ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

April 22, 2019 at 10:38 pm | lanka C news
ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක – සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයයි.

අයිසිස් සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවක් දියත් කළ අන්තර්ජාතික ත‍්‍රස්තවාදී සංවිධානයකි. පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් වැල හේතුවෙන් 290 ක් පමණ දෙනා මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සමීක්‍ෂණයක නිරත වන බුද්ධි අංශයක් විසින් හෙළිදරව් කරගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උද්දාමයට පත්ව සිටින බවයි. මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවද වාර්තා වේ.

ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකීම බාරගෙන නැත. එහෙත් පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරනු ලබන ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් දින 10 කට පමණ පෙරදී අනතුරු අඟවා තිබුණ බවයි.

මුස්ලිම් සංවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත පූර්ව සාක්ෂි එල්ල වන අතරම බුද්ධි අංශ ප‍්‍රධානීන් අවවාද කරන්නේ තව තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවයි. ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විමසිල්ලෙන් සිටින බුද්ධි අංශ කණ්ඩායමක අධ්‍යක්‍ෂවරිය වන රීටා කැට්ස් මහත්මිය පවසන්නේ අයිසිස් ආධාරකරුවන් ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් වන හානිය වැඩිවන තරමට අන්තර්ජාලය ඔස්සේ අත්පොළසන් දුන් බවයි.

ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමගම අයිසිස් මාධ්‍ය ජාලය ඉතා වේගයෙන් සිය උද්දාමය ප‍්‍රකාශ කළ අතරම ”අල්ලා දෙවියන් ඔවුන්ව පිළිගනිත්වා” යි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආශිර්වාද කළ බවද ප‍්‍රකාශ කර තිබේ. රීටා කැට්ස් මහත්මියගේ අදහස වන්නේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම බාරගැනීමට අයිසිස් සංවිධානය සූදානම් වන බවකි.

”එවන් වගකීම බාරගැනීමක් නවසීලන්තයේදී සිදුවූ වෙඩි ප‍්‍රහාරයට පිළිතුරු දීමක් ලෙසින් හුවාදැක්විය හැකි නමුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර මාලාව කලකට ඉහත සිටම සැලසුම් කරන ලද්දක් බව සිකුරුයි” යයිද රීටා කැට්ස් මහත්මිය කියයි.

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී කළ වෙඩි තැබීමක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් මිනී මැරීමේ චෝදනා 50 කටද මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 39 කට මුහුණ දී සිටී. මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ මාර්තු මස 15 වැනිදාය.

රොයිටර් පුවත් සේවයට අනුව ශී‍්‍ර ලංකාවේ වෙසෙන ඉහළම මුස්ලිම් පවුල් වල බොහෝ දෙනෙක් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අය වන අතරම අයිසිස් සංවිධානයේ සාමාජිකයෝ ද වෙති. ශී‍්‍ර ලංකාවේ මෙම ප‍්‍රහාරය දියත් වන්නේ අයිසිස් සංවිධානය ගෝලීය හමුදාමය කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමෙන් සති කිහිපයකට පසුවය.

‘පළිගැනීමේ කඩාවැදීම’ යනුවෙන් හැඳින්වෙන මෙම හමුදාමය කි‍්‍රයාමාර්ගය අයිසිස් සංවිධානය විසින් ආරම්භ කරනු ලබන්නේ සිරියාවේ ඔවුන්ට තිබූ භූමිය අහිමි වීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.

ශී‍්‍ර ලංකාවේ පොලිසිය මේ දක්වා 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔවුන් හඳුන්වා දෙනු ලබන්නේ ‘ආගමික අන්තවාදීන්’ ලෙසිනි.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සිදුවිය හැකි බවට වාර්තා වූ බුද්ධි තොරතුරු සහිත අනතුරු ඇ`ගවීමක් පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් දින 10 කට පමණ ඉහතදී පොලිසියේ ඉහළම නිලධාරීන් වෙත නිකුත් කරන ලද බව මේ වන විට මහත් ප‍්‍රසිද්ධියට පත් කාරණාවක් වී තිබේ. එහි ඉතාම පැහැදිළිව සටහන් වී තිබුණේ ප‍්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන ඉලක්කයක් විය හැකි බවයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් වන බව එහි සටහන් වී තිබිණ.

‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉතා ශී‍්‍ර ලංකාවේ කුඩා සංවිධානයකි. විශාල ප‍්‍රමාණයේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ කිසිවක් සටහන් වී නැත. එහෙත් පසුගිය වසරේදී බුදු පිළිම කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණ.

කතෝලිකයන්ගේ ආගමික දින දර්ශනයේ වඩාත්ම ශුද්ධ වූ දිනය වන පාස්කු ඉරිදා සිදුවූ මෙම ප‍්‍රහාර හේතුවෙන් මියගිය පිරිස අතර බි‍්‍රතාන්‍ය ජාතිකයෝ 8 දෙනෙක්ද වූහ. ඩෙන්මාර්ක් ජාතික ධන කුවේරයකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනෙකුද ෂැංග‍්‍රිලා හෝටලයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මියගිය අතර අනෙක් දියනිය අතුරුදන්ව ඇතැයි ඬේලි මේල් පුවත් පත අද (22) වාර්තා කළේය.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් මේ වන විට ෂැංගි‍්‍රලා හෝටලය වසා දමා තිබේ.

වසර 10 කට පෙරදී වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේදී සිදුවූ දරුණුතම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මෙයයි.

– lankadeepa

453 views

18 Comments to “ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…”

  1. who is behind isis ???

    *Nato* is god father isis, al-quida, and many more!
    do you know what is mean CIA ???
    cia is mother of all terroris!
    brithish/ usa is behind the attacks

    • RAVI K says:

      Your conment clearly shows you are muslim.
      Dont try to whitewash …ashame on you .

      • SARA says:

        Please STOP Murder in the Name of Allah
        Why do so many people pretend not to know what they know about Islam and its unique role in the world today?
        The Koran explicitly and repeatedly commands Muslims to engage in jihad or “holy war” whether they like it or not. “Jihad (holy fighting in Allah’s Cause) is ordained for you (Muslims) Muhammad regularly killed and beheaded unbelievers (e.g., the massacre of Banu Qurayza), made slaves of those he conquered but didn’t kill (he had many slaves), “married” (i.e., repeatedly raped) slave girls (e.g., Safiyah and Rayhana), raped children as young as nine years old (e.g., Aisha), and founded a religion in which all such behavior is regarded as morally great because the “Prophet” did it. You know this. I know this. Everyone paying attention knows this.Although Muslims have a right to believe whatever they want to believe—including the nonsense that “Allah” exists and is the source of truth and moral law—they do not have a right to act on their beliefs if doing so involves committing murder or otherwise violating rights. There is no such thing as a right to practice religious tenets that call for rights violations.There is NO Holy war in Islam! So what is Jihad? Jihad is struggle or effort

    • Karma says:

      Me miniha Muslim ekek. Mun hama minimarumakma karala USA saha Israel ratawalata warada patawanawa. thopi minimarala sawrgeta yanne naha apayata thamai yanne. Thamuse Islamic minimaruwanta support karana ekek neda. Thopita henagahanawa kalakanni jathiya

  2. බන්ඩා says:

    ඉස්ලාම් ආගම වෙනුවෙන් මරාගන මැරී දෙව්ලොව යන්න කැප වෙන උන් ජිහාඩියන් ලෙස කුරාණයේ හඳුන්වනවා. මේ වන විට සවුදියේ පුහුනුව ලත් (වහබි) මවුලවියන් විසින් ලංකාව පුරා ඇති මද්රාසා වල ජිහාඩියන් දහස් ගනනක් බිහිකර ඇත. පසුගිය දසක තුන තුල වහබි ජිහාඩියන් විසින් ලංකාවේ සම්ප්‍රදායික සූෆි සහ අහමඩි ඉස්ලාමිකයන් යටපත් කර ඔවුන්ගේ දේවස්ථාන ගනනාවකට හානි කලා. වහබි රැවුලන් සහ ගෝනිබිල්ලන් රිසි සේ ව්‍යාප්ත උනා. යහපාලන ආණ්ඩුව වහබි ජිහාඩියන් ආරක්ෂා කලා. ප්‍රතිඵල දැන් අප ඉදිරිපිට තිබෙනවා. වහබි ඉස්ලාමය පතුරවන්න වහබියනට කෙලින් සහ වක්‍රව අනුබල දුන් රාජිත මොහමඩ් වැනි පරගැති යහපාලකයන් හිරේ යැවිය යුතුය්.

