ලංකාවේ සංචාරය නොකරන්නැයි චීන රජය චීන වැසියන්ට දන්වයි..

April 24, 2019 at 5:30 pm | lanka C news
ලංකාවේ සංචාරය නොකරන්නැයි චීන රජය චීන වැසියන්ට දන්වයි..

පසුගිය 21 වන දින සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි චීන රජය විසින් තම ජනතාවට දැනුම් දී තිබේ.

බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ගැන තවදුරටත් අධ්‍යනය කරමින් සිටින බවත් තත්වය සාමාන්‍ය වන තෙක් ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් දන්වා ඇත.

ඉරිදා දිනයේ මෙරට සිදුවූ පිපිරීම් හේතුවෙන් එක් චීන ජාතිකයකු මිය ගිය අතර චීන ජාතිකයන් 05 දෙනෙක් තුවාල ලබා ඇත. තවත් චීන ජාතිකයන් 05 දෙනෙක් අතුරුදහන්ව සිටී.

101 views

One Comment to “ලංකාවේ සංචාරය නොකරන්නැයි චීන රජය චීන වැසියන්ට දන්වයි..”

  1. ජසයා says:

    අළුතෙන් එන්න ඕනැ නැහැ. ඉන්න ටික ඕනැතරම් ඇති.

Main News