ලංකාවේ විදිහට ඉන්න අරාබියක් කරන්න එන්න එපා..- අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අස්ගිරියෙන් කණේ පහරක්.. මාධ්‍යයටද කිසිත් නොකියා අස්ගිරියෙන් පැන යති.. [Video]

June 12, 2019 at 12:02 am | lanka C news
ලංකාවේ විදිහට ඉන්න අරාබියක් කරන්න එන්න එපා..- අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අස්ගිරියෙන් කණේ පහරක්.. මාධ්‍යයටද කිසිත් නොකියා අස්ගිරියෙන් පැන යති.. [Video]

ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංස්කෘතියකට වඩා අරාබි මුස්ලිම් සංස්කෘතිය ඇති කිරීමට පිරිසක් උත්සාහ දරන බවත්, එම පිරිස සමබන්ධ චෝදනා එල්ල වු ඇමතිවරුන් තමන් නිවැරදි නම් ඒ බව රට හමුවේ තහවුරු කල යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.

එහිමියන් මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් අස්ගිරි-මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදීය.

කණ්ඩායමක් ලෙස ඉල්ලා අස්වීම ගැන සැලකිය යුතු ලෙස තමන් වහන්සේලා අදහස් පල නකොල බවද කී නාහිමියන් එය මාධ්‍ය විසින් මතුකර පෙන්වූ බවත් සදහන් කලහ.

ටික වේලාවක් පැවති සාකච්චාව අවසානයේ හිටපු ඇමතිවරුන් පිරිස අස්ගිරි වමා විහාරයෙන් ඉවත්ව ගිය අතර මාධ්‍ය වෙතද අදහස් පල කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

84,297 Viewers

10 Comments to “ලංකාවේ විදිහට ඉන්න අරාබියක් කරන්න එන්න එපා..- අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට අස්ගිරියෙන් කණේ පහරක්.. මාධ්‍යයටද කිසිත් නොකියා අස්ගිරියෙන් පැන යති.. [Video]”

  1. විස්කි මැඩම් says:

    අස්ගිරියේ හාමුදුරු වරු හරියටම කියන්න ඕනෙ දේ කියලා තියනවා.

    බදුර්දීන්ට ඇතුළු චෝදනා තියන අයට පරීක්ෂණයක් කරලා දඩුවම් දෙන්න කියලා ඉල්ලන්නේ නැතුව මුස්ලිම් මැති ඇමතිලා හැමෝම ටික එකට ඉල්ලා අස් වුනේ වැරදි කාරයන් බේරා ගන්නා අදහසින්ද කියලා හිතෙන බව හාමුදු වරු හරියටම කිවුවා.

  2. හිච්චිමහත්තෙයා says:

    මකිකෙයි ඕයි මේ කටේ පිට්ටු?

    😂😂😂😄😄

  3. sathya says:

    Patta nondiya

  4. herath says:

    සෙනරත් රජු කළ දේ අස්ගිරිය මල්වත්ත කරයිද?

  5. one shot says:

    ඕක දාන්න කෙටියෙන් කපල කපල දාන්න.මාධ්‍යයට එහෙම කිව්වෙ හකීම්.හකීම් එහෙම කිව්වට අපි නම් කෙටියට කපන්නෙ නෑ. ෆවුසි,බදුර්දීන් නෝ කොමන්ට්ස්.
    නායක හාමුදුරුවනේ අපේ රනිල් හාමුටත් ඕකෙ කාබන් කොපියම දෙන්න​.මොහොමඩ් සේනාරතනටයි.මොහොමඩ් පින්සිරිටයි ඒ කාබන් කොපියෙ අනු පිටපතක් දෙන්න කියල රනිල් හාමුට කියන්න​.

  6. rohana says:

    දෙමළ කතාකරන ජනයා සමග අපේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපට ප්‍රශ්නය වූයේ දෙමළ ත්‍රස්තවාදය, එය පිටුපස සිටි බටහිර නූතනත්වය හා එයට අනුබල දුන් දේශපාලනඥයන්. එමෙන් ම මුස්ලිම් ජනයා සමග අපට ප්‍රශ්නයක් නැහැ. අපට ප්‍රශ්නය ඇත්තේ මුස්ලිම් අන්තවාදය, එය පිටුපස සිටින බටහිර නූතනත්වය හා මුස්ලිම් අන්තවාදීන් ආරක්‍ෂා කරන මුස්ලිම් දේශපාලනඥයන්. හිස්බුල්ලා යන්න ඉංගිරිසියෙන් කෙසේ ලිව්වත් උච්චාරණයේ දී ඇසෙන්නේ කාගෙ දෝ බුල්ලා කෙනෙකු ලෙසයි. හිස්බුල්ලාලා දෙමළෙන් කියන දේ සිංහලට පරිවර්තනය කර ප්‍රසිද්ධ කිරීමට යම් ජනමාධ්‍යයක් කටයුතු කරන්නේ නම් රටට හොඳක් වේවි.

  7. Hesh says:

    මුස්ලිම් උන් අරාබි වෙන්න හදන එක නවත්තනවා වගේම අපේ එවුන් සුද්දො වෙන්න හදන එකත් නවත්තන්න ඕනෙ. ලන්කාවේ කොච්චර “අන්තර්ජාතික පාසල්” තියෙනවද? ඒවගේ ලමයි ලන්කාවේ සන්ස්කෘතියටද නැබුරු කරන්නෙ ඇමරිකන් සන්ස්කෘතියටද? ලෝකෙ කොහෙවත් රටක් තියෙනවද මෙච්චර අන්තර්ජාතික පාසල් තියෙන?

  8. Nuwan says:

    අසාද් සාලි කියල තියෙනවනේ ෂරිය ඕනේ කියල, දැන් දෙන්න අනේ. නීතියක් ගෙන්න මුස්ලිම් මිනිහෙක් සිංහල හෝ හින්දු ළමයෙක් marry කලොත් ගැහැණු ළමයාගේ ආගමට යන්න ඕන කියල.

  9. danuskha says:

    මහානායක හාමුදුරුවරුන්ගේ අණ පිලිපදිමින් මාධ්‍යට කිසිවක් නොකියා ගිය එක ගැන අගය කල යුතුයි. රට ගිණි තියන ඔය ජඩ මාධ්‍යට වහාම නියාමනයක් පැනවිය යුතුයි. ඔය එකෙක්වත් රජයට විරුද්ධව මොකුත් කියන්නේ නැ ගෝඨාභය රාජපක්‍ෂ ජනාදිපති වුනාම​

Main News