ලංකාවේ තවත් කොරෝනා මරණ 101ක්.. එය දිනක වැඩිම වාර්තාවයි.. ඊයේ ආසියාවේ 05.. ලෝකයේ 15..

June 11, 2021 at 12:00 pm | lanka C news
ලංකාවේ තවත් කොරෝනා මරණ 101ක්.. එය දිනක වැඩිම වාර්තාවයි.. ඊයේ ආසියාවේ 05.. ලෝකයේ 15..

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ.

එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි.

ඊයේ දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි.

එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 තැනට එය වාර්තා වෙයි.

73,301 views

32 Comments to “ලංකාවේ තවත් කොරෝනා මරණ 101ක්.. එය දිනක වැඩිම වාර්තාවයි.. ඊයේ ආසියාවේ 05.. ලෝකයේ 15..”

  1. exUNPer V says:

    සජිත් හිටිය නම් 100 ක්‌ මැරුණ කියලා එකෙක් වත් කෑ ගහන්නේ නෑ.
    දිනකට දහස් ගානක් මැරුණට පස්සේ 100 මොකක්ද?

    • 69_ලස්සේ_මෝඩ_මෑන් says:

      සහතික ඇත්ත. ඒ වගේම “ස” හිටියානම් -100 යි. කෝ ඉතින් මුන් මොලේ උඩ වාඩි වෙලානෙ තීරණ ගන්නේ.

  2. truth says:

    එක මනුස්සයෙක් සහ ඔහුගේ පවුලේ අය නඩත්තුකරන්ඩ. රටේ ජාතික ආදායමෙන් අති විශාල මුදලක් වැය කරනව. මේවා අහිංශක ජනතාවගේ බදු මුදල්. කිලෝ මේටර් 10 ක දුරක් යන්ඩත් චොපර් එක ඕනෑ. ඔහුගේ ආරක්ශා සේනාව ජනාධිපතිගේ ආරක්ශාවට යොදා ඇති බට පිරිස මෙන් කීපගුනයකින් වැඩියි. පාර්ලි මේන්තු මන්ත්රී දූරයක්වත් නැති ඔහුගේ ගජ මිතුරු රනිල්ට ජනාදිපතිටත් වඩා ආරක්ශාවක් දීල. මේ සාපයෙන් රට නිදහස් වෙන්නේ කවද්ද

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹල වගේ උන්ට මොලේ පෑදුන දවසට?

      • truth says:

        පැරණි වැඩවසම්වාදී යුගවල දක්නට ලැබුණු පවුල් දේශපාලනය මුළු ලෝකයෙන්ම අතු ගෑවී, මකබෑවී, තොලෙංචි වී යන සමයක එය තවමත් හිස් මුදුනින් පිළිගන්නා බයි හුදී ජනයා ගෙන් සැදුම් ලත් ශ්රී ලංකාවේ නූතන ශිෂ්ටාචාරයෙන් අත්මිදුණු කැළෑ රාජ පෙළපතක් වෙත තව දුරටත් මෙරට පාලන බලය පැවරීමේ කඩිනම් ව්යාපෘතියක් මේ දිනවල ක්රියාත්මක වේ

  3. panchayudaya says:

    රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව ජුනි 11 දින ප.ව. රු 1 . 00 ට නිකුත්කර ඇති නිවේදන අංක 562/2021 ට අනුව 2021 පෙබරවාරි 06 වන දින සිඳු වී ඇති කොරෝනා මරණයක් හෝ මරණ පිළිබඳව, වසංගත රෝග අංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊයේ එනම් ජුනි 10 වන දිනයේය.එනම් දින 124 කට පසුව හෙවත් දල වශයෙන් මාස 04 කට පසුවයි.

    රෝහලකදී කලින් කොරෝනා බව තහවුරු නොවූ රෝගියෙක් මියගිය පසු එම රෝගියා මිය ගියේ කොරෝනා වලින්දයි බැලීම PCR පරීක්ෂණයක් කරනු ලැබේ.මෙහි ප්‍රතිපල එන්න මාස ගණන් යා නොහැක.එසේ යනවා නම් අපේ සෞඛ්‍ය සේවය ඉතාම අකාර්යක්ෂමය,ප්‍රාථමිකය.මේ අනුව පෙබරවාරි 06 මිය ගිය රෝගියෙක් හෝ කිහිපදෙනෙකු කොරෝනා වලින් මිය ගිය බව පැහැදිලි වී ඇත්තේ දල වසයෙන් මාස 04 කට පසුව බව මේ නිවේදනය අනුව පැහැදිලි වේ.කරුණාකර මේ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ඉල්ලා සිටින්න.එසේ පැහැදිලි කිරීමක් නොලැබුනොත් මා නම් මේ වාර්තා විශ්වාස කරන්නේ නැහැ.