාරීන්, ප්‍රදේශීය සභා සහ අනෙක් සියලුම අයවලුන් පුදුමාකාර සේවයක් කරනවා. අපි ඇත්තටම ඔවුන්ට කලගුන දැක්විය යුතුයි… මේක ඉවර වුනු ගමන් අමතක කරන්නේ නැතුව.

      නායකයා නිවැරදිව තීරන ගන්නා විට ජනතාව ඔහුට සහය දෙති.

  2. ජෙප්පා says:

    ලෝකෙ හොදම සවුක්ය සේවයක් තියන රට, සමාජවාදී (කොමියුනිස්ට්) කියුබාව කොහොමද දන්නේ නැහැ නේද ලමායි.

    • හැට්ටර් අප්පුහාමි says:

      WORLD / COUNTRIES / CUBA
      Last updated: May 06, 2020, 19:25 GMT
      Cuba

      Coronavirus Cases:
      1,703
      Deaths:
      69
      Recovered:
      1,001

    • Wijebahu says:

      Hama ekama hondamalu. Habay suddha giya dawase Indan 3nweni lokayen eliyata Enna bariwuna. Kata nathnam balloth adagena yai. Now its 800 corona patients. What are u boasting about?

      • Razor says:

        Number of covid virus affected cases are 800 something, yes That doesn’t mean day by day the volume is increasing, Only 500 something is in hospitals as 300 something is already recovered and sent back home and being quarantined at their premises.
        People shall have to get used to live with Corona in the world since it is a virus disease. AIDS didn’t cure with any medicine. Likewise Covid will prevail, Human race will have to take precautions and preventing measures instead of waiting for any remedy.

    • George says:

      කියුබාව ලංකාවට වඩා බොහෝ දුප්පත් රටක්. නමුත් ඔහුන්ගේ සවුක්‍ය සේවය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා. මම හිතන්නේ ඒ රටේ වෛද්‍යවරු අති දක්ශයෝ. යුරෝපයේ හොදම සවුක්‍ය සේවයක් තිබෙන ඉතාලිය මේ අවස්තාවේ ඔහුන්ගේ වෛද්‍ය වරුන්ට උපදේශන ලබා ගැනීම සදහා කියුබාවෙන් වෛද්‍යවරු කැදෙවුවා . එංගලන්තයේ ප්‍රශ්නය ඔහුන්ට දක්ශ වෛද්‍ය වරු නොමැති වීම .එහි රෝහල් වල වැඩ කරන්නේ අඩු සුදුසුකම් ලත් අප්‍රිකානු සහ ආසියානු රටවල වෛද්‍යවරුන්. නැවතත් කියුබාව දෙසට ආවොත් සමාජ වාදය නිසා අන්ත අසරන උන රටක්. බොහෝ දෙනෙක් කුසගින්නේ සිටින රටක්. සංචාරක ව්‍යපාරය දරුනුවටම බලපාන රටක් .

    • Shanika says:

      Ee golla gana ape Trump uncle balaaganiyi…api kalabala wenda oone naa

  3. Lolla says:

    අනේ හුකේ….
    එහෙනං ඉතින් බය නැතුව පාරට බහිමු…… මෝදර ගෑනිට මාසයක් කොරෝන හැදිලා ගෙදර උන්ට negative නං අපි මොනවටද බය වෙන්නේ……

    කාවද බං මුන් මේ අන්දන්නෙ……

    • ponil says:

      අනේ හුකේ ඔයා ඔය ගරහන්නේ උපදුන රටට නේද.ඔයා කවුරු වෙනුවෙන්ද කඩේ යන්නෙ.? රටට කෙලවූනත්.අම්මා අනුන් එක්ක නිදිකරලා හරී පක්ෂය රකින්න. අනේ හූ ඇන් පී 3%

      • nimalsiri says:

        ane deepankoban umbe ammava maath ekka budiyaganna.mata aasai lokema vishaala huthu thiyena jaathiye(sinhala) geheniyakuth ekka hukanna ponil.