    • Roshan says:

      Terrorism terrorists Saha damaanya janathaawa web karawa ganna beri nari tikak pachakelinne terrorists karapu dema jathika sewayak lease thawa Jana kotasakwa ta ilakkayak saadha desapremi wenna hadana Moda heththa

      • Roshan says:

        Ratak washayen neethiya Hari aakarawa yodha onema janakotaswala sitina mandabuddikayan mini marana vyri adahaskarana para ballan wa handunagena idiriyata yanna one….nikakang porawela desahithaisi wenna epa dharmaya kiyanne monawada kiyalawath danne nethuwa.

  3. sathya says:

    Whatever now the President has to take the responsibility of the incident as the Ministry of Defence was under him and he has acted in a very primary way on warnings.

  4. Karu says:

    මේ පත්තරය(Daily Mail) හරියාකාර කරුණු සොයා බල වැඩ කරන එකක් නොවන් වගට නම් චෝදනා තියනවා.

  5. john the baptice says:

    ගොනිබිල්ලා බුර්කය මුන් තමා පටන්ගත්තේ මෙය දැන් වහාම තහනම් කල යුතුය

  6. Sadu Banda says:

    Master Sathya ….comment on;
    What about that UNP Ranil Wicks ,CBK of Tamil federalist of SLFP as well as JVP and TNA also having responsibility of failure to address security by govt. by UNP RW.
    This team work of failure of whole govt. not only blame for that to MS is unfair!

  7. annaporjuna says:

    1. ISIS හැදුවේ ඇමරිකාවයි. ඒක අද ලෝකයම දන්නවා.
    2. දින 4 කට පෙර ලංකාවට ඇමරිකානු යුධ නැවු 2 ක් එනවා. තාමත් එක දකුණු වරායේ ගාල් කරලා
    3. දින 2 කට පෙර බෝම්බ පුපුරනවා
    4. Trump එන්නද අහනවා සහයට

    මේ ඔක්කොම කියෙව්වම කාට හරි අපිට වෙන්න යන දේ හිතා ගන්න පුලුවන්ද?

    • කොල්ලා says:

      හරිම සරලයි . අපි බලමුකො අම්මට සිරි ලංකාවේ සබුද්ධික ජනතාවට ඕක තේරේවිද නැත්තන් ආයෙමත් මහින්දගෙ රත්තරං අස්පයා සහ ගෝඨාගෙ මිනී මෝරා හොයන්න යාවිද කියලා .

  8. nalin says:

    Why ISLAM people cannot gether under Sri lankan as nation ?
    Why they they believe Muslim is their national ?

  9. Alapaluwa says:

    Very true Sudu Banda exactly it’s applies to everyone’s you have mentioned above! I’m not saying only MS shoul take responsibility of this bombing but as far as I concern he was the main culprit of this all scenario

  10. sakalabujan says:

    2018 දෙසැම්බර් මාසේ 26 වෙනිදා මෙයට සම්බන්ධ පළවෙනි සිදුවීම වාර්තා උනා මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු පිළිම කිහිපයක් හානි කර තිබුණා. ඒ වගේම දේවස්ථානවලත් යම් යම් හානි කිරීම් සිදු කළයි කියලා වාර්තා වෙලා තිබුණා. ඒවා ප‍්‍රභලව වාර්තා උනේ නැහැ. නමුත් එතනදි දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාගෙන් පටන් ගත්තහම එම දෙදෙනා පසු පස සංවිධාන ජාලයක් තිබෙන බව පෙනී ගියා. ඊට පසු අවස්ථාවේදී කබීර් හෂීම් ඇමතිවරයාගේ සහයකයෙකුට වෙඩි තැබුවා. ඊට පසුව ඒ අයගේ සිද්ධි දාමය හොයාගෙන ගියහම, පුත්තලම වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයේ පුහුණු කඳවුරක් සහ විශාල පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මේ සිදුවීම් සියල්ල සමග ගැටගැහිච්ච පුද්ගලයෝ තමයි අද මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස ඉන්නේ වෙන අය නෙමෙයි කියන එක දැන් ආරක්‍ෂක අංශ පෙන්වා දී තිබෙනවා.

Main News