ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..

November 27, 2020 at 11:20 am | lanka C news
ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොරෝනා 03 වන මට්ටමේ පැතිරීමකදී පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවත් පැහැදිලිව සඳහන්ව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එවන් තත්ත්වයක් යටතේ පාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි කොරෝනා පැතිරීම වැළැක්වීම සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැහැදිලි කළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.

39,463 views

16 Comments to “ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..”

  1. ක්‍රිමිනල් says:

    මේ ගුරුවරු දන්න ලබ්බක් නෑ , දැන් බ්‍රැන්ඩික්ස් පොකුර නිවලා , තියෙන්නේ පැලියගොඩ පොකුර , රටේ හමුවන ඔක්කොම ආසාදිතයො පැලියගොඩ පොකුරෙන් , අහඹු පරීක්ශණ වලින් හමුවෙන්නෙත් පැලියගොඩ පොකුරට සම්බන්ධ උදවිය , මිය යන රෝගීන් සියල්ලම පාහේ ,එ පොකුරේ උදවිය එක හින්දා පාසැල් ඇරියට අවුලක් නෑ , සියයට දෙසියක් සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේද අනුගමනය කරන හින්දා අධ්‍යාපන ලේඛම් දුවා දරුවන්ගේ සියයට සීයක් ගන්න හින්දා කිසිම අවදානමක් නෑ ! තාම අපි ඉන්නේ කොවිඩ්19 දෙවෙනි මට්ටමේ ,සමාජ පැතිරීමක් නෑ ,අහබු මරන නෑ ! පාලනය කරන්න පුලුවන් මට්ටමේ ඉන්නේ.අපි බය නෑ ශ්‍යාමා ! 😏

Main News