        • පිරිමි මිසී says:

          ඉස්ලාමය කියන්නෙ මානසික රෝගයක් තමා. මූ එකේ උපරිම ඵලය වූ මරක්කලයෙක්. පිස්සන්ගේත් පිස්සු තම්බි .

          • රවුං බෝල says:

            නබිය කියල පිස්සෙක්ගෙන් පුරුදු වෙච්ච දේවල් ඌ මෙහෙ ඉඳන් කරන්න හිතන් ඉන්නෙ.

    • Hesh says:

      ඔව් ඔව් ලෝකෙම රැවටිලා ජෙප්පො ටික හැර. උබලගේ තියෙන්නෙ කුහක කම. උබල හිතන්නෙම ලන්කාව හැම තිස්සෙම පරදින්න ඕනෙ කියලා.

    • Mahesh Gamage says:

      Ado lolla hutan

      kawadda ban thope oya kuhaka kama nathi wenne.

      thopi wage elowatath nathi melowatath nathi apathayoth thiyagena me pin bima me ganata wath yana eka ape parana pinak.
      thope paw thamay yako apita gewanna wealth thiyenne
      puluwan nan maka bawila palayanko bolage boss lage USA walata.

      ME RATA HITHATHI SIYALU DENATA MA PINBARA WESAK MANGALLAYAK

      ANEKUTH JUNP 3% apathayanwa makaba wethwa.

      hak

  4. හෙලයා says:

    කොරෝනා වලින් බේරීමට සහ සුව වීමට අවශ්‍ය හෙල වෙද බෙහෙත් වට්ටෝරුව FB ඇත.

  5. ගරසරප says:

    පොසිටිව් වෙච්ච ගමන් රෝහල් ගත කරන එකම රට ලංකාව සහ සුලු ජාතීන් ආන්ඩුවට එරෙහිව අවියක් ලෙස රෝගය භාවිත කරන එකම රට.

  6. Hesh says:

    ලන්කාවේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය තාම දියුනු රටවල මිනිස්සුන්ගේ ප්‍රතිශක්තියට වඩා හොදයි. කිරි පිටි, පාන් පිටි, කොත්තු, පැනි බීම නවත්තලා, දේශීය හාල්, දේශීය කැද වර්ග පරිබෝජනය පටගන්න. ඉස්සරහට එන්නෙ මිනිසා තාක්ශනික වශයෙන් දියුනු වෙද්දී ශාරීරික වශයෙන් දුර්වල වෙන යුගයක්. තාක්ශනයෙන් වගේම ශාරීරික සහ මානසික වශයෙන් දියුනු රටක් තමයි අපිට අවශ්ය.

  7. Ranasinghe says:

    කැනඩාවේ අල්බටා ප්‍රාන්තය හෝ නවසීලන්තය බලන්න ඉගන ගන්න

  8. This is the result of Strong Leadership of President Gotabaya………………………

    Traditional Local Medicine System and the Buddhism

  9. සරාා says:

