ලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවකින් හෙලිවෙයි…

October 28, 2021 at 2:10 pm | lanka C news
ලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවකින් හෙලිවෙයි…

කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%කට පමණ පෝෂදායී ආහාර නොලැබෙන ලැබෙමින් ඇතැයි ආහාර අයිතීන් පිළිබඳව සොයා බැලීමේදී ජාතික ආයතනය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ දිස්ත්රික්ක දහයක් පදනම් කරගනිමින් එම ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇත.

කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අදාළව සිදු කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළි දක්වා තිබේ.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 71%ක් අඩු මිල ආහාර ලබා ගෙන ඇති බවත් 69%ක් සතියේ ආහාර වේල් වලින් පහක් ලබාගෙන නැති බවත් හෙළි වී ඇත.

14%ක් සතියකට දිනයක් හෝ දෙකක් එකම ආහාර වේලක් හෝ ලබාගෙන නොමැති බවද එම වාර්තාවෙන් හෙළි කර තිබේ.

13,119 views

11 Comments to “ලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවකින් හෙලිවෙයි…”

  1. අරුන සුසන්ත says:

    High way ටික හදල ඉවරවෙලාම කන්න දෙමු නේද ජොනී. පෝර ටිකත් පස්සෙම ගෙනෙමු.

  2. Jude perera says:

    Kanawa neme lowanawa

  3. B.R wijesinghe says:

    ජනතාව බඩ ගැන හිතල ම නෑ වගේ

  4. SL says:

    ලංකාවෙ ජනගහනය වැඩියි.අනිවාර්ය පාලනයක් ආ යුතුයි.එක ගෙදරට 2 ක් සීමා කල යුතුයි

  5. saman says:

    කන්න නැත්ත ඉන්න රටක් තියන බව අමතක කරන්න එපා

  6. Kasun Perera says:

    කමක් නෑ…අප්පච්චිට අපි ආදරෙයි

  7. Dinesh says:

    මම දන්න අයගෙන් වැඩි හරියක් සතියට වේල් 5,6ක් කන්නෙ නෑ. උදේට කන්නෙම නෑ. කන්න වෙලාවක් නෑ. සල්ලි පස්සෙම දුවනව.

    • RED BULL says:

      උඹ කොහොමද එව්ව දන්නෙ?උඹත් ඒකෙන් එකෙක් නේද​?යකෝ මන්දපෝෂණය කියන්නෙ කන්න දෙයක් ගන්න සල්ලි නැති නිසා බඩ ගින්නෙ ඉන්න එවුන්.උඹ වගේ හිතන උන්ට කියන්නෙ මන්ද මානසිකයො.

    • Jagath says:

      රාජපක්ෂ අධිපෝෂණය

  8. කැපුවත් පොහොට්ටුවට says:

    යහපාලුවො බලේ හිටියනම මෙලහට බෝම්බ පුපුරල ලක්ෂ ගානක් මැරිල.

  9. '''දේශීයත්වයේ විප්ලවය,...! says:

    ”’දේශීයත්වයේ විප්ලවය,…
    සැබෑ නදහස් සටනට අපවිසින් අවතීර්ණ වෙමින් පවතී,.!

    ”ආර්ථික බවබොග සහ සවාභාවික බවභෝග අතර සංකළනය වහාම සමතුළිත කළ යුතුයි,.
    ආහාර පාන රටාවන් වෙනස්කළ යුතුයි,.ආර්ථික බෝග වගාවන්ට සමගාමීව බවබෝග විවිධාංගීකරනයට වාහාම යොමු විය යුතුයි,.!

    ”කොස් දෙල් පොල් අල බතල සහ මත්‍ස්‍ය සම්පත සඳහා රාඡ්‍ය අනුග්‍රහය මැදිහත්වීම සහ දීරිගැන්වීම් වහාම ක්‍රීයාත්මක වියයුතුයි ,.. !

    ”’බත්බූරැවන් සේ බත් ගිල නොදමා,. සතියේ දවස් හත,.. කොස් දෙල් අල බතල යනාදී වශයෙන් නීරෝගී දේශීය ආහාර තුළින් බලගැන්වීම පාසැල් පන්සල් තුළින් ආරම්භ කළ යුතුයි,.!

    ”ඡාතියේ විශාළතම සම්පත, මනා සංවිධාන ශක්තියකින් යුක්ත යුධහමුධාවේ දායක්වය වහාම ආහාර සුරකෂිත භාවය සඳහා යෙදාගතයුතුයි,.

    ක්‍රෘශිකර්මය සහ ඡළය වහාම ආක්‍රමිකයන්ගෙන් මුදාගැනීමට ක්‍රියා කළ යුතුයි,.! ආහාර සුරකෂිතභාවය සඳහා රඡය මැදිහත්වී දේශීය දැනුමට අනුගතවී වෙනස් නොවන ස්ථිර ඡාතික ප්‍රතිපත්තියක් සැලසුම් සහිතව ක්‍රියාවට නැංවිමට වහාම රඡය ක්‍රියත්මක විය යුතුයි,.!

    දේශීය ක්‍රමවේද උපයෝගීකරගනිමින් දේශීය යාන්ත්‍රණය පනගන්වා ඡන ඡීවිත සුරකෂාකළ යුතුයි,.!