ලංකාවේ සිවිල් ක‍්‍රියාකාරීන් බිය ගැන්වීම නවතනු..- UN මහ ලේකම්

October 1, 2020 at 3:50 pm | lanka C news
ලංකාවේ සිවිල් ක‍්‍රියාකාරීන් බිය ගැන්වීම නවතනු..- UN මහ ලේකම්

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් බිය ගැන්වීමට සහ ඔවුන්ගෙන් පලි ගැනීමට පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබේ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත විශේෂ වාර්තාවක් යොමු කරමින් මහ ලේකම්වරයා මෙම චෝදනාව එල්ල කර ඇත.

මීට පෙර පැවති ජිනීවා හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වූ ලාංකිකයන් කිහිප දෙෙනකුද මේ වන විට ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ ආකාරයෙන් සිදු කරන බලපෑම වහාම නතර කරන්නැයි ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

28,392 views

24 Comments to “ලංකාවේ සිවිල් ක‍්‍රියාකාරීන් බිය ගැන්වීම නවතනු..- UN මහ ලේකම්”

  1. We are Lions says:

    This is one way, ltte diaspora is talking???

  2. Gotaimbara says:

    Where were these people when American police officers were killing Americas minority by trampling on these innocent peoples’ necks (ie. George Floyd murder by the police)

  3. sira says:

    ඔන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය දම්මං දුස්රා පන්දුවක් බලන්න බොලේ රාඋම්ද කියලා

  4. Saradiel says:

    ඇයි ඇමෙරිකාවේ කලු ජාතීන්ට කරන හිරිහැර අමතක වෙලාද? ඒ ගැන කතා නැත ලැජ්ජයි

  5. duminda fernando says:

    I think he has got this news from Tamil Diaspora

  6. ත්‍රීවීල් says:

    ශ්‍රී ලංකාවේ ස්වයිරීත්වයට හානි වන ලෙස ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය,, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , යුනිසෙෆ් , යුනෙස්කෝ , පොදු රාජ්‍ය මණ්ඩලය යන සියළු ආයතනවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වී ඔවුන්ට පාඩමක් ඉගැන්විය යුතුයි.

  7. ලොලිපොප් මොංගල් says:

    මොකෙක්ද මෙිකා.