    මෙහෙමයි ලෝකයේ කොහේවත් ආසාදිතයෙක් හමු වුනොත් පැය 24ක් යන්න පෙර ඔහු වටා ඉන්න පලමු දෙවන තෙවන සිව්වන ආදි වශයෙන් කන්ටැක්ට් ලිස්ට් හොයාගෙන ලඟම ඇසුරු කරන්නන් නිරෝදායන මධ්‍යස්ථානවලට රැගෙන යාම හා අනෙක් පුද්ගලයන් නිවෙස් තුලම නිරෝධායනයට ලක්කිරිම කලා.සමහරවිට ගමම ලොක්ඩවුන් කරා.මෙම ආසාදිතයන් හඔායාම රජ්‍ය බුද්ධි සේවය හා තිවිධ හමුදා බුද්ධි සේවයන් විසින් හරියටම කලට වෙලාට කර ඒ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි හරහා පි.එච්.අයි. මහත්තුරුන්ට දුන්නා.ඔවුන් එතැන් සිට එම පිරිස් පාලනය කිරිම නියමා කාරයෙන්ම කරා.ඒක නිසා තමයි වෛරස් පොකුරු හතලිස් ගනනම අක්‍රිය කලේ.අද වෙනකම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වෙනවා නම් සෞඛය අංශ දන්නවා ඒ එන්නේ මොන පොකුරෙන්ද කියලා.ඒ කියන්නේ වෛරසය පැතිරෙනවාට වඩා වේගයෙන් බුද්දි අංශ ක්‍රිකාරි වි ඔවුන් කොටු කරා.අනෙක මෙතන පැහැදිලිවම පෙනෙන්නට තිබුන දෙය තමයි ටීම් වර්ක් එක.රාජ්‍ය නායකයා මෙම විවිධ එකිනෙකට නොගැලපෙන රාජ්‍ය ආයතන එක කංඩායමකට ගොනු කරනු ලැබුවා.ඒකනේ කොරෝනා කාර්්‍ය සාධක බලකායේ ප්‍රධානියා විදියට හමුදාපති තුමාව පත්කරලා තියෙන්නේ.අනෙක ලෝකයේ කොහේවත් මෙහෙම දහස් ගනන් වෙනම ස්තානවලට ගෙනගොස් නිරෝධායනය කලේ නැහැ.කොහොම හරි අපි වෛරසය පැතිරෙනවාට වඩා වේගවත් වුනා.මෙම ක්‍රියාදාමයම තමයි ප්‍රභාකරන් සෙට්ට පොච්චි කරන යුද්ධයේදි වුනේ.එහිදි කවදාවත් නොවුන දෙය තමයි එකම ප්ලැන් එකකට ත්‍රිවිධ හමුදාවම යොමු කරවිම.ආමි ගුවන් නාවික හා පොලිසිය හා අනෙකුත් රාජ්‍ය ආයතන හා ජනතාව එකම ප්ලැන් එකකට වැඩ කරවිම.

  10. සරා says:

    මෙම කෙර‌ෝනා මෙහෙයුමේදි වුන ප්‍රධාන අත් වැරැද්ද තමයි සුදුවැල්ලේ කුඩ්ඩෝ අල්ලන ගිහිල්ලා නාවික හමුදාව ආසාදිතයින්විම.එහි සම්පුර්න වැරැද්ද කරේ වැලිසර නාවික කඳවුරේ ලොක්කා.මොකද කුඩ්ඩෝ අල්ලලා එදාම පිසිආර් පරික්ෂණවලට සම්පල් අරගෙන තමයි නිරෝධායනයට ගෙනගියේ.පහුවෙනිදා කුඩ්ඩෝ පොසිටිව් වුනා.එහෙනම් අන දෙන නිළදාරියා දැන ගන්න ඔ්න ඒ මෙහෙයුමට සම්බන්ධ සියලුම නිලධාරින් කදවුර තුල හුදකලා කර නිරෝදායනය කිරිමට.මුළු ලංකාවේම ඔිනම පොඩි එකෙක් දන්න දෙයක් මේ මෝඩ නිළධාරියා කරේ නැහැ.රෝහලකට කියන්නේ නැතුව ආසිදිතයෙක් ආවම එම වාට්ටුවේ හිටපු කාර්ය මන්ඩලයම නිරෝදායනය කරා.මෙහෙම රෝහල් කියකද කරාද? මිගමුව රාගම වැලිසර පොලනේනරුව මහරගම ආසිරි කළබෝවිල ආදි වශයෙන් කොතරම්ද?නමුත් දැන් ඉතින් ඒ පොකුරත් කොටු කර අක්‍රිය කරමින් තියෙනවා.දැන් දින 10කට සිට එන්නේ ඒකේ ආසාදිතයෝ පමනයි.

