ලංකාවේ විදේශ වත්කම් හොදටම හිදිලා.. ක්‍ෂණිකව සල්ලි හොයන්න නම් වංචා හොරකම් කරන්න, නිධන් කඩන්න, බැංකු කඩන්න වෙනවා… – ජනපති

September 18, 2016 at 2:57 pm | lanka C news
ලංකාවේ විදේශ වත්කම් හොදටම හිදිලා.. ක්‍ෂණිකව සල්ලි හොයන්න නම් වංචා හොරකම් කරන්න, නිධන් කඩන්න, බැංකු කඩන්න වෙනවා… – ජනපති

අද වන විට මෙරට විදේශ වත්කම් බොහෝ පහල බැස ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. මාළඹේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකාව ලෝක වෙළදපල තුල දශම එකකවත් නියෝජනයක් නොවන බවයි.

පසුගිය වසර 10-15ක කාලය තුල මෙරට දේශීය කර්මාන්ත කඩා වැටී ඇතැයිද කී ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීමට නම් දැනුමින් ආදායම් උපදවන ජාතියක් ඇතිකිරීමට දීර්ඝකාලීන සැලැස්මක් අනුව කටයුතු කල යුතු බවයි.

ක්‍ෂණික ප‍්‍රතිපාදන ලබා ගැනීමට අමාරැ බවත් ටික කාලයක් කැපකිරීම් කල යුතු බවද කී ජනාධිපතිවරයා පැය 24න් මාසෙන් දෙකෙන් ආර්ථිකය ගොඩදැමිය නොහැකි බවද කියා සිටියේය.

එසේ ක්‍ෂණිකව මුදල් සෙවීමට නම් වංචා, හොරකම්, නිධන් කැඞීම, බැංකු කැඞීම ආදිය කල යුතු යයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

210 views
Main News