ලංකාවෙි ඇගලුමි කර්මාන්තයම අනතුරේ.. පවුල් තුන හතරක් රකින්න හිටපු වාණිජ අධ්‍යක්ෂක රෙදි නැතුව වැඩ…

March 11, 2017 at 12:18 am | lanka C news
ලංකාවෙි ඇගලුමි කර්මාන්තයම අනතුරේ.. පවුල් තුන හතරක් රකින්න හිටපු වාණිජ අධ්‍යක්ෂක රෙදි නැතුව වැඩ…

ලංකාවේ දැනට පවතින ඇගලුම් කර්මාන්තයේ දැවැන්තයින්ගේ එකමුතුව වන ජෆ් (JAFF- Joint Apparel Association Forum) හි උවමනාව මත අනෙකුත් සියලු සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කම්හල් අතුගා දැමිමේ කොන්ත‍්‍රාත්තුවක් මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. එකී ජෆ් සාමාජිකයින්ගේ නිෂ්පාදන චීන වෙළදපොළට යැවීම සදහා චීනයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගැනිමට නිළධාරීන් පෙළඹවීම මෙම කොන්ත‍්‍රාත්තුවයි. මෙම කොන්ත‍්‍රාත්තුවේ නියැලී සිටින ප‍්‍රධාන දෙදෙනා වනුයේ වාණිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු හා සහ ලංකා පුත‍්‍ර බැංකුවේ සේවය කළ අයෙකුයි.

ඉහත කී ඇගලුම් දැවැන්තයින්ගේ නිෂ්පාදන චීනයට යැවිමට චීන-ලංකා නිදහස් වෙළද ගිවිසුම හරහා කටයුතු සම්පාදනය කිරීම මොවුන් විසින් කරන අතර ඔවුන් දෙදෙනා මෙම කොන්ත‍්‍රාත්තුව ඉටු කරනුයේ නිල වශයෙන් ජාත්‍යන්තර වෙලදාම සම්බන්ධ ඇමතිවරයෙකුගේ උපදේශකයින් වශයෙන් කටයුතු කරමින් එහි ඇති බලතල භාවිතා කරමිනිx නමුත් ඔවුනට රුපියල් ලක්ෂ දෙක බැගින් වන මාසික දීමනාවක් ගෙවනු ලබනුයේ ඇගලුම් දැවැන්තයින්ගේ එකමුතුව වන JAFF මගිනි.

ඒ අනුව චීනයෙන් මෙරටට ආනයනය කරන නිෂ්පාදන සදහා වසර 20 කාලයක් 90%ක් දක්වා බදු සහන ලබා දීමටත් එම භාණ්ඩ වලින් අය කරනු ලබන සෙස් බද්ද අනතුරුව එළඹෙන වසර 05ක් අය නොකිරීමටත් තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කළ 2017-01-16 සහ PMO/01/ASR(CCEM)/2017/01 දරණ ලිපියෙන් කැබිනට් ලේකම්වරියට දන්වා ඇත. මේ දැන්වීම කර ඇත්තේ අගමැතිවරයාගේ ආර්ථික කළමණාකරණ කැබිනට් කමිටුව මගින් වන අතර මේ තීරණය නිසා අගතියට පත් වන අය පිළිබ`ද අධ්‍යයනයක් කිරීමට පමණක් වාණිජ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂකට නියම කර ඇත.

මේ හේතුවෙන් ජනාධිපති පේ‍්‍රමදාස මහතාගේ මැදිහත් වීමෙන් ආරම්භ කළ ඇගලුම් ආයතන ද ඇතුලුව දස දහසක් පමණ වන සුලු හා මධ්‍ය පරිමාණ ඇගලුම් කර්මාන්තකරුවන් අගතියට පත්වන අතර ඒ අනුව අහිමි විය හැකි යැයි ඇස්තමේන්තු කර ඇති රැුකියා ප‍්‍රමාණය ලක්ෂ 06කි.

මේ ස`දහා උපදෙස් ලබා දෙමින් එකී අමාත්‍යවරයාගේ උපදේශක තනතුරේ හිදිමින් ජෆ් වෙතින් පඩි ලබන පෙරකී පුද්ගලයින් දෙදෙනා ඉංදියාව සම`ග අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට මෙන්ම චීන නිදහස් වෙළ`ද ගිවිසුමට ද පහසුකම් සපයන්නෝ වෙති.

ඉහත කී ජෆ් හෙවත් ඇගලුම් දැවැන්තයින්ගේ එකමුතුව සකස් වී ඇත්තේ අෂ්රොෆ් ඕමාර් පවුලට හිමි බ‍්‍ර‍්‍රැන්ඩික්ස්, අම්ලින් පවුලේ මාස්, පාකිස්තානය සහ ඉස්මයිල් පවුලේ හවුල් ව්‍යාපාරයක් වන මැලිබන්, හොංකොං හිමිකාරත්වයක් සහිත ස්ටාර් ගාමන්ට්ස්, ඉන්දීය හිමිකාරත්වයක් ඇති ඔරිට් ඇපරල්, සින්දි ජාතික හයිඩ‍්‍රාමනී යන ව්‍යාපාර එකතු වීමෙනි.

අදාල ඇමතිවරයාද ඇගලුම් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකි.

– එස්. රිවාරේස්

41 views
Main News