  11. සරා says:

    අපි යුද්ධය කරෙත් අපේම ක්‍රමයකට මෙම මෙහෙයුමත් අපේම ක්‍රමයකටයි යන්නේ.අනෙක මෙම මෙහෙයුමට අපේ රටේ ප්‍රජා සෞඛ්‍ය කියන සංකල්පය බොහොම ප්‍රයෝජනවත් වුනා.නැත්නම් බුද්ධි අංශ සොයා ගන්නා තොරතුරු කාටද දෙන්නේ.එතන සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි හා පිඑච්අයි මහත්තුරු හිටියා.අපේ රටේ පුරවැසියා හා රෝගියා අතර පරතරය ඉතාම කුඩායි.අනෙක් රටවල නිලදාරියා හා ජනතාව අතර කිලෝ මිටරය සිය දහස් ගනනක දුරක් තියෙනවා.ඒ කියන්නේ කිලෝ මිටර දහස් ගනන් දුරක් ගෙවාගෙන ජනතාව නිලාධාරියා වෙතට ආයුතුයි.නමුත් අපේ රටේ පවුල් සෞඛ්‍ය නිළදාරිනිය හා පිඑච්අයි මහත්තයා ගමේ අදාල ජනතාව වෙතටම යනවා.සමහරවිට අදාල ගෙදර එලියේ තියෙන පුටුවේ වාඩිවෙලා ඉදන් තමයි උපදෙස් දෙන්නේ.ඒකනේ අපේ රටේ ප්‍රතිශක්ති කරන වැඩපිලිවෙල මුළු ලෝකයෙන්ම ඉදිරියෙන් ඉන්නේ

  12. සරා says:

    ඉතින් ජනාධිපති තුමා අපි දන්නවා මෙම ක්‍රියාවලියේදි ත්‍රිවිධ හමුදාවට සමහර ටාඩට් දිලා තියෙන්නේ පැය 2න් පැය තුන් 3න් දින 2න් කලයුතුයි කියලා.වැරදිලාවත් යහපාලන ආන්ඩුව තිබුනානම් මේ වෙනකොට මුළු කැබිනට් මන්ඩලයටම කොරෝනා හැදිලා රටෙන් භාගයටත් කොරා්නා.ඊට පස්සේ දහස් ගනනන් මිනිස්සුස මැරුනාම බලු රාජිත ඇතුලු කට වාචාලයන් කියයි අපේ 3000 ගැන කවර කතාද බලන්න ඇමරිකාවේ යුරෝපයේ මිනිස්සු විසිදහස් ගනනින් මැරිලා තියෙනවා කියලා.ඒවගේම ජනාධිපති කියයි මම මේක දැන ගත්තේ පත්තරෙන් කියලා.රනිල් මේකට යුරෝපයෙන් උපදෙස් ගනිවි.ඒකනේ මෝඩ සජිත් කිව්වේ අපි ඇමරිකාවෙන් මෙම මර්දනයට උපදෙස් ගත යුතුයි කියලා.ඇමරිකාවෙන් උපදෙස් ගත්තානම් මොකද වෙන්නේ?එහෙනම් ඔවුන් අපට කියාවි ප්‍රජාවට හර්ඩ් ඉමියුනිටි හැදෙනකම් ඉන්න ඊට පස්සේ වෛරසය ඉබේම විනාශවෙලා යාවි කියලා.හර්ඩ් ඉමියුනිට් හැදෙන්න නම් ප්‍රජාවෙන් 60%කට රෝගය ආසාදනය වෙන්න ඉඩ හැරිය යුතුයි.එතකොට ඔය 60%න් 5-10%ක් මැරුනාම ගනන දස දහසෙන් ඉහල ගානක්.දැන් ඔය ඇමරිකාවේ හා යුරෝපයේ වෙලා තියෙන්නේ

  13. සරා says:

