ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේවා ආයතනයක හිටපු අධ්‍යක්ෂ CID අත්අඩංගුවට

December 14, 2021 at 3:50 pm | lanka C news
ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේවා ආයතනයක හිටපු අධ්‍යක්ෂ CID අත්අඩංගුවට

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔටෝ මිරාජ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අය සහ ඔහුගේ බිරිඳ විසින් ආසන්න වශයෙන් මිලියන 300-400ක් අතර වංචාවක් සිදු කර ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසුවා.

මේ සම්බන්ධයෙන් වාණිජ මහාධිකරණයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර නඩු විභාගයක්ද පැවැත්වෙනවා. නඩු අංක B3126/20 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවත්වාගෙන යයි.

දින ගණනාවක කළ මෙහෙයුමකින් පසු මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

69,022 views

7 Comments to “ලංකාවේ ප්‍රධාන පෙළේ වාහන සේවා ආයතනයක හිටපු අධ්‍යක්ෂ CID අත්අඩංගුවට”

  1. Love nature says:

    සොරකම හොඳ නෑ කවුරු කළත් අහුවෙනවාමයි.

    • aniwa says:

      හැබෑටම ?
      දේශපාලඥයෝ ඇහුව් වෙන්නේ නැත්තේ මොකෝ ඇත්තටම…
      මිග් ගනුදෙනු පැනමා ලීක්ස් පැන්ඩෝරා ලීක්ස් වලින් ප්‍රත්‍යක්ෂවම හොරුකවුද කියල ලෝකෙටම පෙන්නුවත් අපි ඒවා පිලි නොගන්නේ මොකද ?

  2. Love nature says:

    යමෙක් සොරකම් කළ කල්හි ඔහු පිළිබඳ සමාජය නිතර දෙවේලේ සැකයෙන් බලනවා සේම එය මෙලොව පමණක් නොව පරලොව කරා ද ගමන් කරයි. අදත්තාදානය බහුලව කරන පුද්ගලයා මරණින් මතු අපායෙහි උපදී. තිරිසන් යෝනියෙහි උපදී. ප්‍රේතයෙකු වී උපදී. මනුෂ්‍ය ආත්මයෙහි උනනත් දිළින්දෙකු වෙයි. ලැබෙන්න තියන දේ පෙනි පෙනී නොලැබෙයි. මේ ආකාරයට එහි විපාක මෙලොව පරලොව දෙකේ දීම විඳීමට සිදු වෙයි.

  3. Love nature says:

    බලයෙන්වත් කිසියම් සොර සිතකින්
    සියතින්වත් දුන් වූ උප දෙස කින්
    පරසන්තක දෙය ගත සොර සිතින්
    නිරයෙන් නිරයට පැමිණෙයි එතකින්

    ලොබිනා මිහිරිව සොරකම් කළ සත
    විඳිනා දුක් මේ ලොව මෙතෙකැයි නැත
    මෙදිනා ඒ දැක දැක ඉන් නොකැ මැත
    ඉදිනා කළ කිකලක වේ දෝ සෙත

    ලෝ වැඩ සඟරා ඉතා වැදගත් අදහසක් මතු කරයි.

  4. Dehiwala kollaa says:

    කොහොමද ගණන් ? වාහන සර්විස් කරන්න ගියාම අසාධාරන බිල් දාලා බොරු ලෙඩ හදල කෑලි අලුතෙන් දාලා තෙල් මාරු ගසා කාලා උපයන මුදල් ප්‍රමාණය පේනවා නේද ? ආදායමෙන් අහු නොවී ගහපු ගාන මේ. ආදායම කොහොමට ඇතිද ?

  5. Dp says:

    Auto mirage එකේ කොහොමත් නමයි ලොකු ලොකු බිලකුයි විතරයි. පොඩි තැන් වල ඊට වඩා හොඳ service එකක් දෙනවා.

Main News