ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියද්දී ඡන්දය තියන්න බැරි ඇයි…

May 11, 2020 at 5:30 pm | lanka C news
ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියද්දී ඡන්දය තියන්න බැරි ඇයි…

මහ මැතිවරණය පැවැත්වීම වැලැක්වීමට විපක්ෂය විසින් ගෙනයනු ලබන සැලසුම් සහගත බාධාකාරී වැඩපිළිවෙල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

අද (11) රත්නපුර නව නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂය  පසුගිය කාලවකවානුවේ ආණ්ඩු පක්ෂයේ සිටින විටත්  විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් මැතිවරණ කල්දැමීමට කටයුතු කලා.පළාත් පාලන මැතිවරණය  අවුරුදු  දෙකක් විතර කල්දැම්මා.පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැම්මා.දැන් විපක්ෂයේ සිටිමිනුත් මේ කණ්ඩායම උත්සහා කරන්නේ කෙසේ හෝ මහමැතිවරණයත් කල්දාගන්න.දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි බලවේගය මේ  පක්ෂවල නම් වෙනස් වුනාට මේ සියළු දෙනාගේ මතවාදය එකයි.

ආණ්ඩු පක්ෂයේ සිටියත්  විපක්ෂයේ සිටියදීත් ජනතාවට සේවය  කර තියෙනවනම් ඡන්දෙට බිය විය යුතු නැහැ.නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ෂණයක්.ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහ ඉහලින් කතාකරන එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ ඒ අයිතිය උදුරා ගැනීම වෙනුවෙන්  පෙනී සිටීම අපිට අනුමත කරන්න බැහැ.රටේ පවතින වාතාවරණය සැලකිල්ලට  ගෙන මැතිවරණ කොමිසම මැතිවරණය ජූනි 20 තියන්න තීරණය කර තිබෙනෙවා. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම එම ක්‍රියාවලියට බාධා කරමින් මැතිවරණ කොමිසම වෙත සිදුකරන බලපෑම අයුක්ති සහගතයි.සෙනෙවිරත්න මහතා පැවසීය.

කොරොනා වෛරසය මර්දනය කිරීමේ රජයේ වැඩපිළිවෙල අද ඉතාමත් සාර්ථක වී තිබෙනවා.ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශයන්හී උපදෙස් ලබා ගනිමින් එම කටයුත්ත මනාව කළමනාකරණය කර ගනිමින් සිටිනවා.අගමැතිතුමා,සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය යාන්ත්‍රණය මේ සඳහා දක්වන දායකත්වය රටේ සියලුම ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙනවා.පසුගිය රජය විසින් අකර්මන්‍ය කරන ලද බුද්ධි අංශ පවා අද මේ වැඩපිළිවෙල සඳහා සක්‍රීයව දායක වෙනවා. කොරෝනා වෛරසය මර්දනය කිරීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට පවා අද ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා.නමුත් විපක්ෂයේ ඇතැම්  කුහක දේශපාලඥයන්ට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වැඩපිළිවෙලක් වෙලා.ඒ අයට එළඹෙන මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු ලබා දෙයි.සෙනෙවිරත්න මහතා  වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

78 views

17 Comments to “ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථක බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියද්දී ඡන්දය තියන්න බැරි ඇයි…”

  1. G says:

    Api bpi imu…
    Denam atti halena.

  2. Parakum says:

    Remember one politician in the 70s used to say “LOKEMA UTHUM RATA LANKAWAI” at that time we were forced to eat Manoic & Banana Stems, and they were going to bring Rice from the MOON to feed the population. Current politicians talking about “one of the countries that prevented successfuly the spread of CORONA VIRUS”, what BUMKUM, only the POHOTTUWE HOTU SLAVES will believe such Bumkum.

Main News