ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වයි…?

June 12, 2017 at 5:30 pm | lanka C news
ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වයි…?

කටාර් රාජ්‍ය මගින් ලංකාවට එවන ලද මුදල් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්නැයි හෙල බොදු සවිය සංවිධානය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ඉල්ලීම ඇතුලත්ව අද දිනයේ පොලිස් මූලස්ථානය වෙත බාර දෙන ලද ලිපිය මෙහි දැක්වෙයි.

පොලිස්පතිතුමා
පොලිස්මුස්ථානය,
කොටුව.

කටාර් රාජ්‍ය මගින් ලංකාවට එවන ලද මුදල් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන්න.

මේ වන විට ජාත්‍යයන්තරය තුළ කටාර් රාජ්‍යය පිළිබද විවිධ අදහස් මත පලවීමට පටන් ගෙන තිබේ. අපට ද රටක් ලෙස විවිධ අදහස් කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් පැවැතිය ද නොබැදි හා මිතුරු ප්‍රතිපත්තියක් ඇතිකරගෙන යා යුතු බැවින් ඒ පිළිබද විශේෂ අවධානයක් යොමු නොකරන ලදි. එනමුත් දැන් දැන් කටාර් රාජ්‍යය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු හේතු ගණනාවක් නිර්මාණය වෙමින් තිබේ. විටෙක කෙන්නියා හා සිරියා රාජ්‍යය චෝදනා කරන්නේ සිය රටවල අන්තවාදය පෝෂණය කරන්නට ඉස්ලාම් භක්තිකයන් කටාර් රාජ්‍යය භාවිතා කර ඇති බවටය. ඉස්ලාම් සුන්නි නිකායට අයත් රටවල් බොහෝ ප්‍රමාණයක් හා ඉස්ලාම් නොවන රටවල් කිහිපයක් මේ වන විට කටාර් රාජ්‍යයට සම්බාධක පනවා ඇත්තේ අන්තාවදීන් පෝෂණය කරන්නට අවශ්‍ය රැකවල් හා සහය ලබා දෙන බවට චෝදනා කරමිනි.

එසේම ලෝකයේ දරුණු ත්‍රස්තවාදයන් ලෙස සලකන අල්කයිඩා, ජිහාඩ්, අයි.එස්.අයි.එස්, හමාස්, වහබිවාදය වැනි අන්තවාදි සංවිධානවලට මුදල් හා වෙනත් සහයෝගය ලබා දෙමින් අන්තවාදය පෝෂණය කළ බවට චෝදනා කටාර් රාජ්‍යයට එල්ල වේ. අප රටට ද කටාර් රාජ්‍යය විවිධ කාලවකවානුවල දී ආධාර උපකාර කර ඇති අතර අපගේ කල්පනාවේ හැටියට ලංකා රජය එම ආධාර පිළිබද කිසිම රහස් විමර්ශනයක් කර නොමැත.

2014-12-21 වන දින මන්නාරමේ ඉදි කරන ලද 2500ක ප්‍රමාණයක් සිටිය හැකි ලංකාවේ විශාලම මුස්ලිම් පල්ලි ඉදිකර ඇත්තේ කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මත වේ. එපමණක් ද නොවේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිවාස 200ක් ඉස්ලාම් භක්තිකයන් උදෙසා ඉදිකිරීමට 2013 ජුලි මාසයේ දි කටාර් රාජ්‍යය විසින් අරමුදල් සපයන ලදි. මෙහි බරපතල සැකය වනුයේ මෙම ඉදිකිරීම් සම්බන්ධව විවිධ පාර්ශව චෝදනා කරද්දී එවකට පාලකයින් කිසිත් නෑසුනා සේ සිටීමයි.

එසේම විල්පත්තු වන විනාශයට වගකිව යුතු අය සමග කටාර් රාජ්‍යයේ ඇමතිවරයෙකු සම්බන්ධතා පවත්වා ඇති බවට ද චෝදනා එල්ල වේ. එසේම පූනානි ප්‍රදේශයේ ඉදිවෙන ලංකාවේ විශාලම විශ්වවිද්‍යාලය ගැන ද, මරදාන ප්‍රදේශයේ ඉදිවෙන රූපවාහිනි ආයතනය පිළිබඳවද තොරතුරු අපට දැනගන්නට ලැබී තිබේ. මේ සියල්ල විදේශ ආධාර මත සිදුවන ඉදිකිරීම්ය. එසේම ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වනවාදැයි සැකයක් ඇති බවට අප රටේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කිරීම බරපතල සැකයට තුඩු දෙන්නකි. එසේම අයි.එස්.අයි.එස් සංවිධානයේ මීළඟ ඉලක්කය ආසියාතික රටක් බවත් සදහන් වේ. මෙම කාරණා සියල්ල සලකා බලා කටාර් රාජ්‍යය විසින් ලංකාවට එවන ලද ආධාර හා ලංකාවේ පුද්ගලයන් සමග පවත්නා සම්බන්ධතා පිළිබඳ සියුම් නිරීක්ෂණයක් කිරීම අපගේ ජාතික ආරක්ෂාවට වැදගත් වන බව සිහි කිරීමට කැමැත්තෙමි. එසේම ලැබුණා වූ හා ලැබෙන්නා වූ කටාර් හා ඉස්ලාම් රටලවල ආධාර යොදවන්නේ කුමක් සදහා ද ඒවායේ අරමුණු පිළිබදවද විධිමත් විමර්ශනයක් කරන මෙන් ඉතා ඕනෑකමින් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!
බුදුගල ජිනවංස හිමි
සභාපති

