ලංකාවේ යහපාලනය යටතේ මත්කුඩු පරිභෝජනය සීඝ‍්‍රයෙන් ඉහළට.. UN ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්තාව කියයි..

March 14, 2017 at 3:50 pm | lanka C news
ලංකාවේ යහපාලනය යටතේ මත්කුඩු පරිභෝජනය සීඝ‍්‍රයෙන් ඉහළට.. UN ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්තාව කියයි..

ශ්‍රී ලංකාවේ මෑතකදී විශාල වශයෙන් සිනි කන්ට්‍රෙනර් තුල පැමිණි මත්ද්‍රව්‍ය අල්ලා ගත් බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරන ලදි, එමෙන්ම රටේ රාජ්‍ය නායකයා වු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පලමු වරට මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කල ස්ථානයක් වූ කොළඹ වරාය පරිශ්‍රයට ගොස් ශ්‍රීලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීම රටේ මුදල් අමාත්‍ය රවි කරුනානායක මහතා සමඟ නිරීක්ෂණය කලේය.

එහෙත් මේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගෙනා පුද්ගලයා ඇතුළු පිරිස මේ වනවිට නිදහස් කිරීමට පොලිසියේ ඉහළම පාර්ශවයන් ක්‍රියාත්මක වී ඇති බැව් එක්තරා වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

ඒමෙන්ම එ.ජාතීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්ෂික වාර්තාව අනුව ශ්‍රීලංකාවේ මත්ද්‍රව්‍ය පරිභෝජනය ශ්‍රිඝ්‍රයෙන් ඉහළ යන බවද ඔහුන්ගේ නවතම වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දි ඇත.

මූලාශ‍්‍ර 01 02 03

33 views

3 Comments to “ලංකාවේ යහපාලනය යටතේ මත්කුඩු පරිභෝජනය සීඝ‍්‍රයෙන් ඉහළට.. UN ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩල වාර්තාව කියයි..”

  1. බන්ඩයියා says:

    යහපාලනය යටතෙ හැම දේම පහලට යන කාලෙ මදෑ යාන්තන් මත්ද්‍රව්‍ය වෙළදාමයි පාතාලෙ වැඩ කිඩ වත් ඉහල ගියානෙ. සතුටු වෙයල්ලා

  2. Mahasona says:

    ජනපති සහ මුදල් ඇමති කුඩු පරික්ෂා කර මුදා හරි නම් … විශාලතම මත්ද්‍රව්‍ය තොගය ගෙනා පුද්ගලයා ඇතුළු පිරිස මේ වනවිට නිදහස් කිරීමට හේතුව කුඩු ගෙන්වන්නේ මොවුන් දෙදෙනාගේ සහය ඇතුවද ? මෙය අපට ප්‍රශ්නයක් ?
    අද රටේ සිදුවන අපරාධ වලය යහපාලනය වගකිව යුතුයි

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

  3. ගමේජ් says:

    අර ගොන් රන්ජන් දවසක් TV එකට ඇවිත් වතුර වීදුරුවක් එහාට මෙහාට කරලා ඔප්පු කරා කුඩු වලට වගකියන්න ඕන රාජපක්ෂ වරු කියල.. ( ඌට චන්දෙ දුන්න වුන් කීපදෙනෙක් එක පිලිගන්න ඇති )

    කෝ දැන් ගොන් රන්ජන්, ඇයි ආයිත් වතුර වීදුරුවක් අරන් එන්නෙ නැත්තෙ ?

Main News