ලංකාවේ රැකියා නැත්තේ 364000ටයි.. ලක්ෂ පහකට රැකියා දෙන බව ආසියාවේ හොදම මුදල් ඇමති කියයි..
February 23, 2017 at 7:06 am | lanka C news
වත්මන් රජය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති යටතේ ඉදිරි මාස කිහිපයේදී තරුණ තරුණයින් සදහා රැකියා ලක්ෂ පහක් ලබාදීමට හැකි යයි මුදල් ඇමති රවී කරුණානායක මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ දිනයේදී මට්ටක්කුලිය ප්‍රදේශයේදී පැවති මුල් ගල තැබීමේ උත්සව සභාවක් අමතමිනි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මෑතකාලීන ආර්ථික ප්රවණතා වාර්තාවේ දැක්වෙන්නේ මෙරට රැකියා වියුක්තිය 364,000ක් බවයි.