60 views

4 Comments to “ලංකාවේ අන්තර්ජාතික පාසල්වල ඉස්ලාම් අන්තවාදය උගන්වයි…?”

  1. සරත් says:

    ලංකාවට අයි ෂරියා නීතිය උගන්වන විශ්ව විද්‍යාල.! මුස්ලිම් ඇමැතිවරු අපිට කොලේ වහල ගහාන හැටි පෙනෙනවා නේද ?

    • Nishantha says:

      Qatar wala Qatar history aniwaryai onama jaathiyaka pasalakata. Qatar inna sinhala lamayi igena ganne qatar history.Ekata ape rata.

  2. සරත් says:

    සිංහලයින් දෙමල භාෂාවෙන් සන්නද්ධ වියයුතුයි .අපි දෙමලෙන්ම ඉස්ලාම් අන්තවාදය ගැන පුවත් පත්වල කොමෙන්ට් කල යුතුයි .වහබින්ගේ ගෙවල් වලටම ගොස් තේරුම් යන භාෂාවෙන්ම ඇමතීම කාලෝචිතයි සිතමි

  3. සිංහල බන්ඩා says:

    1973 දී සවුදියට තෙල් සල්ලි වැහි වැහීමත් සමග වහබි මතවාද ප්‍රචලිත කිිරීමට සවුදි රජය විසින් වහබි විශ්ව විද්‍යාල පිහිටෙව්වා. ලංකාවේ තෝරා ගත් මුස්ලිම් ගැටයින්ටත් එහි ශිෂ්‍යත්ව දුන්නා. වහබ්වාදය යනු සවුදියේ මූලධර්ම වාදි ඉස්ලාම් අාගමික කොටසය්. 1980 සිට සවුදියේ සහ ඊජිප්තුවේ පුහුනු කල තව්හීද්ලා ලංකාවේ මද්රාසා වල කුරාණයේ සඳහන් මූලධර්ම පද මුස්ලිම් ගැටයින්ට පහදා දුන්නා.

    1990 වෙනකොට ඉස්ලාම් අන්තවාදය ලංකාවේ ඉස්මුරුත්තුවටම නැගල ඉවරය්. අප කුඩා කල ලංකාවේ දැක්කේ ඔලුව සාරි පොටෙන් වහගන ගන ගිිය සම්ප්‍රදායික මුසල්මන ගැහැනුය්. අද පාරෙ ගියත් අැපලෝ ගියත් දකින්නේ බිල්ලො සහ ලෝගු ලා ගත් රැවුල් කාරයිනුය්.

    1990 සිට ACJU වහබියන් සූෆි මුසල්මානුවන් සමග ගැටුම් පටන් ගත්තා. අබ්දුල්ලා RAH නම් සූෆි සාන්තුවරයෙක් කාතන්කුඩි සූෆි මධ්‍යස්ථානයට/පල්ලියට බොම්බ ගැහුවා. චන්ද්‍රිකාගෙ කාලේ රට පුරා සූෆි මුස්ලිම්වරැන්ගේ පල්ලි, ගෙවල් සහ ව්‍යාපාර දිගින් දිගටම ගිනි තිබ්බා. බේරැවලදී සූෆි වරැ ගහ මරා දැම්මා. 2006දී අබ්දුල්ලා මල විට වහබියන් ඔහුගේ මිනිිය පල්ලියේ මහිදන් කරන්න දුන්නෙ නැහැ. මහා හර්තාලයක් පවත්වා භීෂණයක් පැතිරෙව්වා. පත්තර ඒවා වැහුවා. යහපාලනය අද කතා කරන්නේ ඥාණසාරගේ සිංහල අන්තවාදය ගැනය්. අැත්තටම තව්හීද්, සූෆි ගැටුම ගැන වෙනම ලිය යුතු තරමටම අද වෙනකොට ලංකාවේ මුස්ලිම් මුස්ලිම් ගැටුම් උග්‍ර වෙලා.

    වාසනාවට ඥාණසාර හිමි වැන්නන් නිසා අද ගමේ සිංහලයා මුසල්මනයා සහ ඔහුගේ අාගම ගැන හරි හැටි තේරැම් ගන්න පටන් ගෙන තිබෙනවා.

Main News