    අනෙක තමයි ජනාධිපති තුමා මාර්තු 11 ඉදලා අප්‍රියෙල් 11 විතර වෙනකම් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිම ආන්ඩු පක්ශ දේශපාලනයෙකුට මාධය ඉස්සරහාට ඇවිල්ලා පාරම් බාන්න දුන්නේ නැහැ.මාධය ඉදිරියට එව්වේ අදාල නිළධාරින්ම පමනයි.ඒ ගොල්ලෝ හැම වෙලාවෙම මාධ්‍යට දුන්නේ ටෙක්නිකල් පැහැදිලි කිරිමක් පමනයි.ඒකනේ රටේ පක්ශ විපක්ශ ජනතාව මාධ්‍ය සාක්ච්චා දෙස ඉතා ඔිනැකමකින් සවන් දුන්නේ.ඇමතිවරුන්ගේ මාධය ඉදිරියට එන්න දුන්නේ සෞඛ්‍ය ඇමතිට හා ආර්තිකය සම්බන්ධයෙන් බන්දුලට විතරයි.යහපාලනය තිබුනා නම් කොරෝනා මර්දනය ගැන මුළු ආන්ඩුවට මාධය ඉස්සරහාට ඇවිල්ලා මෝඩ කතා කියමින් ජනතාව ඉදිරියේ

  14. සරා says:

    හාස්‍යට හා පිලිකුලට භාජනය වෙනවා.එහෙනම් කොරෝනා මර්ධනය කරන හැටි ජනතාවට කියන්නේ ප්‍රවාහන ඇමති.සෞඛ්‍ය ඇමති ඇවිල්ලා කොරෝනා ගැන නොවෙයි මේක පැතිරෙන එකට වග කියන්න ඔ්නේ රාජපක්ශලා කියලා කියාවි.අන්තිමට මේවා බලන් ඉදලා 2000ක් 3000ක් මැරෙනවා.තව එකෙක් ජනාධිපති තුමා මෙම වෛරසය ගැන මුළු රටම බිය වෙලා ඉන්න වෙලාවේ ගොවියන්ට අස්වැන්න කපන්න හා වගා කරන්න අවසර දුන්නා.ඒකනිසා තමයි රටටම කන්න හාල් තිබුනේ.නැත්නම් මිනිස්සුන්ට බත් කන්න ලැබෙන්නේ නැහැ.දීවරයාට මුහුදු යන්න අවසර දුන්නා.ආර්ථික මධ්‍යස්තානවලටත් අවස්ථාව දුන්නා.ඇත්තටම අපිත් භය උ‌නා මෙම තිරන නිසා වෛරසය පැතිරිම උග්‍ර වේවිද කියලා.ඒකේ ප්‍රතිපල නිසා තමයි ඉදිරි මාස 3දිත් අපට සහල් පිටරටින් ගෙන්වන්න අවශය නොවුනේ.හමුදාව ලවා මේටික් ටොන් 25000ක් කෙලින්ම මිලදි ගත්තා එයට අමතරව කුඩා හා මදය පරිමාන වෙලදුන්ට වි මිලදි ගෙන සහල් කර නැවත රජයට දිමට මුදල් වෙන් කලේ.ඒක නියම ස්ට්‍රැටජි එකක්.ඉදිරියේදි අරලිය හා නිපුන ඇතුලු 20කට අඩු මහාපරිමාන සහල් මාපියා කරයන්ට ඉදිරියේදි දගලන්න ලැබෙන්නේ නැහැ.ඔවුන්ගේ ප්ලැන් එකක් තිබුනා සිංහල අවුරුද්දට සහල් හිගයක් ඇතිකරන්න.ඒක කරන්න රජය ඉඩ දුන්නේ නැහැ

  15. සරා says:

