ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..

January 22, 2020 at 3:26 am | lanka C news
ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..

ශ්‍රී ලංකාවේ සිංහලයන්ට පෙර දෙමළ ජනතාව පදිංචි වී සිටියේ යැයි තහවුරු වී ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සීවී විග්නේෂ්වරන් සඳහන් කරයි.

සිංහල ජනතාවගේ හා දෙමළ ජනතාවගේ DNA පරික්ෂා කිරීම් වලින්ද ඒ බව තහවුරු වී ඇතැයි ද හිටපු මහ ඇමතිවරයා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දියාවේදී පැවැත්වුණු ජාත්‍යන්තර දෙමළ සංවිධානයේ වැඩසටහනක දේශනයක් සිදු කරමිනි.

සිංහල භාෂාව ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව හයවන සහ හත්වන සියවස්වල බවත් දෙමළ භාෂාව ඊට කලින් ආරම්භ වී ඇති බවද ඔහු එහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට වන ප‍්‍රකාශයන් පිළිගැනීමට නොහැකි බවද ඔහු එහිදී තවදුරටත් සඳහන් කර ඇත.

128 views

34 Comments to “ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..”

  1. සුමනපාල ගල්මංගොඩ says:

    බුදු රජාණන් වහන්සේ විජය එන්න කලින් ලංකාවෙ හිටපු යක්කු ටික ගිරි දිවයිනට එලවල මේ හැඩි දෙමලු ද පදිංචි කරේ? විග්නේශ්වරන් බුවාගේ කතාව ඇත්ත කියල ඉන්දියන් කාරයො පිලිගන්නව නං උන්ගෙ වාල්මිකී රාමායණයත් බොරු වෙන්න ඕන. රාවණා දෙමළෙක් වෙන්න ඕන. දෙමලු අසුරයෝ වෙන්න ඕන.

    විජයගෙන් පැවත එන ස්වදේශිකයා නෙවෙයි රාවණාගෙන් පැවත එන ස්වදේශිකයායි පලමු ලංකාගමනයේ දී බුදු දහම වැලදගත්තේ. ඒ තමයි ස්වදේශික බෞද්ධයෝ. ඒ කාලේ ත්රිමූර්ති ඇදහිල්ල වත් තිබිල නෑ. ත්රිවේදය පමණයි.

    විග්නේශ්වරන්! මා සමග විවාදයකට එන්න. මම ඇත්ත පෙන්නල දෙන්නම්.

  2. ANALYST says:

    During pre-prince Wijaya (543-505BC ) period , three main tribes ( races ) namely Yakkhas ( worshiping Demons), Nagas ( worshiping Cobras ) and Devas( worshiping gods )have lived in the island. It is illogical for anybody argue that people in any one of those tribes ( races ) consisted of Tamil people , as there was no valid reason for them not to be self – proclaimed as Tamils, if that was the case. During King Pandhukhabhaya period (437- 376 BC , a great grandson of King Wijaya ) all these tribes have absorbed into the Sinhala race.According to R.L Kirk’s study ,Sinhala people are genetically closest to the East Indian population of Bengal. For King wijaya’ s coronation ,the Pandyan King ( South India )had sent his Daughter as King Wijaya’ s queen ( on request) and also have sent brides to almost all 700 of his followers.
    The first Tamil invaders were Sena and Guththika horse dealers(237-215BC) and next was Ellara 205-161BC). First Tamil kingdom in Jaffna has been established only in the 12 th century.

  3. NUWAN says:

    පව් බන් මූ…. හෙන ගේමක් දෙනවා මිනිස්සුන්ව කුලප්පු කරලා පොරක් වෙන්න …. කව්රුත් ගණන් ගන්නේ නැ කියහන්කෝ මුව දැන් lol

  4. අක්බාර් ලොක්කා says:

    මේ තරම් උග්‍ර දෙමල ජාතිවාදී අදහස් දරණ අන්ත වාදියෙක් තම දරුවන් සිංහල ජාතිකයන්ට කරකාර බැන්දුව එක තමයි හිතාගන්න බැරි

Main News