ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

April 11, 2020 at 10:00 am | lanka C news
ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග නිසි ඇගයීමක් නොකර ලිහිල් කළහොත් තත්ත්වය වඩාත් බරපතළ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ කළහොත් ශ්‍රී ලංකාව තත්ත්වය වඩා බරපතළ වී ඇමරිකාව, ඉතාලිය, ඇමෙරිකාව, එංගලන්තය, ස්පාඤ්ඤය වැනි රටවල තත්ත්වයට පත් වීමට බෙහෙවින් ඉඩ ඇති බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී දින 50කින් රෝගීන් වර්ධනය උපරිමය වාර්තා කරන බව ද ඒ අනුව මෙරට රෝගී වර්ධනය උපරිමය මැයි මාසයේ මුල් සතියෙන් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

එනිසා කොරෝනා ව්‍යාප්තිය ගැන සියලු දත්ත එදිනෙදා ජනතාව අතරට පත් නොකළහොත් මෙහි බැරෑරුම් කම ජනතාව තේරුම් ගැනීමට නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනට නිරෝධාන කඳවුරු වල සිටින පිරිස් සහ ඔවුන් ස්පර්ශ වූ අය පරික්ෂා කර අවසන් කරන තුරු කොරෝනා වසංගතය රටපුරා පැතිර යාම වැළැක්වීමේ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

321 views

64 Comments to “ලංකාවේ කොරෝනා මැයි මුල උපරිමයට.. ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ බරපතල වෙයි..-”

  1. නිමල් says:

    ජනාධිපති තුමනි. මූගේ කට වහන්න ඕනේ. මූ පිස්සෙක්

  2. Hemantha says:

    What is your AL results?

    Haritha: I cannot reimember. Hukeees😃

  3. Mahesh says:

    මෙහෙමයි මචන්ලා. GMOA කියන තරම්ම යකා කළු නොවෙන්න පුළුවන්. ඒත් අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය හා පහසු කම් එක්ක බැලුවම අපි පුළුවන් තරම් ආරක්ෂාකාරී පැත්තට බර වෙන එක නේද වෙන්න ඕන? මොකද දැනටත් අළුතෙන් ලෙඩ්ඩු හොයා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට PCR පරීක්ෂණ තවම කෙරෙන්නේ නැහැ. ඒක නිසා හොයා නොගත්තු ලෙඩ්ඩුත් තව සැලකිය යුතු තරම් ඉන්න පුළුවන්. අනික අපේ සමහර මිනිස්සුන්ගේ වගකීම් විරහිත හැසිරීමත් පහුගිය දවස් වල දකින්න ඇති නේ. ඉතින් ඒ ඔක්කොම දිහා බැලුවම තවමත් අපිට සැලකිය යුතු තරම් අවදානමක් තියෙනවා. අනික යම් විදියකින් හරි රෝග ව්‍යාප්තියේ 4 වන අදියරට ගියොත් වෙන්නේ ලොකු විනාශයක්. අපේ රටේ තියෙන සීමිත දැඩි සත්කාර හා අනෙකුත් සෞඛ්‍ය පහසු කම් ඒ වගේම රටේ ආර්ථික තත්ත්වය දිහා බැලුවම ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල් පවා අමාරුවේ වැටිලා ඉන්න එකේ අපිට මොනවා වෙයිද? ඒක නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන රෝග ව්‍යාප්තිය මෙතනින්ම නතර කර ගන්න මිසක් රෝග ව්‍යාප්තිය දරුණු වෙනකම් ඉඳලා ඒකට මුහුණ දෙන එක නෙවෙයි. දිගටම ඇඳිරි නීතිය එක්ක ඉන්න එක අමාරුයි තමයි. ඒත් වැඩේ වැරදිලා ගියොත් රටට වෙන දේ ගැන කල්පනා කලොත් අපිට වෙන විකල්පයක් නැහැ කියන එක තේරෙනව. ඇපි හැමෝම ආසයි තමයි තිත්ත ඇත්තට වඩා සැනසිලිදායක බොරුව අහන්න. ඒත් ඉතින් අපිට අන්තිමට ඇත්තට මුහුණ දෙන්න වෙනවාමයි. ඒක නිසා අමාරුවෙන් හරි අපි මේ නරක කාලයේ ආරක්ෂා වෙන්න උත්සාහ කරමු.

  4. Manoj says:

    ඔබතුමා කියන එක හරි. ඔබතුමාලගේ ඇලෝපති වෛද්‍ය විද්‍යාවේ මහ ගෙවල් වලට වෙලා තියෙන දේ දැක්කම , ඒ දේවල් ලංකාවට නොවෙයි කියල හිතන්න ඔබතුමාලට තියා අපිටත් අමාරුයි .

    ඔබතුමා නො දන්නවා වුණාට ලංකාව තුළ විකල්ප වෛද්‍ය ක්‍රම තුනක් පවතිනවා ඕනෑම වෛරස සාදනයකට බෙහෙත් පවතින .

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාව , හෙළ වෙදකම , පාරම්පරික සිංහල වෙදකම කියන තුනේ ම කොරෝනා වෛරසය වලක්වා ගැනීමට අවශ්‍ය ඖෂධ තියෙනවා .

    කරුණාකරලා බටහිර වෛද්‍යවරු වන ඔබතුමන්ලා රටේ ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා තවත් රවට්ටන්නේ නැතුව , රෝගය වලක්වන්න හොඳ කරන්න පුළුවන් වෛද්‍ය ක්‍රම වලට ඉඩ දීලා පැත්තකට වෙන්න පුළුවන් නම් නේද හොඳ ?

    බටහිර වෛද්‍ය විද්‍යාව ගණන් ගන්නේ නැති වියට්නාමය වගේ රටවල් වල කොරොනා පැතිර නැති බව තේරෙන්නේ නැද්ද ?

  5. Nalin says:

    One track minded educated professionals lacking knowledge in common ground realities or ability to think in a broad spectrum.

Main News