ලංකාවේ වැඩ ඇමරිකාව යුරෝපය තරහ ගස්වනවා.. ගැටුමක් ඇති විය හැකියි..

September 29, 2020 at 5:20 pm | lanka C news
ලංකාවේ වැඩ ඇමරිකාව යුරෝපය තරහ ගස්වනවා.. ගැටුමක් ඇති විය හැකියි..

‘යුරෝපා සංගමය, ඇමරිකාව සහ එංගලන්තය ආනයන පාලනයට මිත්‍රශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ අවදානම‘ කර ශ්‍රී ලංකාව යොමු වෙමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

පසුගිය මාස 6 තුල රජය දැඩි ආනයන පාලනයක් පවත්වාගෙන යයි. බටහිර රටවලින් ආනයනය කරන තත්වයෙන් උසස් භාණ්ඩ, අමතර කොටස්, පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, වාහන, කාර්මික යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ හිඟයක් වර්ධනය වෙමින් ඇත. ගෙවුම් ශේෂය පාලනය කිරීමට භාණ්ඩ ආනයනය පාලනය කිරීම, ප්‍රාථමික ආර්ථික උපක්‍රමයක් යැයි කවිරත්න මහත්මිය පැවසූවේ මාතලේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය.

ආණ්ඩුවේ ආර්ථක දැක්මක් නැතිකම, දිගු කාලීන ආර්ථික හා දේශපාලනික අර්බුද රැසකට මාවත විවර කරමින් තිබේ.

අපේ රටේ ප්‍රධාන අපනයන ඇඟළුම්, තේ, කුළුබඩු, කෝපි, මැනික් ඇතුළත්. මධ්‍යම පළාත තමයි තේ, කෝපි, කුළුබඩු නිෂ්පාදනය කරන ප්‍රධානම මර්මස්ථානය. ඇමරිකානු ඩොලර් මිලියන 1000 කට ලැබෙන්නේ මේ කෘෂි නිෂ්පාදනවලින්.

මාතලේ – අළහැර සීමාව තමයි ලංකාවේ මිල අධිකම මැණික් හම්බවෙන්නේ. ඩොලර් මිලියන 430 කට වඩා එයින් වසරකට ලැබෙනවා.

ආනයන සිමාකිරීමට එකට එක කිරීමක් ලෙස ඇමරිකාව, යුරෝපය ලංකාවේ අපනයන සීමා කිරීමට තීරණය කළොත් ඉස්සර වෙලාම විනාශ වෙන්නේ මාතලේ, මහනුවර, නුවරඑළියේ ආර්ථිකය යි.

ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළෙදපොල අපනයනයෙන් 25% ක පංගුවක් හිමි ඇමරිකාවයි. එංගලන්තයට 9% ක් අපනයන පංගුවක් සහිතව දෙවන ස්ථානයේ ද සිටී. යුරෝපා සංගමය ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙදපොළයි. යුරෝපා සංගමයේ රාජ්‍යයන් වන ජර්මනිය 4.7% , ඉතාලිය 4.6% , බෙල්ජියම 3% , තුර්කිය 2%, නෙදර්ලන්තය 1.% , ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, පෝලන්තය ලංකාවේ අනෙකුත් ප්‍රධාන වෙළෙඳ පොළ අතර වේ. කැනඩාව 1.8% ක් හිමිකර ගනී. ඒ අනුව, ලංකාවේ අපනයන ආදායමෙන් 80%කට වැඩි කොටසක් යුරෝපා සංගමය (40%), ඇමරිකාව (25%) හා එංගලන්තය (9%) මගින් ලැබේ.

ලංකා අපනයනවලින් 33.8% ක් යුරෝපයට විකුණනු ලබයි. ඇමරිකාව හා කැනඩාවට තවත් 30% කි. මේ කණ්ඩායම් දෙක ආර්ථික හා දේශපාලනිකව තරහා කර ගැනීමක් පාමුලට රජය පැමිණ තිබේ.

