ලංකාවේ මිල වැඩි කරද්දී ලෝක වෙළදපලේ ගෑස් මිල ඩොලර් 105කින් බහී.. නිල වාර්තාව මෙන්න..

April 29, 2018 at 9:20 am | lanka C news
ලංකාවේ මිල වැඩි කරද්දී ලෝක වෙළදපලේ ගෑස් මිල ඩොලර් 105කින් බහී.. නිල වාර්තාව මෙන්න..

කිලෝග‍්‍රැම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහල දැමීමට පාරිභෝගික සේවා අධිකාරිය විසින් අවසර දී ඇත.

ඒ අනුව 1431ක්ව තිබූ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1675කි.

මිල ඉහල දැමීමට හේතුව ලෙස පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම බවයි.

කෙසේ වෙතත් ලෝක වෙලද පලේ මිල දර්ශක අනුව ගෑස් මිල විශාල ලෙස මිල පහල යමින් තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් 580ක් ලෙස වූ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක් මේ වන විට ඇමරිකානු ඩොලර් 475ක් ලෙස පහල ගොස් ඇත.

123 views
Main News