ලංකාවේ බලශක්තිය වැඩිදියුණු කරන්න අපි උදවු කරනවා..- ඇමරිකාව
March 5, 2022 at 3:00 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය අතර හමුවක් අද (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙරට අමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාව සමඟ පවතින දේශපාලන සමාජයීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරණ බව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය මෙහි දී අවධාරණය කළාය.
කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජුලී ජේ. චන්ග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා සහය වන බවට විශ්වාසය පළ කළාය.
අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීමට ජුලී ජේ. චන්ග් මහත්මියට මෙහි දී සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු ද එක්ව සිටියහ.
රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
ලංකා හූමිය ආක්‍රමණය කරනා වෙස්වළාගන්නාළද බ්‍රතාන්‍ය අමෙරිකානු ආක්රමණිකයා,..
දෙමුහුන් ගනිකාව වහා පන්නා දමනු,.!
අමෙරිකානු ආක්‍රමිකයාගේ බළශක්ති ඒකාධිකාරය මාපියාව වියරුව මර්ධනය කරනූ,.!
ඇමෙරිකානු ගැති ගූටාබය වංචනික යා වහා බළයෙන් පන්නා දැමීමේ සටනට සූදානම් වනූ,.!
අමෙරිකානු වහල් මුග්ධයා ගූටා රට පාවාදීම නිසා වහා අත්අඩංගුවට,.!
කොමිස් 10% දෙනවද?
දේශීයතවය දේශීය දැනුම සහිත පාළනයක් ඉස්තාපිත නොවන්නේ නම් තවදුරටත් හූමිය, මර්මස්ථාන සහ ජාතික සම්පත් කොළ්ළය සිදුකරන්නේනම්, ඒ පුනර්ජනනීය බළ ශක්තියට අකුල් හෙලන්නේනම්, ඩීසල් බළාගාර මාපියාව පවත්වාගෙන යන්නේනම් මොන වෙනස් රට තුළ සිදුවුවද රට ස්වයංපෝෂිත සහ ස්වාධිපත්‍ය ලගා කර නොගනු ඇත!
වෙස්වළාගන්නාළද ලද බටහිර අමෙරිකානු ආක්රමණිකයා චීන වසයෙන් රට තුළට ඇතුළු වීමට දරනා මුග්ධ වංචනික ක්‍රීයාන්විතය හදුනා ගනු!
බටහිර ගැති වහල් කළු සුද්දන් නිළධාරීන්, පාළක වහළුන් බළය නැවත ආක්‍රමණය කර රට ජාතිය වියරැවැටී සිටිනා මිනීමරු බ්‍රතාන්‍ය අමෙරිකානු ත්රස්තවාදියා ග්රහනය ගැනීමට දරනා කූඨ ලේඛන ප්රයත්නය සහ සහයෝගය දක්වනවා ගෝඨාභය පරයාට දරුණු පතිපළ ලගදීම බළා පොරොත්තු වන්න,.! !
ඒ කාලයේ මොනවා කීවත් කමක් නැහැ. MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න.රටවැසියා නිහඬයි.
සාගින්නේ ඉන්නා මිනිහාට වහත් කෑමක් බව දන්නෝ දනිති. සිංහලයා එදත් අදත් දෙකේම මෝඩයන් බව රටේ බලධාරීන් දනී.
ගොනා හැරෙන්නේ පොල පැලේ කන්ඩ තමා, නිවට නායකයෝ මේවට උදම් අනනවා
විජාතිකයන්ට අතපාන එඩිතර සිංහලයෙක් .
අනේ අප්පේ එපා. ඔහෙලා උදව් කරපු හැම රටක්ම අන්තයටම විනාශ කරන්නේ වෙලා. අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ඇමරිකාවෙ ණය ගෙවලා දාන්න. මේ පාරවත් රුසියාවෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් හොඳයි.
අනුන්ගේ රටවලින් බලාශක්ති වෙනුවෙන් රටේ මිනිසුන් බේද බින්න කරලා හොරකම් කරල තමන්ගේ රටටත් කෙලවගෙන අපේ රටටත් කෙලවන්න හදන තොපි ලෝකෙටම සාපයක්. ලෝකෙම දන්නවා තොපි ගැන
ලයිට් නැතුව කලුවරේ හිටියත් තෙල් නැතුව පෝලිමේ හිටියත් ඇමරිකන් උදව් නම් අපිට එපා. සුදු කර ගන්න කලු සල්ලි ගේන කපුටන්ට ඕන දඬුවමක් දීගත්තට අපිට කමක් නෑ. කපුටො දඩමීමා කරගෙන අපේ රටට අතපොවන්න විතරක් එන්නෙපා
ඕක ඉංග්‍රීසියෙන් දාපන් යකො ඇමරිකන් එම්බසියට 😂😂😂 මේකෙ දැම්මට උන් බලන්නෙ නෑ මේවා. කලිසමේ කක්කා කරගෙන වගේ රඟන් නැතුව කෙලින්ම ඇමරිකන් එම්බසි එකට යවපන් මේල් එකක්. මේකෙ රඟන්නෙ නැතුව නන්නයා වගෙ 😂😂
පඩත්තර ඇමරිකානුවෝ රෑනකට බලය දීල ඇමරිකාවට ගරහනවා. මෙහෙමත් අමනයෝ…