ලංකාව භාණ්ඩ ආනයනයක කරනු ලබන්නේ ඉන්දියාව 22%), චීනය (20%), ඩුබායි (7.5%), සිංගප්පුරුව (6.2%), ජපානය (5%) විසිනි. ලංකාවට භාණ්ඩ ගෙන්වන රටවල් අතර ඇමරිකාව (3.9%) හය වන ස්ථානයේ ද, ජර්මනිය 10 වන ස්ථානයේ ද, ඉතාලිය 14 වන ස්ථානයේ ද වේ.

අපගේ අපනයන ආදායම රැදී ඇත්තේ යුරෝපය, ඇමරිකාව හා එංගලන්තය මත ය. යුරෝපා සංගමය දැනටමත් ලංකාවේ ආනයනය සීමා කිරීම පිළිබඳ උනන්දුවී ඇත. ඉතා නුදුුරු කාලයක ලංකාවේ ආනයන සීමා කිරීම් වෙළෙඳ හා දේශපාලනික අර්බුදයක් බවට පත්වීමට ඇති ඉඩ කඩ විවර කරන බව ද කවිරත්න මහත්මිය පැවසූවාය.

වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහාත්, විදේශ මුදල් සංචිත පවත්වා ගැනීම සඳහාත් ආනයන සීමා කිරීම දිගු කාලීන පිළියමක් වන්නේ නැත. එය දිගු කාලීන අර්බුද රැසකට මාවත හෙළි කරනු ඇති අතරම, අනවශ්‍ය දේශපාලන ගැටුමකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටී.

– media unit

59,246 views

31 Comments to “ලංකාවේ වැඩ ඇමරිකාව යුරෝපය තරහ ගස්වනවා.. ගැටුමක් ඇති විය හැකියි..”

  1. කවටයා says:

    මහාත්තයාට ම

  2. 77 UNP says:

    එලදෙනක් ලතෝනි දෙනවා මේඩින් USA, England භාන්ඩ නැතුව කුලප්පුව හැදිලා. ඔය UNP ෆොරින් මේනියාව. මුන්ගෙ නායකත්වය පොදුජනතාව ගැන බොරුවට ස්ටෙජ් වල ඇඩුවට මුන්ගේ සත්‍ය කැක්කුම තියෙන්නේ කොතනද කියලා දැන්ගන්න පුලුවන් මේ වගේ වෙලාවට.

    • බයියා says:

      ඔව් බං මුන්ට පිස්සු මගුලක් කතා කරනවා, පුන්නක්කු මිලට ප්‍රශ්නයක් නැත්නම් ඕන මගුලක් 🤣🤣🤣.
      අපි නොදන්න යුරෝපා සංගම් නැද්ද බං. කන්න බොන්න නැති උනොත් තණකොළ කනව යකෝ.

  3. Don sarath Sweden doc says:

    Pissu mantalayak appa. Swedish People are very patriotic. Can learn a lot.

  4. පොල් බූරුවා says:

    ගියපාරත් රනිල නේ කවිවෙ GSP නවත්තන්න කියලා. දැන් මෙි පාරත් දුවාවි කේලමි කියන්න. ඔයිට හොද නැද්ද රෙද්ද ගලවල බිම එලුවනං.

  5. saman says:

    මෙවන් බුද්ධිමත් කාන්තාවන්ගගේ දේශණ මෙහි පල කරමින් lankacnews මඟින් ඉටුකරන ජාතික මෙහෙවරට අප ගේ උත්මචාරය වේවා.

  6. RED BULL says:

    කවුරු තරහ උනත් ඔයා අපි එක්ක තරහ වෙන්න එපා.අපි ඔයාට ඔයා අපිට.වෙනද වගේම අපි සතුටින් ඉමු රෝහිණී.

  7. අල්ලා says:

    මේ වගෙ පරගැතියො ඉන්නකම් රටට සෙතක් නෑ…

  8. mali says:

    yes you get all their garbage to srilanka just like your government did then they will be very happy.Now enough is enough this government should start punishing the culprits ,NGO s who were behind all these things rather than going around with commissions without punishing the MPs and NGO people who destroyed the country.

  9. Tomba says:

    Another cow is cimplaining. Your boss Ranil’s neo liberal economic policies brought this countrie’s Economic Development growth rate from 7•8% to 1•8% and when you left the economy was in shambles. 8 Economic programmes in 4 and half years without achieving anything. Now you are saying UMBAAAAA again. Go home and have a good sleep!

Main News