ලංකාවේ සංචාරයේ යෙදෙන සිය පුරවැසියන්ට ඇමරිකාව දැඩිව අනතුරු අගවයි..
April 22, 2019 at 8:40 am | lanka C news
ශ්රී ලංකාවේ සංචාරයේ යෙදෙමින් සිටින ඇමරිකා පුරවැසියන්ට දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
ලංකාවේ සංචාරය කරන්නේ නම් ජනතාව බහුල ස්ථානයන්හි නොරැුදෙන්නැයි ඔවුන් සිය පුරවැසියන්ට දන්වා තිබේ.
ලංකාවේ ඇතිව තිබෙන තත්වය ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙසත් ඔවුන් සිය පුරවැසියනට උපදෙස් දී තිබේ.
මේ අතර තවත් රටවල් ගණනාවක්ම මෙරට සංචාරයේ සිටින සිය පුරවැසියනට දැඩි ලෙස අනතුරු අගවමින් දැනුම් දීම් කර ඇත.