ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…
August 20, 2019 at 3:26 am | lanka C news
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන බවය.
ශවේන්ද්‍ර සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් සංවිධාන කිහිපයක් විසිනුත් මානව හිමිකම් චෝදනා එල්ල කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.
මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයත්, යුක්තිය හා වගකීම ප්‍රවර්ධනයට වු කැපවීම් හැල්ලුවට ලක් කර ඇති බවත් එහි සදහන්ය.
මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙන් සිය ප්‍රතිචාරය කුමක්දැයි දක්වා නැත.
මංගල සමරවීර මානව හිමිකම් කවුන්සලයේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ගෙනා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා තමයි මෙහෙම ප්‍රකාශ නිකුත් වෙන්නේ. ස්වාධීන රටකට තම හමුදාපති පත්කරන්න බැරි නම් අපි තාම යටත් විජිතයක් ද? අපි ලෝකය දිනාගත්තා කියා කයිවාරු ගැසු මේ ආණ්ඩුව රණවිරුවන් කළ සේවය බටහිරට සහ දමිළ ඩයස්බෝරාවට යටවී පාවා දුන්නා. මෙහෙම ආණ්ඩුකට තවදුරටත් පාලනය ගෙනයාමට ඉඩදෙනවා ද යන්න ජනාතාව ඉක්මනින්ම තීරණය කළ යුතුයි.
When they chose Gina Haspel, (who had a history of authorizing waterboarding torture on captured terrorist suspects) to the post of CIA chief, did foreign consulates in the US offer official protests?
And even if they did, did the US govt listen to them? No!! So what gives them the right to dictate terms to us?