ලංකාවේම සල්ලි දකුණටයි, මොණරාගලටයි, කුරුනෑගලටයි, ගම්පහට යි හරවලා.. මධ්‍යමට සල්ලි ගේන්න කිසි ඇමතියෙකුට බෑ..

September 27, 2020 at 5:30 pm | lanka C news
ලංකාවේම සල්ලි දකුණටයි, මොණරාගලටයි, කුරුනෑගලටයි, ගම්පහට යි හරවලා.. මධ්‍යමට සල්ලි ගේන්න කිසි ඇමතියෙකුට බෑ..

‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ මධ්‍යම පළාත් සභාවේ අරමුදල් මාළු මන්නෙන් පෙති ගහනවා වගේ කපලා දානවා. මාතලේ, මහනුවර ඇමතිවරු මේ ලැජ්ජා නැති කැපිල්ලට විරුද්ධව වචනයක් කියන්නේ නැතිව පුසෝ වගේ ඉන්නවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

සුද්දෝ උඩරට කැලෑ කැපුවා වගේ 2020 අය වැය මධ්‍යම පළාත් සභාවේ අරමුදල් කපලා තියෙනවා. උඩරට ආණ්ඩුවේ මන්ත්‍රීවරු කාටවත් මධ්‍යම පළාතට සල්ලි ගේන්න බෑ යැයි කවිරත්න මහත්මිය පැවසූවේ ලග්ගල කිරිඔය පැවති රැස්වීමක් අමතමිනි.

මධ්‍යම පළාත් සභාවට, 2019 මම මැදිහත් වෙලා රු. මිලියන 2,975 ක අරමුදල් අපේ ආණ්ඩුවෙන් අරගෙන දුන්නා. 2020 ට මධ්‍යම පළාත් සභාව රු. මිලියන 14,457 ක් ඉල්ලුවා.

සෞභාගයේ ආණ්ඩුවේ මධ්‍යම පළාතේ හන්දියක් හන්දියක් ගානේ ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි අනුමත කරගෙන තියෙන්නේ රු. මිලියන 1,637 ක් විතරයි. මෙහෙම කැපිල්ලක්, ඉතිහාසයේ කවදාවත් මධ්‍යම පළාතට වුණේ නෑ.

2019 ට සාපේක්ෂව 2020 මධ්‍යම පළාත් සභාවට අනුමත මුදල 45% කින් අඩු කරලා තියෙනවා. සෞභාග්‍ය යේ ආණ්ඩුවට ඡන්දේ දුන්න උඩරට මිනිස්සුන්ට ආණ්ඩුව සලකන්නේ එහෙමයි.

ආණ්ඩුවේ ඉන්න උඩරට මන්ත්‍රීවරු එක්කෙනෙක් මේ මුදල් කැපිල්ලට විරුද්ධව වචනයක් කියන්නේ නෑ. ලැජ්ජයි! ලැජ්ජයි!! ලැජ්ජයි!!! යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

දඹුල්ල, විල්ගමුවේ වැව් ටික වේළිලා යනවා. හදාගන්න පළාත් සභාවේ සල්ලි නෑ.

රත්තොට පළාත් සභා පාරවල් ගන්න දෙයක් නෑ. හදාගන්න සල්ලි නෑ. පළාත් සභාවෙන් එක පාරක් මේ අවුරුද්දේ හදන්න සල්ලි නෑ කියනවා. මිත්‍රවරුණි, ඔබලා ඡන්දේදීලා පත් කරගෙන තියෙන ආණ්ඩුව ඔබලාගේ මුලික පහසුකම් වත් දෙන්නේ නෑ යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

විල්ගමුව, නාඋල අධ්‍යාපනය නංවන්න පළාත් සභාවට මුදල් අවශයයි. යන්තම්, අපේ ආණ්ඩුව කාළේ ගුරුවරු ටික දුන්නා. දැන්, කැඩිච්ච උළු ටික දාගන්න පළාත් සභාවේ සල්ලි නෑ ලු.

