ලංකාවේ ඩොලර් බිලියන 19ක් අතුරුදන්.. රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි…

April 7, 2022 at 10:22 pm | lanka C news
ලංකාවේ ඩොලර් බිලියන 19ක් අතුරුදන්.. රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි…

‘ගෝඨා ගෙදර යනු, 20 අහෝසි කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු’ මැයෙන් 43 සේනාංකය විසින් (7) කොල්ලුපිටිය ප්‍රදේශයේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට පා ගමනින් අමෙරිකානු තානාපති කාර්‍යාලය අසළට පිරිස පැමිණි අතර, 43 සේනාංකය නායක, පාඨලී චම්පික රණවක මහතා එහිදී රැස්ව සිටි පිරිස ඇමතීය.

“මේ රටේ අද තිබෙන ගැටළුව සතියකට දෙකකට ඩොලර් ටිකක් තෙල් ටිකක් ඉල්ලගෙන විසඳන්න පුළුවන් ගැටළුවක් නෙමෙයි. අපි එදා 2014 දි කිව්වා මේ පවුල රටේ දේපළ කොල්ල කාලා තියෙනව කියලා, නමුත් එතකොට අපිට නොයෙක් චෝදනා කළා දේශද්‍රෝහියො ජාතිද්‍රෝහියො කියලා. නමුත් අද රටේම ඉල්ලීම රාජපක්ෂලා කොල්ලකාපු දේපළ අපේ රටට දෙන්න කියන එකයි. රටේ ජනතාවගෙ දරුවන්ගෙ දේපළ කොල්ලකාලා ඇමරිකාවට පැනලා ගිහිල්ලා සුවසේ ජීවත්වෙන්න රාජපක්ෂලට ඉඩ දෙන්න බෑ. රටේ දේපළ කොල්ලකාපු එක එකා දැන් රටෙන් යනවා. ජනාධිපති අගමැති කියනවා අයින් වෙන්න බෑ කියලා. ඒත් ව්‍යවස්ථානුකූලව ඒ අයව අයින් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්.

පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිව ගෙදර යවන්න. ජනාධිපතිගෙ බලතල කපන්න 19 වෙනි සංශෝධනය වගේ එකකින්. දෝෂාභියෝගයක් ගෙනල්ලා ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරලා දඬුවම් දෙන්න. 113 ඉන්නවනම් ජනාධිපතිගෙ වැය ශීර්ෂය කපලා දාලා එතුමව එතුමගෙ මිරිහානෙ පුද්ගලික ගෙදරට සීමා කරලා තියන්න.

මහින්ද රාජපක්ෂ මහත්තයා හිතාගෙන ඉන්නවනම් අර ඉස්සර සෙල්ලම් කරන්න දින 52 වගේ සැලුන් දොර ඇරලා ඒවට අපි ඉඩ දෙන්නෙ නෑ.

පවුල්වාදය නැතිව අධ්‍යාපනයෙන් ඉහළට ආපු මේ රටේ සියළුදෙනා ව්ෘත්තීයවේදීන්, පරිපාලන නිලධාරීන් ආදී කුසලතා පරපුරට අපි ආරාධනා කරනවා මේ රට බාරගන්න කියලා. පාර්ලිමේන්තුවට පුළුවන් ඇමැතිවරුන්ගේ බලතල ගන්න. පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යාංශ කිහිපයකට එකතු කරලා රාජපක්ෂලව එළියෙ තියලා මේ රට කරගෙන යන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.”

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්‍යාලය වෙත පෙත්සමක් බාර දීමට ද පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 43 සේනාංකය පිරිස කටයුතු කරනු ලැබිණ.

එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ලෝක අවංකභාවය පිළිබඳ වාර්තාව (Global Financial Integrity Report) අනුව 2005 සිට 2013 දක්වා ලංකාවෙන් ඩොලර් බිලියන 19.9 ක් නීති විරෝධී ලෙස පිටතට ගොස් ඇති බවය. ඒ අනුව සෑම වසරකම ඩොලර් බිලියන 1.9 ක් ශ්‍රී ලංකාවෙන් පිටතට ඇදී ගොස් ඇති අතර, ඊට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ එවක පාලකයන් වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බවත්, රාජපක්ෂවරුන්ගේ පවුල්, ඥාතීන් අමෙරිකාවේ විශාල වත්කම් ප්‍රමාණයක් තබාගෙන සිටින බවත්, රාජපක්ෂවරු ශ්‍රී ලංකාව තුළ කිසිම ව්‍යාපාරයක යෙදුනු අය හෝ වෘත්තිකයන් ලෙස කටයුතු කළ අය නොවන බැවින් ඔවුන් මේ සා ධනයක් දේපළක් රැස්කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව පෙඩරල් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ. මෙම වත්කම් ශ්‍රී ලංකාවෙන් සොරාගත් ධන‍යෙන් උපයාගත් බවට තහවුරු වුවහොත් එම වත්කම් තහනම් කිරීමට කටයුතු කරන ලෙසත්, නැවත එම ධනය ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

– media unit

149,579 views

44 Comments to “ලංකාවේ ඩොලර් බිලියන 19ක් අතුරුදන්.. රාජපක්‍ෂලාගේ වත්කම් ගැන ඇමරිකා ෆෙඩරල් පරීක්‍ෂණයක් ඉල්ලයි…”

  1. Ranil says:

    ඔය කියන කාලය ඇතුලත ඔයා වැඩිපුරම හිටියේ රාජපක්ෂලා එක්කනේ

    • අනේ ගොනෝ says:

      මේ පච රණවකයාගෙ මුදල් වන්චා සම්බන්ධ පැනමා පේපර්ස් ගැනත් සොයා බලන්න. මූ ෆයිල් මිටියක් පෙන්නලා . රාජපක්ශලා කළ හොරකම් වල සාක්කි මෙන්න දින 100න් ඔක්කොම අල්ලනවයි කිව් මේ පරයා අවු.4ක් තිස්සෙ හොයලා කෝ අල්ලපු හොරු? මුන් ඒ හොරු ඇල්ලුවා නම් අද වෙනකොට හොරු හිරේ.

  2. Tom Peter says:

    thawath pal horek. muu e kale hitiye e anduwene

  3. de says:

    43 වෙනි සේනාංකය. හීනෙන් වෙන්නැති යුද්ධ කරන්න ඇත්නේ

    දොන් ජුවන් ධර්මපාල කියලා රනිල් ට අපහාස කරලා යහපාලන ආණ්ඩුව කාලේ රනිල් ගේ පැත්තෙන් ඉදගෙන 2019 දී U.N.P. ජනපති අපේක්ෂකත්වය ගන්න වලිකාපු ලජ්ජා නැති එකා

  4. සුනිල් රණතුංග says:

    ඇත්තටම මේ කාලකන්නි

    දේශපාලුවො මුන් එලවපුදවසක තමයි රටට හරියන්නෙ මේකාලකන්නිට කැමරා අල්ලගෙනමයික් අල්ලල පොරවල් කරන්න එපා

  5. JR says:

    👉 මොකක්ද මේ කැනහිලාගෙ බලු සේනාංකය..? මූ නං අර මොංගලයව බලන්න යන්න ලං වෙලා වගේ..! 2015 බලයට ඇවිත් ඕවා නොකර හොරා කකා ඉඳලා දැන් ආය ඇට සූප්පු කරන්න ඕන වෙලාද අඩු කුලේ පර හැත්ත උඩුබුරන්නේ…??? 2015-2020 බැංකු හොරකම හොයන්නෙ බොගෙ බාප්පද පරයො…? 2015-2020 හම්බන්තොට වරාය විකුණපු සල්ලි පිල්ලි ගැහුවද යකෝ..?
    මහ රෑ මැද අවලමේ ගිහින් අතරමගදි වාහනේ හප්පලා අර ලමයට කරපු අපරාදෙත් කියපං පාපතර කැනහිලා… ඒකෙ cctv දර්ශන වලට මොකද වුනේ කියල හොයන්නත් ඇමෙරිකාවටම කියපිය තක්කඩියා…!!!

Main News