    කොහොමත් අපි අපේට අවශ්‍ය සහල් එලවලු පලතුරු හා මාළු ටික නිපදාවා ගතයුතුමයි.මොකද ඉදිරියේදි ලෝකයේ කිසිම රටකින් මෙවැනි අරබුද්යකදි සල්ලිවලටවත් මේවා මිලදි ගන්න බැහැ.නැව් එනකම් උඩ බලන් හිටියත් ලැබෙන්නේ නැහැ.
    මේකෙන් අපට ප්‍රත්‍යක්ශ වෙන්නේ ජවෙිපේ ඇතුලු යහපාලන නඩයට තව අවුරුදු 20කටවත් මේරටේ පාලන බලය තියා නගර සභාවකවත් බලය දිය යුතු නැති බවයි.මතකනේ පාස්කු ප්‍රහාරයට පෙර හා පසු ඔවුන්ගේ හැසිරිම.මහා පරිමාන පුහුනු කඳවුරු දැන් හමුවෙන්නේ කොහොමද?පුද්ගලයෙක් පසුකාලෙක හමුවුනා කියන එකට වාඩා මේවගේ විශාල පරිමානයේ දේපල සොයා ගැනිමට එදා බැරි වෙන්නත් දැන් පුළුවන් වෙන්නත් හේතුව මොකකද?එකම පොලිසිය තාම ඉන්නේ.ඔවුන්ට මේ මාස කිහිපයේදි ඇමරිකාවෙන් අලුතෙන් පුහුනුවක් දුන්නෙත් නැහැ.අලුතෙන් කිසිම ආයුධයක් ගෙනාවෙත් නැහැ.ඒකියන්නේ යහපාලන රජය මගින් හිතාමතා මෙම පරික්ෂණ අඩාල කර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

  16. Chami says:

    මොන්ගොලියව චීනයට සහ රුසියාවට ගොඩබිමෙන් සම්බන්ද වූ විශාල රටක්. නමුත් එහි කොවිඩ් රෝගීන් 41

    • Hesh says:

      ඉතින් කවුරුත් කියලා තියෙනවද මොන්ගෝලියාව ෆේල් කියලා. දුප්පත් රටවල් තමන්ට පුලුවන් විදියට තමන්ගේ ක්‍රමයට නැගිටින එකට මමනම් මාර කැමතියි. ඒත් මේකෙ සමහරු ඉන්නවනේ ලන්කාව කිසිම දෙයක් හරියට කරනවා දකින්න අකමැති එවුන් ටිකක්. උන් එකතු වෙලා ආණ්ඩුවක් හදපු හැම වතාවෙම රටට කෙල උනා.

    • සරා says:

      chami.අපි කියන්නේ නැහැ ලංකාව තමයි ලෝකේ එකම රට මේ මට්ටමින් වෛරසය මර්දනය කරපු.නමුත් අපි දකින්නේ ලංකාවේ මලමිනි ගොඩ ගැහිලා අඩුම තරමේ ආදාහන කටයුතුවත් කරගන්න බැරි තත්වයට පත්වේවි කියලා සිහින මවපු අය ඉන්නවා.ඒ එකෙක් කියලා තියෙනවා බය වෙන්න දෙයක් නැහැ ඉදිරියේදි මලමිනි ගොඩ ගැහෙනවා.ඊට පස්සේ නැවත යහපාලන ආන්ඩුවක් පහසුවෙන් පිහිටුවිය හැකියි කියලා.දැන් එවුන් ඉන්නේ කෝපාවිශ්ඨ වෙලායි.දැනට සති කිහිපයකට පෙර කිව්වා ලෝකේ හොදම මර්දනය කරේ කියුබාව කියලා.කියලා ටික දවසක් ගියේ නැහැ කියුබාවට කෙලවුනා.ඊටපස්සේ කිව්වා මියන්මාරය තමයි හොදම කියලා.ඊටත් පස්සේ කිව්වා වියට්නාමය හොදයි කියලා.දැන් කියනවා මොංගෝලියාව හොදයි කියලා.මොනවද බං මේ මිහක් කතා?