මාතලේ කුඩා කර්මාන්ත, සාම්ප්‍රදායික වේවැල්, සේසත්, පිත්තල, රිදී කර් මාන්ත නගා සිටිවන්නට මුදල් දෙන්නේ නෑ. අළුතෙන් අමාත්‍යාංශය හැදුවට පළාත් සභාවේ සල්ලි කපලා යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

ලග්ගල මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ තියෙන හැම පාරක්ම මම ගිය අවුරුදු 5 කාපට් කළා. මම අභියෝග කරනවා ආණ්ඩුවේ මාතලේ දැන් පත්වෙලා ඉන්න මන්ත්‍රීවරු 4 දෙනාට පුළුවන් නම් දඹුල්ලේ, මාතලේ, රත්තොට පාරවල් ටික හදන්න කියලා. මේ කපන කැපිල්ලට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැන් ගමට යන්න බැරිව කොළඹ ඉන්න වෙලා තියෙන්නේ යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

ලංකාවේම සල්ලි දකුණටයි, මොණරාගලටයි, කුරුනෑගලටයි, ගම්පහට යි හරවලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ලග්ගල යටකරලා පොළොන්නරුවට වතුර ටික අරගෙන ගියා. මොරගහකන්දට යට කරපු මිනිස්සුගේ තවමත් ආහාර සලාක කාලා ජීවත්වෙනවා. ඒ මිනිස්සුන්ට පහසුකම් සපයන්න පළාත් සභාව බොහෝ වැඩ කළා. නමුත්, අද ඒ සියළු වැඩ මුදල් නැතිව අතරමඟ නැවතිලා තියෙනවා යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.

– media unit

29,805 views

13 Comments to “ලංකාවේම සල්ලි දකුණටයි, මොණරාගලටයි, කුරුනෑගලටයි, ගම්පහට යි හරවලා.. මධ්‍යමට සල්ලි ගේන්න කිසි ඇමතියෙකුට බෑ..”

  1. p.d goonawardena says:

    මේ ගෑනිට මොකක්ද පිස්සුවක් හැදිලා…..

  2. Dubba says:

    මේ වගේ කුඩුම්බි දේශපාලනය කරන්නේ ඇයි ?

    සමහර මිනිස්සු ඉන්න කොට ජීවත් උනේ කොහොමද කියලා හිතෙනවා මේ මොලේ තරම දැක්කාම !

  3. sithmal says:

    දකුණෙ අපි ආණ්ඩු හැදුවෙ සුද්දන්ට රට පාවල දුන්න පැති දියුණුකරන්න නෙවෙයි ගෑණියේ.

  4. අල්ලා says:

    ලිඳ ලඟ සංගමේ මුල් තැන…. වටේට වගේම මැදටත් ඕන…

  5. Thilak says:

    Etin ane 2019 gathta salliwalin owa hadanna tibunane.

  6. අනුර says:

    අයියෝ ඇන්ටි සල්ලි හොයා ගන්න ඕනෙම නම් මරදානට හවස 6 න පස්සේ ගිහින් පාරක් අයිනේ ඉන්න. එහෙම බැරිනම් ගොන්ජ හම්බවෙලා බලන්න ගහල එල්ලගෙන ඉදල ගානකුත් හොයා ගන්න පුළුවන්. පාරවල් නෙමෙයි ලොකු බෝක්කු එකට දෙකක්ම හදල දෙයි. මාතලේ බණ්ඩා
    කවද හරි මෙයා යන්නේ ලොකු කරගෙන ඔය පක්සේ ඉන්න එකෙක් ගෙන්, මොකද ගොඩ දෙනෙකුට වැඩ බැරි නිසා පුළුවන් එකෙකුට හොද චාන්ස් එක. බැලුම් අන්කල් ට කියල බැලුව නම් ඇන්ටි මොනව හරි කරලා දෙයි.

  7. MD says:

    යහපාලනේට අනගි සහායක් දුන් ජවිපෙ සමග එක්ව පහුගිය කාලේ ඵකට ළගින් හිටිය නිසාදෝ මෙයාගේ පක්ෂෙ කට්ටියටත් කුහක දුෂ්ට සිතුම් පැතුම් බෝවෙලා.කනගාටුයි

  8. ගොමයා says:

    ඇත්තටම මුත්දැට මොකද මේ . ඉස්සර ඉදං ම මෙහෙමද? ප්‍රරු සයගේ වරදක්ද?

  9. Kali says:

    කවුද මේ බඩ්ඩ ? මොනා කරන එකියක්ද ?

  10. Janaka bandara says:

    දැන් ඉතින් හැටන් ලක්ෂයට මෙවා අහගෙන ඉන්න බෑ තමයි

Main News