ලංකාවේ පැතිරෙන්නේ බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයදැයි ප‍්‍රබල සැකයක්.. ලක්‍ෂණය එසේමයි..

April 22, 2021 at 5:30 pm | lanka C news
ලංකාවේ පැතිරෙන්නේ බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයදැයි ප‍්‍රබල සැකයක්.. ලක්‍ෂණය එසේමයි..

බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා ශෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ දී මෙම නව වෛරසය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී එහි එස් ප්‍රොටේන හඳුනාගැනීමේ හැකියාව නැතිව ගොස් තිබූ බවත් කොළඹ දී කරන ලද පරීක්ෂණ වලදී ද එවැනිම තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් ඔහු කීය.

ශ්‍රී ලංකාවේ දැනට පැතිර පවතින්නේ අලුත් වයිසර ප්‍රභේදයක්ද නොඑසේ නම් දැනට පවතින වයිරසයේ විකෘතියක්ද යන්න ගැන සොයා බලා ගෙන යන බවද ඒ මහතා සඳහන් කළේය.

සිංහල අවුරුද්දෙන් පසු කොරෝනා රෝගීන්ගේ මෙන්ම එම රෝග ලක්ෂණවල ද වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව පැවසූ චන්දිම මහතා තරුණ පිරිස්වලට ආසාදනය වීම ද වැඩිවන ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ප්‍රකාශ කළේය.

කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ ලබන මස මුලදී අරඹන බව ද ඔහු කීය.

මේ අතර වෙනස් වයිරස ප්‍රභේද වෙනස් ක්‍රමයකින් හඳුනාගැනීමට ද කටයුතු කරගෙන යන බවත් ඒ සම්බන්ධ පී.සී.ආර් පරීක්ෂණ ලබන අඟහරුවාදා ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

මේ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල 23 මෙරටට ලැබෙනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කළේය

– lankadeepa

25,818 views

7 Comments to “ලංකාවේ පැතිරෙන්නේ බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදයදැයි ප‍්‍රබල සැකයක්.. ලක්‍ෂණය එසේමයි..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    බ්‍රිතාන්‍ය ප්‍රබේධයට කේරල ගව මුත්‍ර කෙලින්ම බොන්නෙ නැතුව, ඉගුරු, කොත්තමල්ලි, සාදික්කා සමග උණු කරලා, නිමුණු පසු මී පැණි දාල බිවුවොත් හොදයි නේද.

  2. Jagath says:

    දම්මික පැණිය බිව්වා නම් ගොඩ.

    • Nimal says:

      දැන්වත් අර හංගගෙන ඉන්න සායනික වාර්තා එලියට දාපල්ලා. වැක්සින් ගහපු මිනිස්සු මැරෙනවා අතැරැ ආබාද මොනතරමි එය්ද කියලා කවිරැත් දන්නේ නෑ. ධමිමික මහත්තයාගේ බෙහෙත ලක්ස 30 බිවා අතුරැ අබාද නැ කවිරැත් මැරැනෙත් නෑ, ප්‍රෙපෙසර් නලින් සිල්වා මෙි කතාව බන කියන්නේ වගේ කිවා කබිබෝ එතුමාට අපහාසකලා

  3. Rangana says:

    දැන් අර ප්‍රබේද මේ ප්‍රබේද කියනව මිසක් ඕවෑ රෝග ලක්ෂණ කියපන්කො.

  4. කොරෝනා එපිසෝඩ් 3 - දැන් පෙන්වනවා says:

    මැයි පළවෙනිදා වෙනකොට මුළු රටේම ඉතා දරුණු ලෙස මේක පැතිරෙනවා. හිතා ගන්න බැරි විදියට ඉස්පිරිතාල වල ICU පිරි ඉතිරි යනවා. මිනිස්සු හිටගෙනම පාරේ මැරිලා වැටෙනවා. වයිරස් වල ප්‍රබෙහ්ද අදුරගන්න බෑ කියල සවුක්‍ය අධ්‍යක්ෂ ජනරාල් කොලේ බලන් ටීවී එකේ වොඉස් කට් දෙනවා. ඊට පස්සේ ඇඩ්රස් නැති වෙන්න අයෙමත් මුළු රටම ලෝක් ඩවුන් කරනවා. මැයි පලවෙනි සතිය ඉවරවෙනකොට ම වගේ තත්වය සාමාන්‍ය අතට හැරෙනවා විසාලා මහනුවරට් පිරිත් පැන් ඉස්සා වගේ. ඊට පස්සේ සුපුරුදු පරිදි මිනිස්සු පොල් පටවලා බස් කොච්චි දුවනවා, එපා කියද්දී බලෙන්ම ළමයි ඉස්කෝල වලට ගෙන්න ගන්නවා, ලොකු තැන නාහෙන් අඩ අඩා ගම අස්සේ රිංගනවා ඊළඟ චන්දෙට කැම්පේන් කරන්න. ඒ අස්සේ ජෙප්පෝ ටිකයි ටෙලිෆෝන් කාරයෝ ටිකයි පාරට බහිනවා 5000 ඉල්ලගෙන. පාස්කු කොමිසන් අර කොමිසන් මේ කොමිසන් අමතකයි. මිනිස්සු මරල උනත් බලය ගන්න අපේ රටේ මේවා සුළු දේවල්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      පල ජෙප්ප යන්න. ඉන්දියාවට වෙච්ච දේ බලපන්.

  5. ලංකාව ..>>> උතුරු කොරියාව says:

    මේක බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා ගොඩක් වෙනස්. ඊට වඩා ඇති ප්‍රබලයි. හැදුනොත් මතකය අවුල් වෙනවා. ඉන්න හිටින තැන් අමතක වෙනවා. මල මුත්‍රා පහවෙනවා පාලනයක් නැතුව. එකපාර ඇඟම ගැහිලා ගැහිලා පෙනහළු අක්‍රිය වෙලා පන යනවා. මේකට කියන්නේ පාස්කු ප්‍රහාර භිතිකා රෝන කියල.

Main News