ලංකාවේ පළාත් නවය දුන්නේ ජෝර්ජ් රජ්ජුරැවෝ.. අපි මොකටද රණ්ඩු වෙන්නේ.. – විග්නෙෂ්වරන් තියාගෙන ජනපති කියයි..
October 3, 2016 at 8:40 am | lanka C news
සංවර්ධන සහ පරිපාලන ක්‍රියාවලිය තුළ පළාත් නවයක් වශයෙන් බෙදී කටයුතු කළත් අනෙක් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
“මේ රට ගොඩ නගන්න, ශක්තිමත් කරන්න, නිෂ්පාදනය ඉහළ නංවන්න පළාත් නවයක් වශයෙන් බෙදා ගත්තට කමක් නැහැ. අපි අනෙක් සෑම දේම කළ යුත්තේ එක් රටක් වශයෙනුයි,” ජනාධිපතිවරයා කියා සිටියේ යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනයේ පැවති හතළිස් දෙවැනි ජාතික මහා ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙල අමතමිනි.
එවකට පැවති ඉංග්‍රීසි අධිරාජ්‍යය ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදා පාලනය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
“අපි මේ පළාත් නවයක් ගැන කතා කරනවා. මේ පළාත් නවය අපිට දුන්නේ කවුද මෙතන ඉන්න අපි හෝ තමුන්නාන්සෙලා නොවෙයි. ඒක දුන්නේ එංගලන්තේ ජෝර්ජ් රජ්ජුරුවෝ,” ඔහු පැවසීය.
“ඒක නිසා මේ ජෝර්ජ් රජ්ජුරුවෝ දීපු පළාත් නවයකට අපි රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන්න අවශ්‍යයි.”
ලොව පුරා ගැටුම් හට ගැනීමට ශිෂ්ඨසම්පන්න භාවය පිරිහීම හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
“ක්‍රීඩාව කියන්නේ විනය, හැදිච්චකම, හික්මීම ඇති කරන දෙයක්. ලෝකයේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ ඒ ශිෂ්ඨකම නැති නිසයි. ශිෂ්ඨත්වය ඇති වෙන්න ක්‍රීඩාව හොඳ මාධ්‍යයක්, හොඳ පදනමක්,” ජනාධිපතිවරයා පැවසීය.
– BBC
ඒහින්දා මෙයා චෞර රැජිනත් එක්ක එකතුවෙලා ජෝර්ජ් රජුරුවො දුන්නු එක පලාතක් අලුත් රටක් කරන්න හදනවා.
රණ්ඩු නොවී කොහොමද, රටෙන් සියයට 11ක් විතරක් ඉන්න ජාතියක් තනියම එක පලාතක් අල්ල ගන්න හදන කොට. හරි නම් රටේ ජන අනුපාතය අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල ජනතාව පදිංචි කරන්න ඕනේ.
කොළොඹ පදිංචි වෙලා ඉන්න දෙමල ජනගහනයට සාපේක්ෂව යාපනේ සිංහලයන්ව පදිංචි කරවන්න ඕනේ.
කොළොඹ පදිංචි වෙලා ඉන්න මුස්ලිම් ජනගහනයට සාපේක්ෂව නැගෙනහිර සිංහලයන්ව පදිංචි කරවන්න ඕනේ.
දෙමල සහ මුස්ලිම් මිනිස්සුන්ට විශේෂත්වයකින් සලකන එක නතර කරලා, බහුතර සිංහලයන්ටත් රටේ ඕනේ පලාතක ජීවත් වෙන්න සුළු ජාතීන්ට තියෙන අයිතියම සමානව දෙන්න ඕනේ.
ප්රභාකරන් ත්‍රස්තවාදය පටන් ගන්න ඉස්සෙල්ල උතුරේ ජීවත් වෙච්ච සිංහලයන්ට හෝ ඔවුන්ගෙන් දරු මුණුපුරන්ට නැවත තමන් හිටපු ඉඩ කඩම් ලබා දෙන්න ඕනේ. කැමති සිංහලයෙකුට උතුරු නැගෙනහිර පදිංචි වෙන්න ඉඩ සලස්වලා දෙන්න ඕනේ. උතුරු පළාත් සභාවේ මහඇමතිකම සිංහලයෙකුට දෙන්න ඕනේ. එහෙම නැත්නම් පළාත් සභා අහෝසි කරලා මුළු රටම එක ආණ්ඩුවක් යටතේ පාලනය වෙන්න ඕනේ.
Why should we stick to something King George gave us if it is not appropriate for the present circumstances. Why not we go to pre-colonial period and adopt the boundaries that existed during that time. Thri Sinhale (Ruhunu, Maya, Pihiti).and have Korales and Paththu.
Ane Amme mehema Gon Thadiyek
අපට එපා බිම් අගලක්වත්
අනුන්ගෙ ද්ෙසෙක මහ පාෙළව්ෙ
මළත් නාෙදෙමු බිම් අගලක්වත්
අප ඉපදුන ම්‍ෙ මව් පාෙළව්ෙ……//
අප්‍ෙ උපන් බිම අපි රැක ගන්නට
අවසන් ල්ෙ බිදුවත් හෙළමු..
අප්‍ෙ හපන්කම් සතුරන් අභිමුව
ක්ෙසෙර ලීලාවෙන් මවමු…….
ජාතිය නැතිදා රටක් කාෙහේදා්ෙ
රට නැති වුන දා දැයක් කාෙහේදා්ෙ
මළත් නාෙදෙමු බිම් අගලක්වත්
අප ඉපදුන ම්‍ෙ ලක් පාෙළව්ෙ .