ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…

June 23, 2022 at 10:00 am | lanka C news
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…

Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී.

අදාල ලිපියෙන් එතුමා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත් එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී.

එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව සඳහන් කරන ලදී.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් එම එකඟතාවය ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ලදී.

– මාධ්‍ය ඒකකය

83,112 views

28 Comments to “ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…”

  1. අපි බයියො නෙවි අයුබොං says:

    Apita kanna nathath ane putiyo ewapan misile ekak ape parlimenthuwama sunnath duli welaa yanna ..kalakanni serama ekka

  2. David Milli-banda says:

    With the arrival of the Indian Finance Minister to SL, We must discuss this matter bilaterally or trilaterally.

    Better go through India to obtain our requirements or through China. They can keep a margin & set off against what we owe them.
    Then, we can overcome western pressure untill we can improve exports..

  3. Apita kanna says:

    දැන් තියෙන්නේ චීන රුසියානු හවුල විසින් මෙහෙයවනු ලබන මෛත්‍රී, විමල් කණ්ඩායම සහ ඉන්දු ඇමරිකන් හවුල විසින් මෙහෙයවනු ලබන ගෝටා, බැසිල්, රනිල් කණ්ඩායම අතර තරඟයයි. දැනට ඉන්දු ඇමරිකානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබුනද 2023 ජනවාරි මහා මැතිවරණයෙන් ජයග්‍රහණ කරන්නේ කවුරුන්දැයි නොදනිමි. එය බොහෝ විට සංයුතිය වෙනස් වී ඉන්දු ඇමරිකානු කණ්ඩායමම විය හැක.

Main News