ලංකාවේ කොරෝනා ඉහල යාම බරපතලයි.. සංචරණ සීමා පැනවිය යුතුමයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

May 6, 2021 at 10:00 am | lanka C news
ලංකාවේ කොරෝනා ඉහල යාම බරපතලයි.. සංචරණ සීමා පැනවිය යුතුමයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…

ශ්‍රී ලංකාව තුල දෛනිකව කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් ඉහල නිසා බැරෑරුම් ව්‍යාප්තියක් ලෙස සලකන ලෙසත් දැඩි සංචරණ සීමා ගැන අවධානය යොමු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි.

එම සංවිධානය ශ්‍රී ලංකා නියෝජිතවරිය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදය ආසන්නයේම බවයි.

මෙම වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් වෙහෙස නොබලා කටයුතු කිරීම අගය කරන බවද පැවසූ ඇය ජීවිත බේරා ගැනීමටත් වෛරසය පාලනය කිරීමටත් ඕනෑම ආකාරයකින් සහය ලබාදීමට සූදානම් බවද සඳහන් කර තිබේ.

වෛරසය පාලනය කිරීමට එන්නද එකම මෙවලම නොවන බව කී ඇය මේ මොහොතේ වසංගතය පාලනය කිරීමට සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය වන බව ද කියා සිටියාය.

78,372 views

16 Comments to “ලංකාවේ කොරෝනා ඉහල යාම බරපතලයි.. සංචරණ සීමා පැනවිය යුතුමයි..- ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි…”

  1. මරතේනිස් අයියා says:

    පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සොයා බලා ඔවුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළා හා සමානවම සෞඛ්‍ය අංශ වල උපාදස් නොතකමින් ඉතා හිතුවක්කාර ලෙස ක්‍රියා කරමින් හිතාමතාම මිනිස් ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරණ වත්මන් රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද විමර්ශනයට වහාම කොමිසමක් පත්කොට ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට අනාගතයේ පත්වන රජයකින් කටයුතු කළ යුතුය.තවද රටේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය හිතාමතාම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද අදාල පියවර ගැනීමට අනාගත රජයක මූලිකම කාර්යයක් වියයුතුය එහිදී විශේෂයෙන්ම ලොකුගේ වැන්නන්ට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගතයුතුය

Main News