ලංකාවේ මහා ආපදා කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන්.. රට ඉදන් අද එයි..

May 31, 2017 at 10:00 am | lanka C news
ලංකාවේ මහා ආපදා කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන්.. රට ඉදන් අද එයි..

197 දෙනෙකු මිය ගොස් සියයක් පමණ අතුරුචහන්ව තවත් මය ලක්‍ෂයක් පමණ අතුරුදහන් වූ දැවැන්ත ව්‍යවසනයක් ලංකවට බලපා තිබියදී එම කාලය පුරාම විදෙස්ගතව සිටි ආපදා කලමණකාරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

ඇමතිවරයා මෙම කාලය තුලදී මෙක්සිකෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයක් සදහා ගොස් තිබින.

මෙම සම්න්ත‍්‍රණය අමතමින් ඇමතිවරයා හදිසි ආපදාවකදී ජීවිත, දේපළ, යටිතල පහසුකම් හා ආර්ථිකයට වන හානිය අවම කිරීම ගැන විශේෂ දේශණයක්ද පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ මෙක්සිකෝවේ සිට මෙරටට ඒමට අවම වශයෙන් පැය 30ත් ගතවන බවත් ඇමතිවරයා නැතද තමන් අදාල වගකීම නිසි ලෙස ඉටු කරමින් සිටින බවත්ය.

කෙසේ වෙතත් මෙම සමුලුව නිමා වුයේ පසුගිය 26 වනදායි.

48 views

9 Comments to “ලංකාවේ මහා ආපදා කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන්.. රට ඉදන් අද එයි..”

  1. sasi says:

    ලංකාවෙ ඉන්නෙ පුදුම මිනිස්සු තමයි. රටේ ඕනම විපතකදි නැත්නම් දේශපාලන ලෝකයේ වැරැද්දකදි දේශපාලකයින්ට පලු යන්න බනිනව. වෙන රටවල දේශපාලකයො ක්‍රියාකරන ආකාරය ගැන සංසංදනය කර කරත් බනිනව. ඒත් අනේ ඊලඟ ඡන්දෙදි දෙපැත්තට බෙදිල බැනපු උන්වම ආපහු බලයට ගේනව. කලාතුරකින් හරි මිනිස්සුන්ට යන්තමකට තේරිල ඕවගෙ එකෙක් පැරදුනොත් ජනාධිපති උතුමා ඌව ජාතික ලැයිස්තුවෙන් බලයට ගේනව. ඉතින් ලංකාවට අබ සරණයි. කවදාවත් ගොඩ යාමක් නම් නෑ. පුළුපුළුවන් එව්වො රට පැනපල්ල

    • sama says:

      I agree 100% and we dont need politicians to run the country, just a waste of billions of our money

  2. alaya says:

    ෆෝසස් වල දහස් ගණන් කට්ටිය දාලවත් තාමත් මුව හොයාගන්ට බැරි උනාද? අනිවා මු 26 ලංකාවට ඇවිල්ල මේ ව්‍යසනයට ගොදුරු වෙලා ඇති.

  3. pp says:

    donesh gankandanam kiwwe yapa gotabaya wage modal nasthi nkarana nissa meheta ena bas ekak enakam meksikowe bas nawathom polata wela thawama balan innawalo kiyalayi.

  4. Sathya says:

    Yes, people will do their duty in return, soon.

  5. ජසයා says:

    ඔහුට ආපදාවකින් තොරව ආපසු සපැමිණීමට හැකිවේවා!!!

  6. වසන්ත ගුණරත්න says:

    මොන කජ්ජටද බන් කෝටි ගණන් වියදම් කරගෙන ඇමති කෙනෙක් පත්කරන්නේ ?
    නියෝජ්‍ය ඇමති කෙනෙක් පත් කර ගත්තම ඉවරයි නේ.

  7. lolla says:

    I saw him in the duty free buying liquor

  8. sdc says:

    bari welawath mewelawe gani maronanam meya enakota hathdawase dane dila thiyyi neda.

Main News