ලංකාවේ කසිප්පු ලෝක බ්‍රෑන්ඩ් එකක් කරන්න යෝජනාවක්.. Scotch Whisky හැදුනෙත් එහෙමලු..

July 31, 2021 at 10:40 am | lanka C news
ලංකාවේ කසිප්පු ලෝක බ්‍රෑන්ඩ් එකක් කරන්න යෝජනාවක්.. Scotch Whisky හැදුනෙත් එහෙමලු..

ශ්‍රී ලංකාව පුරා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාප්ත වී තිබෙන හැලි අරක්කු හෙවත් කසිප්පු නීත්‍යානුකූල රාමුවට ගෙනවිත් සන්නාම ගොඩනගා විදේශ රටවලට අපනයනය කර රටට විදේශ විනිමය උපයාගැනීම ආරම්භ කළ යුතුයැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරයි.

ස්කොට්ලන්තයේ විස්කි කර්මාන්තයට පෙර පැවතුණේද ශ්‍රී ලංකාවේ මෙන්ම අනීතික හැලි අරක්කු කර්මාන්තයක් බවත් පසුව එරට විසින් මෙම කර්මාන්තය නීතිමය රාමුවකට ගෙන ඒමෙන් පසුව ලෝක ප්‍රසිද්ධ ස්කොට්ලන්ත විස්කි කර්මාන්තය ආරම්භ වූ බවත් ඔහු පෙන්වා දෙයි.

“2020 වර්ෂයේ විස්කි අපනයනයෙන් පමණක් බ්‍රිතාන්‍ය උපයාගත් ආදායම පවුම් බිලියන 3.8 යි. දංකොටුව ස්පෙෂල් කිව්වම හොඳ ඉල්ලුමක් තියනවා.“

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

48,874 views

18 Comments to “ලංකාවේ කසිප්පු ලෝක බ්‍රෑන්ඩ් එකක් කරන්න යෝජනාවක්.. Scotch Whisky හැදුනෙත් එහෙමලු..”

  1. Luxman says:

    ඇමෙරිකානු විප්ලවයට පෙර එ රට වටා ඇති දූපත් වල පැවැති හොර මත්පැන් නිෂ්පාදනාගාර සියල්ල විප්ලවය අවසන් වූ පසු නීතිගත කරන ලදී. අද ලොව ඉහළම විස්කි බ්‍රැන්ඩි වර්ග ඇත්තේ එම නීතිගතකල මත්පැන් නිෂ්පාදනාගාර වලයි.

  2. chamee says:

    apema kiyala hoda brand ekak hada gaththoth goda, indian brand gulf ratawal wala kochchara wikinenewada.
    lankawen ehema try ekak wath denne neha, aduma ganane.

  3. desta says:

    gu hari wikunala saubaggaya karamu

  4. Dengu Nona says:

    Hali Arakku kiyana jaathiya Kurunegala Kasippuwaage jaraawata wadaa dahas gunayakin honda bawa mamath piligannawa. Eth nishpaadanaya neethi gathakaloth ekath oya deshapaalu Kasippuwange ekaadhikaarayak wenawa. Aanna e ganath hithanna ona!!

  5. යකා says:

    ලන්කාවෙත් විප්ලවයකට කස සද්දෙ ඇහෙනවා

Main News