ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනී…

September 16, 2021 at 12:02 am | lanka C news
ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනී…

ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ 15දා දින සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් – 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක් . එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා. ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක්.

ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකි අතර, එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට, තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 120 ක් ඉතිරි වනවා” ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් , ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම් වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

“මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .

එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා. මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එඑක්සත් රාජධානියේ ” බෙල් ජියෝස්පේස් ” ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා .

මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය වෙන්නේ නැහැ . එම සමාගම සොයා ගන්නා දත්ත ආයෝජකයන් වෙත විකුණා ඔවුන් ලබන ලාභයෙන් කොටසක් ශ්‍රී ලංකාවටත් ලබා දෙනවා.

මෙම ඛනිජ තෙල් ගවේෂණය අපිට රුපියලක් වත් වැය නොවී , ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙනවා.”

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් නොමැති නිසා එම අයෝජකයන් සොයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉරානය , ඉන්දියාව , අබුඩාබි , ඇමෙරිකාව ආදී රටවල ඉදිරි මාස කීපය තුළ විදේශ සංචාර කීපයක නිරත වීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලාපොරොත්තු වන බවද මෙහිදී අනාවරණය කළේය.

– ADA

169,705 views

63 Comments to “ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකි නිධානයක් සොයා ගනී…”

  1. siridasa says:

    කමෙන්ට් වලින් පේනවා අපේ පාසැල් පද්ධතියේ ඒ ලෙවල් වලටත් කට පාඩම් ක්‍රමේ සහ අසා ලිවීම ලියලා පාස් උන සෙට් එක වැඩි කාලයක් මේ ඉන්ටර්නෙට් එකේ ගත කරන බව. මුන්ට දෙන රාමුවෙන් පිට කිසිම දෙයක් හිතා ගන්න වත් බෑ.

  2. dev says:

    gammanpila doing grate

  3. Ajith says:

    මෙහෙමත් මෝඩයෝ. ලෝකේ දැන් තෙල් හොයන්නේ නැහැ. 2030 වෙනකොට මුළු ලෝකෙම විදුලි කාර්. රටවල් වල පෙට්‍රල් ඩීසල් වාහන හදන එකත් නවත්තන්න යන්නේ. මුන් තෙල් හොයනවා කියලා ලෝකේ වටේ රවුම් ගහනවා.

    • sagara says:

      අනේ ලබ්බො. තෝ දන්න මගුල. තෙල් හිමි ලොකු රටවල් ඕවා වෙන්න දෙන්නෙ නෑ. නැතිනම් මේ වෙද්දිත් ඉන්ධන වාහන වඳ වෙලා ඉවරයි. ඔය රටවල් තාම තමන්ගේ සංචිත ආරක්ෂා කරගෙන, වෙනත් රටවල් වල තියෙන ඔවුන්ගේ සංචිත තමයි පරිභොජනය කරන්නෙ.

    • Sajith Premadasa says:

      Hari, dan 2030 loke thel bhaawithaya nathi wena nisa, unge danata thiyena thel sanchitha eeta kalin iwara koraganna labeta hari nikan hari thel dena ratak kiyahan balanna?

      Gon moosalaya.

  4. Martin says:

    තමන්ගෙ ගෙදර ආදායම් අඩුවෙලා ණය ගෙවාගන්න බැරුව ඉන්න කොට අමල් අයියා පොල් පැල ගෙනාවා. එයා කියනවා මේක හිටෙව්වොත් අවු. 5න් අපිට අවුරුද්දට පස් වතාවක් ලොකු පොල් ඵලදාවක් ගන්න පුළුවන්. ඒක විකුණගත්තොත් අවු 2න් 3න් ණය ටික ගෙවන්නත් පුළුවන්. හැබැයි විකුණන්න රට වටේ ඉන්න පොල් මුදලාලිලා හොයන්න යන්න වෙනවාලු. ගෙදර හිටපු අපේ සූටින් හෙණ ටොයියා. ඌ කියනවා ඔය අමල්ට තාත්තගෙන් සල්ලි ඉල්ලන් රට වටේ රවුම් ගහන්න ප්ලෑන් එකක්ලු. ඕන්න ඕකයි රටේ 35න් ලක්ෂේ සූටින්ලාගේ ප්‍රශ්නේ..

  5. Dengu Nona says:

    Ochchara mahansi wenne mokatada? Ape Gajabaa Rajjuruwange Neela Mahaa Yodhaya weli mirikalaa thel gath bawa mahaawanse thiyanawa. Amathi thumaata bariye Unnahege Bijja mirikalaa ape ratata athi tharam thel ganna!!

  6. Sri Lankan says:

    Stop big talks. Do it practically and find some Dollars for the country.

  7. nishan says:

    anea palayan ban yanda baiyla kiyanea netiwa.

  8. Mod Goviya says:

    මිනිස්සු ගොනා වෙන්න යන්නේ…
    ඔය ඛණිජ තෙල් නිධියෙන් ලංකාවට හම්බවෙන්නෙ 10%යි. ඉතිරි ටික ආයෝජකයට ලැබෙන්නේ…

    එතකොට බිලියන 15 + 1.7 = 16.7 ක් විතරයි අපිට ලැබෙන්නේ..
    අනිත් එක ඔය බිලියන 16.7 අපට ලැබෙන්නේ අවුරුදු 15-20ක් විතර කාලයකට බෙදිල ගිහිල්ලා… එක පාර් ලැබෙන්නෙ නෑ..

    ඒ 16.7 ඇර්වුනම තව බිලියන 30.3ක් ගෙවන්න තියෙනව…
    ඒක කොහෙන්ද හොයන්නෙ..?

    • බයියෝ says:

      ණය එන්නෙත් අවුරුදු ගනෙන් බෙදිලා.. But තෙල් තියෙනවනම් තෙල් ගන්න දැන් පරක්කු වැඩි..

  9. suresh olagama says:

    Dam Bullshit has stated Again …… ..

  10. Vajira says:

    තෙල් වලින් පොහොසත්ම රට venuzeula අදත් දුප්පත්. එහෙ ඉන්නෙත් මෙහෙ වගේම දුර නොපෙනෙන පාලකයෝ. ඒත් ඩෙන්මාර්ක් වල පාලකයෝ රටට හරි ආදරෙයි. ඒ අය තෙල් සල්ලි බිලියන ගනන් වෙනත් වියපාරවල ආයෝජනය කළ. ඒ ලාභ වලින් රට දියුණු කළා.ඉපදෙන හැම දරුවෙක්ම උපතින්ම පොහොසත්. එක් එක් දරුවාට වෙන වෙනම වත්කම් රජයෙන් හිමිවෙනවා. පිස්සුවෙන් පාරවල් building හදලා කොමිස් ගත්තේ නෑ. වැටෙන්නේ නැති ආර්ථිකයක් හැදුවා. ඒත් අපි මැරුණත් ලබන අත්මෙටත් නයයි.

Main News